සිරි පැරකුම් නැරඹුවෙමි. මෙවැනි අවර ගණයේ චිත්රපටියක් වෙනුවෙන් බ්ලොග් පෝස්ට් එකක් ලිවීමද කාළය නාස්ති කිරීමකි. එහෙත් චිත්‍රපටය බලන්නට පෙරම බ්ලොග් පෝස්ට් එකක් ලිවීමට සිතාගෙන සිටි නිසා ලියන්නෙමි.
මට ලොකුම ප්‍රශ්නය ඇත්තේ අධ්‍යක්ෂ සහ නිෂ්පාදිකා දෙදෙනාම මෙය “අති දැවැන්ත” චිත්‍රපටයක් ලෙස නම් කිරීමත්, ඒ නිසාම පිටපත් වැඩි ගණනක් පෙන්වීමට උවමනා බවත් කීමය. මෙහි ඇති අති දැවන්ත බවක් චිත්‍රපටයේ කිසිම තැනක නොපෙනේ. එසේම මෙයට විශාල මුදලක් වියදම් වූ බවක්ද නොපෙනේ. ඉතාම දුර්වල පසුතල පාවිච්චි කරමින්, දුර්වල හඬ පරිපාලනයක් සහිතව, දුර්වල කතා පිටපතක් ඔස්සේ නිමවා ඇති මෙහි අති දැවැන්ත කිසිම දෙයක් මටනම් නොපෙනේ.
මුලින්ම අහේනියට ලක්වූ රජ මැඳුරත්, රජතුමාගේ බංකොලොත් අන්තඃපුරයත් පෙන්වයි. අන්තඃපුරයට ළඳුන් තෝරන විට සෝමරත්න දිසානායක එක්කො චිත්‍රපටයේ වියදම් අඩු කර ගැනීමට අවලස්සන ගෑනුන් යොදාගත්තා විය යුතුය. එසේත් නැතිනම් ඔහු අසිහියෙන් සිටියාදැයි සැක සිතේ. අප්‍රිකානු ගෝත්‍රික රජ කෙනෙකුට වුවත් මීට වඩා සුන්දර ලලනාවන්ගෙන් යුතු අන්තඃපුර තිබේ. හවසට ගාමන්ට් එකක් ඇරෙන තැනක සිටියානම් සෝමරත්න දිසානායකට මීට වඩා ලස්සන යුවතියන් පිරිසක් සොයාගත ගැකිව තිබිණි.
චිත්‍රපටයේ ඇති එකම ගුණාත්මක දෙයනම් කුඩා ළමයාගේ (ප්‍රමුදිත උදයකුමාර) ආකර්ෂණීය පෙනුමත්, පෞරුෂයත්, කුඩා ළමයා හා සම්බන්ධ දර්ශනවල ඇති අලංකාරත්වයත් පමණි. මෙම කුඩා ළමයාගෙන් එහාට හෝ මෙහාට චිත්‍රපටයේ කිසිම සුන්දරත්වයක්, නිර්මාණශීලී ගුණයක් දක්නට නැත. චිත්‍රපටය තවදුරටත් “ඇදගෙන යාමට” අවශ්‍ය නම් මෙම දරුවා තව දුරටත් කාලයක් යොදා ගැනීමට තිබුණි. මැදින් බලෙන් එබ්බවූ කොලු ගැටයා (සචින් චතුරංග) ළාබාල පරාක්‍රමබාහුට කිසිම නෑකමක් දකින්නට නැති, කාල වර්ණ කොලුවෙකි. අව්වට පිච්චුනත් අර හුරතල් කොලුවා මේ තරම්ම කළු විය නොහැක.
පාලිත සිල්වා රජතුමාගේ චරිතයට රඟපෑවත් එහි කිසිම විශේෂ ගුණයක් නොමැත. ටෙලිනාට්‍යවලදි ඔහු මීට වඩා හොඳට රඟපායි. රජ වාසල අනෙකුත් අයද නිකම්ම නිකම් විහිළුකාරයන් පිරිසක් වැනිය. චාන්දනී සෙනෙවිරත්න වැනි පළපුරුදු නිළියකගෙන්වත් හරියට වැඩක් ගෙන නැත.
ජැක්සන්ගේ පුතා (අකිල ධනුද්දර) ද චිත්‍රපටය තුළ විශේෂ යමක් නොකරයි. තාත්තාගෙන් ඔහුට තවම ලැබී ඇත්තේ ඒ ගාම්භීර කටහඬ (දැන් කඩේ යාමට පාවිච්චි කළත්) පමණි. සෙනාලි ෆොන්සේකා සිරිමල් එතනාගෙ චරිතයට මටසිළුටු වැඩි ගතියක් පෙනේ. ඇයගෙන්ද චිත්‍රපටයට ලැබෙන්නේ අතිශයින්ම සාමාන්‍ය දායකත්වයකි.
