වන ගත ළමෝ කියන්නේ දොන් පීටර් පියතුමා ඉතාම සිත් ඇදගන්නා සුළු ශෛලියකින් ලියූ ළමා නවකතාවක්.
කොළඹ ඉගෙන ගන්නා ලාල්, තිලක්, අජිත් තුන්දෙනා වියළි කලාපයේ කැලෑවක අතරමං වෙනවා. ලාල් තමයි කතාව කියන්නේ. එතන ඉඳන් තියෙන්නේ කැලෑවේ ජීවිතය රැකගන්න තුන්දෙනා කරන උත්සාහයත්, සතුන් නොමරා පලතුරු, මීපැණි වගේ දේවල් වලින් පමණක් ජීවිතය ගැටගහගන්න කරන වීරියත්, කරදර මැද්දේම විනෝදයෙනුත්, සමගියෙනුත් කැලයේ ජීවත්වෙන අයුරුත්. පස්සේ අහම්බෙන් හමුවන මිනිසකුට හසුව ගමකට එන අයුරුත් මාස ගණනාවකින් බත් කෑමට ලැබෙන අයුරුත් කියැවෙනවා. පස්සෙ ලාල් උපක්‍රමශීලීව පොලීසියකට යනවා. පොලිස් නිලධාරියා වැද්දෙක් යයි සිතා ලාල්ව නොසලකා හරිනවා. එවිට ලාල් ඉංග්‍රීසියෙන් පොලිස් නිලධාරියාට කතා කරනවා. පස්සෙ යාළුවෝ දෙන්නා ගැනත් විස්තරය කියලා, තුන් දෙනාම කැලයෙන් බේරී නැවත දෙමාපියන් අතට පත්වෙනවා.
කතාව දිගයි. ඒත් කතාව හරිම රසවත්. මම කිහිපවරක්ම කියවලා තියෙනවා. අදටත් ඒ රසය එසේම විඳින්න පුළුවන්. ඒ නිසා ඔබගේ දුවට පුතාට නිර්දේශ කරන්න පුළුවන්. කිසිම සැකයක් නැතුව එයාල ඒක හොඳින් රසවිඳීවි. වෙළඳපොළේ මේ පොතේ අළුත් මුද්‍රණයන් හොයා ගන්න අමාරු වෙන්නෙත් නැහැ.
මේ පොතේ දෙමළ පරිවර්තනයකුත් දැන් තියෙනවා.