හරි පුදුම ඉස්කෝලෙ – ලීලානන්ද ගමාච්චි – තෙත්සුකෝ කුරොයානගි


හරි පුදුම ඉස්කොලේ

හරි පුදුම ඉස්කොලේ

තෙත්සුකෝ කුරොයානගි Tetsuko Kuroyanagi ලියූ, ලීලානන්ද ගමාච්චි පරිවර්තනය කළ “හරි පුදුම ඉස්කෝලෙ” (Madogiwa no Totto-chan – Totto-Chan: The Little Girl at the Window) අහම්බෙන් කියවීමට ලැබුණේ පූරුවේ පිනකට. මේ තරම් අපගේ හදවත්වල පතුලට ගිය මෙවැනි මතෘකාවක් ආවරණය කළ පොතක් තව තියෙනවද කියල හිතෙනවා. මැට්ටන්, ගොබ්බයන් ලෙස පාසල්වලින් කොන් කර දමන දරුවන් තුළ මොනතරම් නිර්මාණශීලී අදහස් තියෙනවද කියල දැනෙන්නේ මේ වගේ පොතක් කියෙව්වම. ටොට්ටො චං වැටෙන්නෙත් මම මුලින් කී දරුවන්ගේ ගොඩට. එවැනි දැරියකගේ හැකියාවන් හන්දුනාගෙන නිවැරදි අධ්‍යාපනය ලබාදෙන කොබයාෂි වැනි ගුරුවරුන් නැත්තෙමත් නෑ.

කෝච්චි පෙට්ටි ඉස්කෝලේ කියපු ගමන් මගේ හිත යන්නේ අනුරාධපුරේ නිවත්තකචේතිය මහා විද්‍යාලයේ ප්‍රාථමිකයට. ඒක තියෙන්නෙත් දුම්රියපොළේ ගොඩනැගිල්ලකලු. මම නිවත්තකේ අවුරුද්දක් ඉගැන්වුවත් ප්‍රාථමිකේ පැත්තේ යන්න ලැබුණේ නෑ එක දවසක්වත්.

මේ සොසාකු කොබයාෂි චරිතය අද බොහෝ ගුරුවරුන්ට ඉතා හොද ආදර්ශයක්. ටොට්ටො චං ගේ අම්මා එයාව මුලින්ම කොබයාෂි ළඟට එක්කන් ගියහම කොබයාෂි චංගේ තොරතෝන්චියක් නැති කතාව අහගෙන හිටපු හැටි පුදුමයි. අද කාලෙ ගුරුවරුන්ට මෙය කළ හැකිද යන්නත් හිතා ගන්නට බෑ.

කොබයාෂි අයත්වන්නේ දිසාපාමොක් පරපුරට. මට අදටත් හිතෙන්නේ පරිපූර්ණ අධ්‍යාපනයක් දෙන්න පුළුවන් හොඳම ක්‍රමේ දිසාපාමොක් ක්‍රමය තමයි කියලා. ඒත් ඉතින් දැන් අළුත් ක්‍රම ගොඩක් තියෙනවනේ. අවාසනාව තමයි අළුත් ක්‍රමවලින් ගුරුවරුන් දැනුවත් කරන්න අධ්‍යාපන අමාත්‍යංශයෙන් රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් පුහුණු සැසි තිබුණත් ඒවගෙන් හරි දැනුමක් ගන්නේ ගුරුවරු ස්වල්පයක් පමණක් වීම.

ජපන් භාෂාවේ ‘ට’යන්නක් නෑ. ඒ නිසා ගෑනු ළමයගේ නම තොත්තො චං වියයුතුයි.

කාට හරි මේ පොතේ ඉංග්‍රීසි පරිවර්තනයක් ඕනෙ නම් මෙතනින් නොමිලේ download කරන්න පුළුවන්. http://www.arvindguptatoys.com/arvindgupta/Tottochan.pdf

2 thoughts on “හරි පුදුම ඉස්කෝලෙ – ලීලානන්ද ගමාච්චි – තෙත්සුකෝ කුරොයානගි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.