කරුණාසේන ජයලත් බඹා කෙටූ හැටි ලිව්වේ ඔහුගේ වඩා ජනප්‍රිය “ගොළු හදවත” නව කථාවේ දිගුවක් ලෙසය. ගොළු හදවත තරම්ම නැතත් මෙයද පාඨකයන් අතර සෑහෙන ජනප්‍රියත්වයක් ඉසුලුවේය.
බඹා කෙටූ හැටි කථාවෙන් විස්තර කෙරෙනුයේ අහිමි ප්‍රේමයෙන් සුගත් කොතරම් දුක් විඳිනවාද යන්නය. උසස් අධ්‍යාපනයද අතහැර බීමතින් රස්තියාදුවට වැටෙන ඔහු මෙවන් තත්ත්වයනට මුහුණදෙන බොහෝ තරුණයන් මෙන්ම තමන්ගේ සියලුදේ අහිමි කරගන්නේ අවංක ප්‍රථම ප්‍රේමය අහිමිවීම නිසාය. දම්මි සුගත් ගැන දුක් වුවද ඇගේ ජීවිතය අවුල්කර නොගනී. හරියටම සමාජයේ ජීවත්වන බොහෝ ගැහැනුන් මෙනි. ඔවුන් ඔවුන්ගේ ජීවිතය කඩා වැටෙන්නට නොදී රැක ගැනීමට දක්ෂය. එය වැරද්දක් නොවේ. විය යුත්තේද එයයි.
කෙසේ හෝ සුගත්ගේ ජීවිතය නැවත ගොඩ දමන්නේ ඔහුගේ සොහොයුරා සහ ඔහුගේ බිරිඳයි. මේ සඳහා ඔවුන් නොගන්නා උත්සාහයක් නැත.
අවසානයේදී සුගත්ට ගැලපෙන සහකාරියක් හමුවේ. එයින් ඔහුගේ මුළු ජීවිතයම එළිය වූ බවක් අදහස් නොකෙරේ. දම්මි ගැන ඇති ස්නේහය ඔහුගෙන් කිසි දිනක නැති නොවේ. එය ඉතා ඉක්මනින් නැතිවී යන්නේ සුගත් ඇත්තටම දම්මිව කසාද බැන්දානම් පමණි.
Pingback: ගොළු හදවත – කරුණාසේන ජයලත් | Nandasiri Wanninayaka