නැත්ත වෙනුවට ඇත්ත – විමල් වීරවංශ


Image

විමල් වීරවංශගේ “නැත්ත වෙනුවට ඇත්ත” කියවීමට ලැබුණා. මේක උසාවි නියෝගයක් මත අලෙවිය තහනම් වුවත් තහනම් කළ අලුතම මට හමුවූයේ සලාකා එක ළඟ පොත් විකුණන මනුස්සයකුගෙන්. මේක කියවීමෙන් මම නීතිය කඩ කළාද දන්නෙත් නැහැ.

පොතේ තියෙන්නේ වීරවංශ 2008දී ජවිපෙන් අයින් කළ විගසම වගේ හදීසියේ සංස්කරණය කළ ලිපි කිහිපයක් සමග ඔහු ජවිපෙත් සමග විරසකයක් වීමට හේතු වූ කරුණුයි. මමත් හිතන්නේ නම් වීරවංශ ඒ වෙලාවේ දරපු මතය හරි කියලයි. අලුත පත්වූ ආණ්ඩුවේ ඇමතිකම් කිහිපයක් අරගෙන ආණ්ඩුවේ සහකාරයන් විදියට තව කාලයක් හිටියනම් ජවිපෙට මීට වඩා දුරක් යන්නත්, ආණ්ඩුවේ කටයුතු මේ තරම් නරකට යා නොදී යම් දුරකට පාලනය කරන්නත් තිබුණා. පසු කාලෙක ජවිපෙ අගමැතිවරයකු පත් කර ගැනීම දක්වාත් යන්න තිබුණා, ආණ්ඩුවත් එක්කම සහයෝගයෙන්. ඒත් ජවිපෙ කාගේ මතයකට හෝ ඒ වෙලාවෙ අන්තවාදී විදිහට හැසිරීමෙන් ඒ ස්වර්ණමය අවස්ථාව අහිමි වුණා. ජවිපෙ උපායශීලීව කටයුතු කළානම් හිට්ලර් ජර්මනියෙ චාන්සලර් වුණ ක්‍රමයටම බලයට එන්නත් තිබුණා.

මම කියන්නේ නැහැ ජවිපෙ සර්ව සම්පූර්ණ පක්ෂයක් කියල. ඒ ගොල්ලන්ගෙත් ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒත් තරමක් හෝ දූෂණය අඩු, තරුණ බුද්ධිමතුන් හිටි පක්ෂයක්. ඒත් එයාලගේ මුග්ධ තීරණ නිසා පක්ෂය සීසීකඩ විසිරිලා ගියා.

තව පොඩ්ඩෙන් පොත ගැන කතා කරන්න අමතක වෙනවා. පොතේ තියෙන්නේ වීරවංශ පක්ෂ අභ්‍යන්තරයත් එක්ක ගනුදෙනු කළ ලිපි රාශියක්. සාමන්‍යයෙන් ජේවීපී එකේ ලියවිලි වෙහෙසකර ලෙස දිගයි. මේ පොතේ තියෙන්නෙත් ඒ වගේම දීර්ඝ ලියැවිලි.

මම දන්න තරමට නම් මේ පොත සම්බන්ධ නඩුව තවම නිමවී නැහැ. ඒත් ඉතින් තව දුරටත් ඔකෙ නඩු කියලා හංගන්න දෙයකුත් නැහැනේ. එළිවෙන්න ඔනේ දෙවල් ඔක්කොම වීරවංශයි, පෙරටුගාමියොයි, සන්ඩේ ලීඩරුයි, ඉරුදිනයි එළි කරලා ඉවරනේ.