සන්තෝශ් ෂිවාන්ගේ “අශෝක” වැනි චිත්‍රපටියක් අපට අපේ අධ්‍යක්ෂවරුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක. එහෙත්මෙවැනිම වූ කතාවක් ජයන්ත චන්ද්‍රසිරි “අග්නි දාහය” හරහා කළ අපූර්වත්වය මෙනෙහි කරන්න. එම කාලයේ පාවිච්චි කරන්නට ඇතැයි සැලකුණු භාෂා ව්‍යවහාරය, සංස්කෘතිය, ඇඳුම් පැළඳුම් වැනිදෑ ඔහු නිර්මාණය කර තිබුණේ බොහෝ පර්යේෂණ කොට බව බැලූ බැල්මටම පෙනේ. එහෙත් සෝමරත්න දිසානායකත්, රේණුකා බාලසූරියත් කර ඇත්තේ කොහෙන්දෝ ගත් කතාවකට සුන්දර ළමා චරිත කිහිපයක් හඳුන්වා දී ඔවුන්ගේ පිහිටෙන් ගොඩ යාමය. කථාවේ ගුණාත්මකභාවයටවත්, විශ්වසනීයත්වයටත් කුමක් වන්නේදැයි මොවුන් කිසිම තැනකදී කරදර වූවා යැයි නොපෙනේ.
ඔව්. මාත් ඊයේ තමයි බැලුවේ. දැවැන්ත බව කොහෙද තිබුනෙ කියන එකනම් ප්‍රශ්නයක් තමයි.
LikeLike
මෙහෙම කියන්න,
මෙයට සාපේක්ෂව ඔබ දැවැන්ත හෝ සාර්තක යැයි යෝජනා කරන චිත්‍රපට කිහිපයක් හෝ එකක නම් යෝජනා කරන්න?
LikeLike
ප්‍රශ්නෙකට තියෙන්නෙත් ඕකම තමයි. ටයිටස් තොටවත්තගේ හඳයාගෙන් පස්සෙ අපට හොඳ ළමා චිත්‍රපටියක් ආවේ නැහැ. (සෝමරත්න-රේණුකාගේ චිත්‍රපට ළමා චිත්‍රපට නොවෙයි තමා.) මගේ පුද්ගලික මතය නම් බූඩි කීර්තිසේනගේ “සිහින දේශයක්” එකෙන් පස්සෙ හොඳ සිංහල චිත්‍රපටයක් ආවේ නැහැයි කියන එක. අසම්පූර්ණ කතාවක් වුණත් ජැක්සන් ඇන්තනීගේ “අබා” දැවැන්ත චිත්‍රපටියක් කියන්න පුළුවන්.
LikeLike
වනවදුල…දැවැන්ත නොවුනත් බඹර වලල්ල බැලුවද?දැවැන්ත චිත්‍රපටි නිර්වචනය කරන්නේ කොහොමද?ඇත්තටම මට ටියුෂන් පාරක් දෙන්න.
LikeLike
දැවැන්ත කිව්වම බලල යමක් කමක් ගන්න පුලුවන් වර්ගයේ එකක් කියමුකෝ…
බඹර වලල්ල හොදා…යි… සූරිය අරණ? ඊටත් වඩා හොදා….යි!!
LikeLike
මා සිරි පැරකුම් බැලුවේ නැත. බැලීම සදහා චිත්තරපටි ශාලාවකට යනේද නැත. මුලික වශයෙන් මෙම චිත්තරපටියේ පුර්ව ප්‍රචාරක පටිය බලු විට මෙම චිත්තරපටිය බැලිය යුතුයි කියා මට හැගුනද, එහෙත් මෙම චිත්ත්‍රපටි අධ්‍යක්ෂකවරයා මෙම චිත්ත්‍රපටිය ප්‍රදර්ශනය කලේ තව ඔහු මෙන් ඉතා මහන්සියෙන් හා ආදරයෙන් සදා නිමකල් චිත්ත්‍රපටි 28ක් පොලිම්නේ තිබයදිය. සමාජයේ සැමට පොදු සාධාරණත්වය ගැන හා අප සමාජයේ ඇති විශිෂ්ටත්වය ගැන නිතරම පුරසාරම් දොඩන මෙහි අධ්‍යක්‍ෂක හා නිෂ්පාදක වරිය තමන්ගේ මැඩිය තරකරගැනීමට තවත් ඔහුන් මෙන් ලංකික චිත්තරපටියට පෙම්බදී කලාකරුවන් 28 දෙනෙක් බෙලෙන් අල්ල පස්සට ඇදදමිම මා අනුමත නොකරන අතර මෙම චිත්‍රපටි 28 ට ඇතුලත බොහෝ විට අතේ අප ලංකික සිනමාවේ හෙට දවස විය හැකිය. අහිංසක සෝමේ මාමා යයි කියාගන්න මෙම පුද්ගලයා කරනේ ලංකාවේ හෙටදවස ගැන නොසිතා තමන්ගේ සකුව පුරවගන්න පහත ගනයේ ක්‍රියාවකි..
