තුංමංහංදිය – මහගම සේකර


තුංමංහංදිය - මහගම සේකර

තුංමංහංදිය – මහගම සේකර

තුංමංහංදිය - මහගම සේකර

තුංමංහංදිය – මහගම සේකර

මහගම සේකරගේ තුංමංහංදිය මා කියැවූයේ ළමා වියේදීමය. එතරම් මගේ හිත ගිය සිංහල පොතක් වෙනත් නැත. අදටත් මගේ ප්‍රියතම සිංහල නවකතාව තුංමංහංදියයි. එතරම් කදිමට ළමයකුගේ සබෑ සිතිවිලිත්, හැසිරීම් රටාවත් චිත්‍රණය කළ තවත් පොතක් මා දන්නා තරමට නැත. එතරම් සරල භාෂාවකින් ලියවුණු නවකථා පොතක්ද තවත් නැත. මේ පොතේ විරාම ලක්ෂණවලින් පාවිච්චි කර ඇත්තේ නැවතීමේ ලකුණ පමණි. වෙනත් විරාම ලක්ෂණ නැතැයි කියා කියවන්නාට කිසිම ගැටලුවක් ඇතිවන්නේද නැත. (නමුත් මෑතකදී මා දුටු විසුළු සහගත මුද්‍රනයකදී මුල් පොතේ නැති අමතර විරාම ලක්ෂණ දමා තිබෙනු දැක මම මවිත වූයෙමි.)

මෙය සේකරගේම ළමා කාලයදැයි සිතේ. චිත්‍ර ඇඳීමේ, බලි රූප ඇඹීමේ, අබිලිං මාමා සමග ගොක් කොළ වලින් සැරසිලි කිරීමේ අවස්ථා ඉතාම සජීවී ලෙස විස්තර කර තිබේ. ළමා අවදියේ අව්‍යාජ බවත්, කෙළිලොල් බවත් විස්තර කෙරෙන එක් අවස්ථාවකි ළමුන් පිරිස පාසල ඇරීමෙන් පසු පාරේ කන්ද උඩට ගොස් සියලු දෙනාම එක්ව චූ කොට කෝටු මගින් චූ පාර හසුරවමින් පහළට ගෙන ඒම.

සිරිසේනට පසුව මේ පොතේ වැඩියෙන්ම හිත ඇදී යන්නේ අබිලිං මාමාගේ චරිතයටයි. මෙවන් චරිත අපේ ගම්වලත් හමුවී තිබේ. අබිලිං සැබෑ දක්ෂ අව්‍යාජ කලාකරුවෙකි. ඒත් ඔහුට ඇති ප්‍රධානතම ප්‍රශ්නයනම් තමාගේ හැකියාව වෙළඳපොළ බලවේග සමග ගලපා ගැනීමට නොහැකියාවයි. අලෙවි කළ නොහැකිවීමයි. ඔහු ගමේ ගොඩේ සැරසිලි කරන්නේ මුදල් බලාගෙන නොවේ. එයින් ඔහු අහිංසක සතුටක් ලබන නිසාවෙනි. මේ නිසාම ඔහු සිටියේ සැමදාමත් දුප්පතෙක් ලෙසය. ඔහුට ඔහුගේ සිත්ගත් සුන්දරිය, සුදුමැණිකේ නොලැබෙන්නේද මේ දුප්පත්කම නිසාවෙනි. ඔහු බොහෝ කලාකරුවන්ට උරුමවූ, තමන්ව නියම මිලකට අලේවිකර ගැනීමට නොහැකියාව නිසා අවසානයේදී කාගෙත් විහිළු තහළුවලට පවා ලක්වීමට සිදුවේ.

සිරිසේනගේ සැබෑ දක්ෂතාව වූ චිත්‍ර ශිල්පයට ඔහුව යොමු කිරීමට අබිලිං මාමාත්, පාසලේ ගුරුතුමාත් ගන්නා උත්සාහය ප්‍රශංසනීයය. පොඩි මාමාගේ දැඩි අකමැත්ත මැද වුවත් සිරිසේනට ටැක්නිකල් කොලීජියට ගොස් චිත්‍රශිල්පය හැදෑරීමට හැකිවේ. කුඩා කළ මා ඇඳි චිත්‍ර දුටු අපේ පීප් බාප්පාද (ඔහුගේ රාජකාරි වාහනය එනකොට “පීප්” යනුවෙන් හෝන් ගැසූ නිසා අප ඔහුට කිව්වේ පීප් බාප්පා කියාය.) නිරතුරුවම කිව්වේ “මේ ළමයා ලොකු උණාම කලායතනයකට දාන්න. මම වියදම් කරන්නම්.” කියාය. ඒත් රැල්ලට Bio Science කරන්න ගොස් මම ඇනගත්තෙමි. පීප් බාප්පා අදටත් මා හමුවූවිට කියන්නේ “මේ ළමයා කලායතනයකට ඇරියනම් අද වෙනකොට හොඳ, ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියක්.” කියාය. ඔහු නිවැරදියයි මටත් අද සිතේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s