Techno Plus, Badulla. Telephone 071-2307307 (Local) 0094-712307307 (IDD)
මම මොබයිල් සිම් දෙකක් පාවිච්චි කරනවා. එකක් මම මුලින්ම ගත්ත ඩයලොග් පසු ගෙවීම් පැකේජය. අනෙක මොබිටෙල් පාවිච්චි කරන යහළුවන්ගේ පහසුවට ගත්ත මොබිටෙල් පෙර ගෙවුම් පැකේජය. මොබිටෙල් එකට විටින් විට “රීලෝඩ්” දාන්න ඕනේ නිසා ළඟදී ෆෝන් කඩේකට ගියා. සාමන්‍යය ක්‍රමය තමයි සල්ලි දීලා රීලෝඩ් කරන්න ඕනේ අංකය එයාලගේ පොතේ ලියන එක. එතකොට එයාලා අදාළ මුදල රීලෝඩ් කරනවා.
ඒත් මෙතන ඒ වෙනුවට පුංචි පෙට්ටියක් වගේ යන්ත්‍රයක් තිබුණා. මට කරන්න තිබුණේ මගේ මොබිටෙල් අංකයයි අදාළ මුදලයි යන්ත්‍රයට ඒ සඳහා තිබුණ බොත්තම් මගින් ඇතුල් කරන එක විතරයි. එතකොට එහා පැත්තේ ඉඳගෙන ෆෝන් කඩේ කොළුවා බොත්තමක් ඔබලා ගෙවීම තහවුරු කරනවා. හරි ලේසියි. අපිම කරගන්න නිසා වරදින්න තියෙන ඉඩ කඩත් අඩුයි.
යන්ත්‍රය හරි හුරු බුහුටියි. මිලනම් ටිකක් සැරයි. ඔබත් මේ සඳහා උනන්දු නම් හොඳම දේ තමයි එයාලට කතා කරලා බලන එක. Techno Plus, Badulla. Telephone 071-2307307. හදන්නේ Techno Plus කියලා ලංකාවේ කට්ටියක්. සම්පුර්ණ ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්.
යන්ත්‍රය හරහා ගෙවීමක් කළාම බිලකුත් එනවා. මේක ඕනෑම ජංගම දුරකථන ජාලයකට පාවිච්චි කරන්න පුළුවන්.