LikeLike
Wanni,
I saw this last month whil we were visitng SL. I have to agree with your analysis. This could have been a good kids movie but it is not.
LikeLike
වන්නි කියන කතාව සහතික ඇත්ත. මේ හැමදේකින්ම ලෙහෙසියෙන් ගැලවෙන්න තමයි චිත්‍රපටිය පටන් ගන්න කලින්ම “මෙය ඉතිහාස කතාවක් නොවේ… ඉතිහාසයට කිසිම සම්බන්දයක් නැතේ ” යනුවෙන් සඳහන් කරන්න තීරණය ගන්න ඇත්තේ. එතකොට මේක කැරෝකි කෙල්ලෝ ඉන්න විකට රාජධානියක් වුනත් කමක් නැහැ. කොහොම වුනත් නොවුනත් මෙය පොඩි ළමයින්ට රසවත් චිත්‍රපටයක්. දැවැන්ත බව හෝ වියදම් කලා යැයි කී මුදල් අමතක කළහොත් ජැක්සන් ගේ පුතා හරක් එක්ක කොමියුනිකේට් කරන අවස්තාව වෙනකන් ඉවසන් බලන් ඉන්න පුළුවන් චිත්‍රපටියක්. මේවගේ සාමාන්‍ය චිත්‍රපටියක් අබා වැනි හොඳ සිනමා නිර්මානයක් සමග කිසිසේත් සසඳන්න පුළුවන් කමක් නැහැ.
LikeLike
ජැක්සන්ගේ පුතාට ඩබ් කරේ ජැක්සන් කියලා මම කොහෙද දැක්කා.
LikeLike
පර සිරිකුම්
ගාතක පුරාවත බලයෙන් මැඩලනවා
මාවත ෆැසිස්ට් කම නූලෙන් අඹරනවා
ජාතක පොතේ පිටු ඉරමින් නලියනවා
ආතකපාත නැතිවුන් සිනෙකරු වෙනවා
පන්දන් යසස ලබමින් හිස් ගැත්තෝ
බලයන් සමග ලගිමින් පුස් මැක්කෝ
නළුවන් විලස නටමින් මස් බැද්දෝ
සුන්බුන් කරන ධනයන් පස් වෙත්දෝ
අවසඳ බස දෙසා පෙර මතුවෙනවා
සකිසඳ නස නසා සැම වළකනවා
එමසඳ රස කලාවම වනසනවා
පුන්සඳ යස ළමාකම විකුණනවා
සොරකම් මරණ අළු යටටම යවවන්නා
හිමිකම් සරණ සරු නීතියම එළවන්නා
පොරකම් වරුණ හෙළු මාධ්‍යම වපුරන්නා
පැරකුම් තොරණ මුළු තිරයම පුපුරන්නා
කලක් පුරා තරවී ටෙලිනිස ඇතුළේ
හරක් ලෙසේ ගැවසී ශ‍්‍රිලනිප ගෙපිලේ
කරක් ගසා මත්වී රජගෙය මිදුලේ
පොරක් වෙලා මතුවී මීඩියා කබලේ
උඬගු කමයි බොරු හස රඳවාන පිරි
මහන්සිවෙයි ගරු සිනෙ අටවාන බැරි
සරාගිකයි සරු ලියො දුටුවාම නිලි
නපුන්සකයි දරු ඵල නොලැබුවා බිරි
උණුසුම තිබුණ කාලෙට යුධ චරියාව
ඇටවුම කරන සාරෙට ඇද සරෝජාව
හොරකම දන්න සූරෙට බැඳ කැමරාව
රැවටුම නුවන මාරෙට බොළඳ ජනතාව
සූරිය අරණ සිරි රජ නෙක නම් වලින්
භූමිය දෙරණ පුරවන සමනල තටුවලින්
අරමුණ රැඳුන තැන මුදලට ගිජු කමින්
පැරකුම් පරණ තිරගතවෙයි පන්දමින්
ගරිල්ලි
LikeLike
Pingback: මහරජ ගැමුණු නැරඹුවෙමි. | Nanda Wanninayaka