7 thoughts on “නැත්ත වෙනුවට ඇත්ත – විමල් වීරවංශ

  1. ඔහේගේ බ්ලොග් එක කොත්තුවේ තීලා දැක්කේ. හරිම සරළයි. බොහොම රහයි.. ජයවේවා…

    Like

    • බුදු අම්මෝ…… කමෙන්ට් එක මාතලන්ගෙන් කියලා දැක්ක ගමන්ම මම බය වුණ තරමක්……. හිතුවෙම හොඳටම දෙහි කපලා ඇති කියලා. ඔයා වගේ කෙනෙක්ගෙන් හොඳක් අහනවා කියන්නේ බොහොම දුර්ලභ දෙයක්නේ. ළඟදියි සිංහලෙන් ලියන්න පටන් ගත්තේ. ඒත් තවම හිතුවක්කාර යුනිකෝඩ් එක්ක දඟලනවා. හරියට මේක වේගෙන් ටයිප් කරන්න කියලා දෙනවනම් මීට වඩා ලියන්න පුළුවන්.

      Like

      • හික්ස්.. අයියෝ මම පූස් පැටියෙක් වගේ පොරක්….

        දිගට ලියන්න එපා.. කතා ගේ කතන්දර උනත් බොහොම රහ කෙටි නිසා.. මට ඒ ටැලන්ට් එක නෑ.. මගේ සින්ඩියටත් දැම්මා..

        Like

      • ස්තුතියි සින්ඩියට දැම්මට. මමත් හිතන්නේ අන්තර්ජාලෙ කියවන අය ඇ4 කොල බාගෙකට, තුන් කාලකට වඩා එහා කියවන්නේ නෑ කියන මතයෙ තමයි. ඒ නිසා කෙටි කරනවා. ඒත් එතකොට ලියන දේ සමතුලිත කරන්නත් අමාරුයි. කෂ්ටියකට ඒකෙන් තද වෙන්නත් පුලුවන්. “නැත්ත වෙනුවට ඇත්ත” ගැන ලියපු එකට විනී හෙට්ටිගොඩට ටිකක් රිදිලා වගේ. මගේ පෝස්ට් එක ටිකක් විතර වෙනස් කරල ෆේස්බූක් එකේ දාලා තිබුණා. මම විමල්ගේ නුගුණ ටිකක් ඒකෙ ලිව්වෙ නැත්තේ පෝස්ට් එක දිග වැඩි වෙන හින්දා.

        Like

  2. වෙල්කම් කිව්ව වන්නි
    තොරතුරු තාක්ෂන ලොකෙටනම් වන්නි අලුත් කෙනෙක් නෙවි නෙ ඒත් මොකද සිංහල බ්ලොග් ලොකේ දකින්න හිටියෙ නැත්තෙ. මාතලන්ගෙ සිංඩිය පැත්තෙ අවිදින කොටයි දැක්කෙ බ්ලොග් එක එල්ලල තියෙනව. මතලන් ගොයියටත් තැන්කු කිව්ව මේව්ගේ ඒව අපිට පෙන්නනවට අර අරුගෙ ලොකෙත් එළ ට ලියනව.. කොහොම හ‍්රි අයෙත් සිංහල බ්ලොග් ලෝකෙ පනගහල එනව වගේ.
    ජයවේවා දිගටම ලියන්න.

    Like

    • මලිත්,

      මම මව් භාෂාවෙන් ලියන්න ආසයි. ඒත් යුනිකෝඩ් හරඹය අමාරු නිසයි ලියන්න ටිකක් හොර. ඉස්සර විජය පරිගණක සඟරාවට සිංහලෙන් චිත්‍රපට විචාර ලිව්වා. ඒක කරෙත් අත් අකුරෙන් ලියලා ස්කෑන් කරලා යවන එක. ඒත් දැන් නම් ටිකක් ඔයාලගේ කමෙන්ට්ස් එනකොට ලියන්න ආශා හිතෙනවා. දිගටම ලියන්න බලන්නම්.

      Like

  3. නන්දේ….මටත් ඕක ලැබුනා ඒ දවස්වල.ලියකියවිලි මිටියක්.මම හිතන්නේ …ජේවිපි එක තව දුරටත් ආන්ඩුව එක්ක හිටියානම් විමල්ට දැන් වෙලා තියෙන ටිකමයි වෙන්නෙ.හිටගෙන නිදාගන්න.ජේවිපියට චන්ද නැතිබව මොහොතකට අමතක කරන්න.arugeadaviya.wordpress.com

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.