ගුරු ගීතය – දැදිගම වී රුද්‍රිගු – චිංගීස් අයිත්මාතව්


ගුරු ගීතය - දැදිගම වී රුද්‍රිගු - චිංගීස් අයිත්මාතව්

ගුරු ගීතය – දැදිගම වී රුද්‍රිගු – චිංගීස් අයිත්මාතව්

චිංගීස් අයිත්මාතව්ගේ Duishen නවකතාව දැදිගම වී රුද්‍රිගු විසින් “ගුරු ගීතය” ලෙස ඉතාමත්ම සුන්දර ලෙස පරිවර්තනය කරලා තියෙනවා. මේ පොත බොහෝ කාලයක් තිස්සේ ගුරුවරුන් සහ ගෝළයන් විසින් එකසේ රසවිඳි පොතක්.

රුසියන් විප්ලවයේ ආරම්භක කාලයේදී යුද හමුදාවේ යන්තම් අකුරු ලියන්නට හා කියවන්නට හැකිවූවන් පවා යොදා ගනිමින් අධ්‍යාපන විප්ලවයක් කළ අයුරු තමයි මේ පොතෙන් කියවෙන්නේ. සාර් වරුන් විසින් අනුකම්පා විරහිත ලෙස සූරා කෑ රුසියාව වගේ විශාල රටකට අධ්‍යාපනය ලබාදෙන එක සෝවියට් ආණ්ඩුවට කොතරම් අපහසු වුණාද යන්න මේ පොතෙන් මැනවින් පැහැදිලි වෙනවා.

මේ පොත සෝවියට් ආණ්ඩුව විසින් හුදෙක් ප්‍රචාරත්මක කෘතියක් ලෙස දොරට වැඩුවත් ඒක අපේ රටේ බොහෝ දෙනාගෙ ආත්මය බවට පත්වී තිබෙන්නේ අපේ රටේ දුයිෂෙන් වැනි ගුරුවරුන් තවමත් ඉන්න නිසා වෙන්න ඇති. ඒ වගේම අල්තිනායි වැනි මුල අමතක කරන ශිෂ්‍යාවනුත් ඇති පදමට ඉන්නවා. ඒත් අල්තිනායි ගැන පොතේ අවසානය තෙක්ම ඇතිවන්නේ දුකක් මිස තරහක් නොවෙයි. මේක තමයි බොහෝ හොඳ ගුරුවරුන්ගේ ඉරණම. කාලෙත් එක්ක ඔක්කොටම අමතක වෙලා යනවා.

අල්තිනායිගෙ සිතේ දුයිෂෙන් ගැනත්, දුයිෂෙන්ගේ සිතේ අල්තිනායි ගැනත් ගුරු ගෝල සබඳතාවට එහා ගියපු ප්‍රේමයක සේයාවක් සමහර තැන්වලදී පෙනුණත් ඒක මතුවෙන්න නොදී යටපත් කිරීමට රචකයා සමත්වෙලා තියෙනවා.

ගුරු ගීතය ගැන මගේ කෙටි විග්‍රහයට වඩා හොඳ විග්‍රහයක් මෙතන තියෙනවා. නොවැරදීම කියවන්න.

2 thoughts on “ගුරු ගීතය – දැදිගම වී රුද්‍රිගු – චිංගීස් අයිත්මාතව්

  1. Pingback: Duishen – Chingiz Aitmatov | Nandasiri Wanninayaka

  2. අනේ ඒ පොතේ තියෙන්නේ වෙන තේරුමක්,
    හරියට ගම්පෙරලිය කියන්නේ නන්දා කියල වල්ලව්වක සුරුපිනියක්
    ගැන කියන කතාවක් වගේ මේක …

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.