රට කිරි සහ මෙරට කිරි


අඹේවෙල කිරි ගොවිපොළ

අඹේවෙල කිරි ගොවිපොළ

හයිලන්ඩ් කිරි නිෂ්පාදන

හයිලන්ඩ් කිරි නිෂ්පාදන

පැල්වත්ත කිරි නිෂ්පාදන

පැල්වත්ත කිරි නිෂ්පාදන

අපි කුඩා කළ බීවේ මව්කිරි පමණය. විශේෂ හේතුවක් නොවිණිනම් වෙනත් කිරි වර්ග දීමක් අපේ ගම් පළාත්වල නොකෙරුණි. මට රටකිරි පිළිබඳ ඇති මුල්ම මතකයනම් 1977 දී නියං ආධාර ලෙස බෙදූ, සහල්, ටින් මාළු, බටර් අතරේ කුඩා පොහොර උර වැනි උරවල දමා බෙදූ කිරිපිටිය. ඒවා නිකං දෙන නිසා ගෙදර ගෙනාවද අපි කිසිවකු ඒ කිරි බිව්වේ නැත. ඒ නිසා අපට කළ හැකිව තිබූ එකම දෙයනම් ඒ කිරිපිටි උණුවතුරේ දියකර ගෙදර සිටි බල්ලන්ට සහ පූසන්ට දීම පමණි. කල් යත්ම බල්ලෝද පිටි කිරි ප්‍රතික්ෂේප කරන්නට විණි. කිරිපිටි ඒ තරමටම මිනිසුන්ට නුහුරු දෙයක් වී තිබුණි. බඩගින්නේ හිටියත් පිටිකිරි කෝප්පයක් හදාගෙන බීමට බැරි තරම් කිරිපිටි අපි අප්‍රිය කළෙමු. එහෙත් දියර කිරි ඇති විටෙක උණු කොට බීවෙමු. අපේ ගම වූ මහවිලච්චිය වියළි කලාපීය ගම්මනයක් වූ නිසාදෝ දියර කිරිද එතරම් නොතිඹිණි.

එහෙත් 1977න් පසු අපට හඳුන්වාදුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් සමග ඉතා සුළු කලෙකින් අපේ ගම්වල කඩපිල්වලටද විදේශීය කිරිපිටි පැකට්ටු ඒමට පටන්ගත් අතර ඒත් සමග පැමිණි ආකර්ෂණීය වෙළඳ දැන්වීම් නිසා පාරිභෝගිකයෝ වේගයෙන් පිටිකිරි වලට හුරුවීමට පටන්ගති. ළමයින්ට එය අත්‍යවශ්‍ය අහාරයක් විණි. මගෙ පුතා ඉපදුණේ 2008 දී වුවත් ඔහු කිසිවිටක පිටිකිරි බීවේ නැත. ඔහු මව්කිරි වලින් පමණක් සෑහීමට පත්වූ අතර එය නැවැත්වීමටත් පෙර සිටම අඹේවෙල හා හයිලන්ඩ් දියර කිරිවලට හුරු විණි. දැන් ඔහු හදීසියකටවත් පිටි කිරි බොන්නේ නැත. අපිද තේවලට දමන්නේ හයිලන්ඩ් කිරිපිටිය. යෝගට්, අයිස්ක්‍රීම්, බටර් වැනි අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදනද අප ගන්නේ දේශීය කිරි වලින් නිපැයූ ඒවාය.

එහෙත් බොහෝ පාරිභොගිකයෝ තවමත් විසිතුරු වෙළඳ දැන්වීම් වලට වහ වැටී විෂ සහිත විදෙශීය කිරි නිෂ්පාදන පාවිච්චි කරති. ඉතා මිල අධික කිරි වර්ගද ඒ අතර වේ. කිසිම විශේෂ ගුණයක් නොමැති කිරි නිෂ්පාදනවල අහවල් දේ තිබේ, ඒවා පරිභෝජනය කළහොත් ඇට දිරන්නේ නැත ආදී වශයෙන් මේ කිරි වර්ග ප්‍රචාරණය කෙරේ. එහෙත් පෝෂණවේදීන් පැහැදිලිවම කියන්නේ ඒ ජනතාව නොමග යවනසුලු දැන්වීම් බවයි. මෙපමණ කියද්දීත් දුප්පත්, පොහොසත් කවුරුත් හොඳ දේ තිබෙද්දී නරක දේම පරිභෝජනය කරති.

විදේශීය කිරි නිෂ්පාදනවල සියළු ගුණාත්මක පෝෂ්‍ය පදාර්ථයන් ඉවත් කර ඊට විවිධ විෂකාරක එක් කරන බව කියැවේ. මෙය කොතරම් දුරට සත්‍යදැයි විමසිය යුතුය. බහුජාතික සමාගම්වලින් අපට විකුණන රට පිටිකිරි මත තව දුරටත් යැපෙන්නේ මන්දැයි සම්පූර්ණයෙන්ම දේශීය කිරී කර්මාන්ත ශාලාවක් වූ පැලවත්ත සමාගමේ ප‍්‍රධානී ආරියශීල වික‍්‍රමනායක මහතා ප‍්‍රශ්ණ කරයි.

වත්මනෙහි එළඹ ඇති විෂ සහිත විදෙශීය කිරි අර්බුදය ජනතාවට නිවැරදි තීරණ ගත හැකි කදිම අවස්ථාවකි. දැන්වත් දේශීය කිරිවලට හුරුවීම ඇරඹිය යුතුය. දේශීය කිරි නිෂ්පාදකයින්ද ජනතාව දැනුවත් කිරීම ඇරඹිය යුතුය. දේශීය කිරි ගැන ආකර්ෂණීය වෙළඳ දැන්වීම් ප්‍රචාරය කළයුතුය. සියල්ල නිකං ලැබෙන තෙක් බලා නොසිටිය යුතුය. වැඩිවන ඉල්ලුමට සාපේක්ෂව කිරි නිෂ්පාදනය වැඩි කිරීමට උත්සාහ ගත යුතුය. මෙවන් අකරතැබ්බයක් දේශීය කිරිවලට උදා වූයේ නම් විදේශීය කිරි සමාගම් දේශීය කිරි වලට තිබූ ඉල්ලුම තමන්ගේ පැත්තට හරවා ගැනීමට උත්සුක වන්නේ යම්සේද, ඒ ලෙසින්ම දැන් දේශීය කිරි නිෂ්පාදකයන් නින්දෙන් පිබිදිය යුතුය.

2 thoughts on “රට කිරි සහ මෙරට කිරි

  1. It is the duty of government and media to launch a huge campaign against foreign milk powder which is controlled by a mafia. This is the high time for it.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.