බොහෝ කලකට පෙර මහගම සේකරගේ “නොමියෙමි” කියවා තිබුණත්, ඔහුගේ “ප්‍රබුද්ධ” කියවූයේ අදය. මෙය මෙතරම් දිගුකලක් මගේ ඇස නොගැටුණේ මන්ද යන්න විමතියකි. පිටු 100ක කුඩා කවි පොතකින් සේකරයන් මේ තරම් පුළුල් ලෙස ආදරය, විරහව, ජීවිතය විග්‍රහ කළේ කෙසේදැයි සිතා ගැනීමටවත් නොහැකිය. ආදරය කිරීම, ආදරය අහිමිවීම, අයාලේ යාම බොහෝ ආදරවන්තයන්ට හා අදරවන්තියන්ට පොදු දෙයකි. කෙසේ හෝ අතින් අත ගොස් තමන් සිහිනෙකුදු නොපැතූ කෙනෙක් සමග විවාහ වී ජීවිතය ගොඩ නගා ගැනීමට දරන මෙහෙය ප්‍රබුද්ධ තුළින් චිත්‍රණය වේ.
කලාකරුවාට හැමදාමත් උරුම වෙළඳපොළ සමග තමාගේ හැකියාව ගලපා ගැනීමේ නොහැකියාව ප්‍රබුද්ධ තුළින් ගැඹුරින් විග්‍රහ කෙරේ. එමෙන්ම කලාකරුවකු වාණිජ සමාජය තුළින් මෙහෙයවෙන ආකාරය, එයින් කලාකරුවා හෙම්බත් වෙන ආකාරය සහ අන්තිමේදී තමනට පුරුදු සමාජය වෙත පුණරාගමනය කිරීමද මෙහිදී දක්නට ලැබේ.
තමා ගරු කළ පුරුෂාර්ථ වෙනුවෙන් අපහසුවෙන් හෝ පෙනී සිටීම, එනිසාම පවුල් ජීවිතයේ ඇතිවන හැල හැප්පිලි කලාකරුවනට පමණක් නොව හෘද සාක්ෂියට ගරු කරමින් ජීවත්වන බොහෝ දෙනාට පොදු ධර්මතාවයකි. එවන් දුෂ්කර අවස්ථාවල පවා සමාජය දෙසත් තම පවුල දෙසත් මානුෂිකව බැලීම සේකර ප්‍රබුද්ධ ලවා කරවයි.
අත්තෙන් අත්තට පනින කිරිල්ලියකගේ තත්වයට පත්වන යසොදා අන්තිමට නන්නත්තාරවී පියකු නැති, තමන් සමාජ රෝගවලින් පෙලීම නිසා අන්ධ දරුවකු බිහිකරන තරමට සමාජයේ අතරමං වේ. අවාසනාවකට මෙන් ජීවිතය ඒ තරමටම කටුකය.
ජයලත් මනෝරත්න ප්‍රබුද්ධ ආශ්‍රයෙන් නිර්මාණය කළ “ලෝකය තනි යායක්” වේදිකා නාට්‍ය නැරඹුවද ඒ ගැන කිසිවක් පැවසිය නොහැක්කේ එය නැරඹූ බදුලු රඟහල ඉදිරිපිට ක්‍රීඩාංගණයේ ඒ වෙලාවටම පැවැත්වූ සංගීත සංදර්ශනයක් නිසා නාට්‍යයේ දෙබස් කිසිසේත්ම නෑසුණු බැවිනි.
පොත් අතර සැරිසරණ විට මටත් මේ පොත හමු වුනා. අතටත් අරගෙන අයෙමත් රාක්කය උඩින් තියල ආවා ඊලග පාරවත් ගන්නව කියල. අරගෙන කියවන්න හිතුනා ඔබ ලියල තිබුන විස්තරය දැක්කම.
LikeLike
එක දිගට කියවන් යන්න පුළුවන් පොතක්. කල් දාන්න එපා.
LikeLike