ඇවිල්ලා ඇවිල්ලා රඹුටන් වාරය ඇවිල්ලා


Image

ඡායාරූපය – නන්දසිරි වන්නිනායක

රඹුටන් වාරය නැවතත් පැමිණ තිබේ. මෙයනම් මගේ පොකට් එකට බෙහෙවින්ම බලපාන කාරණයකි. ඒමන්ද, මගේ පුතා, අභිලාෂ් රඹුටන් කෑමට ඉතා අශා නිසාය. ඔහුට දිනපතා රඹුටන් සැපයීම අදින් ආරම්භ කළෙමි. රඹුටන් වාරය අවසන්වී ඇට ගැහිච්ච, ලොං හැලිච්ච ගෙඩි ඉතිරි වනතුරු මම දැන් නොකඩවා අභීට රඹුටන් සැපයිය යුතුය. මම එය ඉතා සතුටින් ඉටු කරමි.

අද රඹුටන් ගෙඩියක මිළ රුපියල් දහයකි. ගියවරද පටන් ගත්තේ ඔහොමය. ඒත් සති දෙක තුන යන විට ගෙඩියක් ශත පනහ දක්වා මිල බැස්සෙය. මෙවරත් එසේ වේවායි පතමි. එහෙත් පහුගිය වැසි දිනවලදී බොහොමයක් පැහුන රඹුටන් ගෙඩි බිම වැටී විනාශ වූ බවද කොහේ හරි කියවූවෙමි. ඒ නිසා මෙවර රඹුටන් මිළ අප කැමති තරම් පහලට නොයනු ඇත.

රඹුටන් වත්තකට ගොස් රඹුටන් කතාවක් ලියාගෙන ඒමට මම ඉතා කැමති උනත් තවම එහෙම අවශ්ථාවක් ආවේ නැත්තේ ඇයිදැයි මටම නොතේරේ. මම දැන් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිසා එය ඉතා පහසු කටයුත්තක් උනත් තවම රඹුටන් වත්තක් සමග තානාපති සබඳතා ගොඩ නගා ගැනීමට මම සමත් වූයේ නැත්තෙමි. කවුරුහරි එහෙම සබඳතාවයක් තියෙන අයෙක් සිටීනම් කරුනාකර මාව අමතන්නැයි මම ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.