රථවාහන පොලිසිය රථවාහන තදබදය වැඩිකරනවාද?


traffic police sri lanka

මම මෑතක් වෙනතුරුම සිතා හිටියේ රථවාහන පොලිසිය මංසන්ධිවලට යොදවන්නේ වාහන තදබදය වැඩිවනවිට බවත් ඔවුන් එම වාහන තදබදය අඩුකරන බවටය. නමුත් වසරක් පුරා දිනපතාම පාහේ කොළඹ නගරය පුරා කරක් ගසන මට එය එසේ නොවන බව තහවුරු වී ඇත. කොපමණ තදබදයක් තිබුනත් ස්වයංක්‍රීය රථවාහන සඥා එළි වලට අනුව රථවාහන ගමන් කරන්නේනම් වැඩි තදබදයක් නැතුව වාහන ගමන් කරතත් පොලීසිය යෙදූ සැනින් තදබදය ඉතා ඉක්මනින් ඉහළ යන්නේ සමහර නිළධාරීන් හිතුවක්කාරී ලෙස එක් අතකට පමණක් වාහන යොමු කරන නිසා බව මට පසක් වී ඇත. ඔබට විශේෂයෙන් සිකුරාදා දිනට මෙය කොලඹ නගරයේ අත්දැකීමට හැකිය.

රථවාහන පොලිසිය මහා මාර්ගවල රථවාහන හැසිරීමෙන් ඉවත් වන බවට පසුගිය කාලයේදී ප්‍රචාරය කළත් නැවතත් ඔවුන් යොදවමින් පවතී. ඔවුන් ඉවත් කළ කාළයේ කිසිදු කරදරයකින් තොරව ස්වයංක්‍රීය සංඥා මංසන්ධිවල රථවාහන පාලනය හරියටම කළේය. නමුත් නැවතත් කාගේ හෝ උවමනාවට පොලිස් නිළධාරීන් මේ කටයුත්තට යොදවා රථවාහන රියදුරන් අපහසුතාවයට පත් කරමින් තිබේ.

මෑතක සිට කොළඹ නගරය පුරා මංසන්දිවල ට්‍රැෆික් ලයිට් වෙනුවට පොලිස් නිළධාරීන් වැඩි වැඩියෙන් යොදවනු දකින්නට ලැබේ. පොලිස් නිළධාරින් යෙදූ විගස වාහන තදබදය අධික වේ. මෙ බව මේ වන විට අදාල අංශද දැනුවත් වී ඇති බවත්, ඒ නිසාම පොලිස් නිළධාරීන් මංසන්දිවල නොයොදන ලෙස තීරණයක් ගෙන තිබූ බවත් අසන්නට ලැබේ. එහෙත් කවුරු හෝ ඔලුබක්කෙකුගේ මුග්ධ තීරණයක් නිසා නැවතත් පොලිස් නිළධාරීන් වාහන හැසිරවීමට යොදවන්නට පටන් ගෙන තිබේ. මෙයින් අපහසුවට පත්වන්නේ අපය. කාට හරි පොලීසිය මහජනයාට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍යනම් ඔවුන්ටත් පොලිස් ස්ටාර් වැනි රියැලිටි ෂෝ එකක් කළ හැකිය. එසේ කර හෝ අපව මහපාරේ රස්තියාදු කරන එක නැවැත්විය යුතුය. ට්‍රැෆික් ලයිට් ඇති මංසන්දි වල නොව, පොලිස් නිළධාරීන් යෙදවිය යුත්තේ පාසල් වැනි තැන් වලත්, අතුරු පාරවල් ප්‍රධාන පාරට වැටෙන තැන්වලටත්ය. එසේ තිබියදී ඔවුන් ස්වයංක්‍රීය ට්‍රැෆික් ලයිට් ඇති මංසන්දිවල යෙදවීමෙන් මුළු රථවාහන පොලීසියම මහජනතාවගේ උසුළු විසුළු වලට ලක්වේ.

හොඳම දෙයනම් හැකි ඉක්නම්ණින් මොරටුව විශ්ව විද්‍යාලය ලවා හෝ හරි හමන් සමීක්ෂණයක් කරවාගෙන (මොරටුව විශ්ව විද්‍යාලය රථවාහන සම්බන්ධ සාර්ථක සමීක්ෂන මීට පෙරද කර ඇත) මෙහි සැබෑ තත්වය හඳුනාගෙන වඩා කාර්යක්ෂම පොලීසියද, එසේත් නැතහොත් ස්වයංක්‍රීය මාර්ග සංඥාද යන්න බේරාගත යුතුව ඇත.

2 thoughts on “රථවාහන පොලිසිය රථවාහන තදබදය වැඩිකරනවාද?

  1. හොද ලිපියක්. අපි ඇහැව්වා ‘What is the main cause of traffic jams?’. එකේ නම් පොලීසිය අවේ දෙවෙනි තැනට. මෙතන ලින්ක් එක දන එක හරි නැනේ යට අපේ facebook පිටුවට ගිහිල්ල එක බලලා කැමති නම් චන්දයක් දන්නා පුළුවන්

    Like

    • ඡන්දය දැනටමත් දීලයි තියෙන්නේ. මමත් හිතන්නේ මේ ගැන හොඳ හඬක් නගන්න ඔනේ කියලයි.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s