රියල්ටි ප්ලාසා, ජා ඇළ


රියල්ටි ප්ලාසා, ජා ඇළ

රියල්ටි ප්ලාසා, ජා ඇළ

රියල්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය තමයි ජා ඇළ තියෙන පළමු සහ එකම සාප්පු සංකීර්ණය. මේක හැදුවෙත්, පාලනය කරන්නෙත් සෙලින්කෝ සමූහ ව්යාපාරය විසින්. මේක තරමක ඉඩ කඩ සහිත තැනක් වගේම අළුත් තැනක්. (විවෘත කරලා තියෙන්නේ 2007දි.) මේකේ මහල් 4ක් තියෙනවා. තවමත් සමහර සාප්පු කුලියට අරන් නැහැ. මෙහි නවීන සිනමා ශාලාවක්, සම්පත් බැංකු ශාඛාවක්, මල්ලිකා හේමචන්ද්ර ස්වර්ණාභරණ හලක්, ඔඩෙල් ශාඛාවක්, හොඳ පොත් සාප්පුවක්, කොටස් වෙළඳපොළ තැරැව්කාර ශාඛාවක්, ඩීවීඩී සාප්පු කිහිපයක්, මොබයිල් ෆෝන් සාප්පු කිහිපයක් සහ තවත් සාප්පු කිහිපයක් මෙන්ම ළමයින්ගේ සෙල්ලම් සඳහා ප්රදේශයක් තියෙනවා. රියල්ටි ප්ලාසා ඇරලා තියෙන්නේ උදේ 10 ඉඳන් රෑ 10 වෙනකල්.

DVD සාප්පුවක්

DVD සාප්පුවක්

බේස්මන්ට් එක එහෙම පිටින්ම පාර්කිං වලට වෙන්කරලා නිසා හොඳට වාහන නවත්තන්න ඉඩ තියෙනවා මෙතන. ඔබේ මොටර්සයිකලේ නම් ගොඩනැගිල්ල ඉස්සරහ පැත්තේ වුණත් නතර කරන්න පුළුවන්, හැබැයි අව්වේ.

රියල්ටි ප්ලාසා එක පිහිටලා තිය්න්නේ ඩොමිනොස් පීසා එකටයි පීසා හට් එකටයි ඉස්සරහා, මීගමුව/ගුවන් තොටුපොළ පැත්තෙන් එනවනම් ඔබේ වම් අත පැත්තට. ගුවන් තොටුපොළේ ඉඳලා එනවනම් ටිකක් වෙලා විවේකයක් ගන්න හොඳ තැනක්.

හොට් ග්‍රිල් BBQ

හොට් ග්‍රිල් BBQ

ෆුඩ් කෝට් එකේ හොඳට ඉඩ තියෙනවා. මෙහි රූට්ස් අවුට්ලට් එකක්, හොට් ග්රිල් බීබීකිව් අවුට්ලට් එකක් සහ තවත් අවුට්ලට් කිහිපයක් තියෙනවා. සමහර අවුට්ලට් දාලා ටික කාලෙකින් වහලා දාන්න සිද්ධ වුණේ බිස්නස් අඩු නිසාමයි. මෙතන ජනයාගෙන් පිරී යන්නේ හවසටයි, සති අන්තයටයි. මම ආසා නොකරන දෙයක් තමයි ෆුඩ් කෝට් එක ඇතුළට යනවත් එක්කම අවුට්ලට් වල ඉන්න කැෂියර්ලා මහත්තයා මෙහාට එන්න කිය කියා අඬගැසීම. මට නිදහස තියෙන්න ඔනේ මම කැමති අවුට්ලට් එකකට යන්න. සමහරවිට මෙයාල මෙහෙම කරන්නේ බිස්නස් අඩු නිසා වෙන්න පුළුවන්. ජා ඇළට සාප්පු සංකීර්ණයක් එන්න ඔනේ කාලෙට ඉස්සල්ලා ඇවිල්ලද කියලත් මට හිතෙනවා.

ළමයින්ගේ සෙල්ලම් කලාපය

ළමයින්ගේ සෙල්ලම් කලාපය

ළමයින්ගේ කලාපයේ සෙල්ලම් කරන්න කොටසක් වෙන්කරලා තියෙනවා වගේම ගේම් මැෂින් දෙකකුත් තියෙනවා. පුදුම වැඩේ බෙන් 10 වගේ කතා ජනප්‍රිය කාලෙක කියන්නේ මෙතන තවමත් ටර්මිනේටර් 2 ගේම් මැෂින් එකකුත් තියෙන එක.

හතරවැනි මහලේ සාප්පු දාලා තියෙන්නේ බොහෝම ටිකයි. ඒ නිසාම ගොඩක්ම තියෙන්නේ හිස් සාප්පු. ගෙස්ට් හවුස් කාමරයක් වෙන්කරගන්න වත්කමක් නැති ගැටවර ආදරවන්තයොයි, ආදරවන්තියනුයි මෙතන අශ්ලීල අන්දමින් හැසිරෙන හැටි නුපුරුදු දර්ශනයක් නෙවෙයි. ආරක්ෂක අංශයෙන් පැමිණ ඔවුන්ව විටින් විට එළෙව්වත් ඒ ගොල්ලෝ ආයිත් එනවා. ආදරවන්තයින්ටම වෙන්වුණු නිදහස් තැනක් කොහේහරි තිබුනනම් කොච්චර හොඳයිද?

මෙහි තියෙන සිනෙමැක්ස් සිනමාහළ ඊ. ඒ. පී. සමාගමට අයිති එකක්. මෙහි අළුත්ම අළුත් සිංහල, ඉංග්රීසි, හිංදි චිත්රපට පෙන්නනවා. ළඟින්ම පිහිටි පරණ, යල් පැනගිය  රත්නාවලී සිනමා ශාලාවට වඩා මේක ගොඩක් හොඳයි. මමනම් රත්නාවලී සිනමා එකට කවදාවත් ගිහින් නෑ. සිද්ධාර්ථ ගෞතමයි, සිරි පැරකුම් එකයි දිගට දුවපු නිසා මාස ගානකින් සිනමැක්ස් එකට හොඳ ඉංග්රීසි චිත්‍රපටයක් නම් ආවේ නෑ.

වොෂ් රූම් පැත්තනම් මීට වඩා පිරිසිදු උනානම් හොඳයි. වැසිකිළි උපකරණවල කළු පැල්ලම් මතුවෙලා. ඒවා මාරු කරනවනම් හොඳයි ඉක්මනටම. ඒත් එයාලා ඒ වගේ දෙයක් කවදා කරයි කියලා හිතාගන්න බෑ.

රියල්ටි ප්ලාසා එක ජා ඇළ වගේ පුංචි නගරයකට තරමක් හොඳ මට්ටමේ එකක්. ප්රදේශයේ තරුණයන්ට ගැවසෙන්න තියෙන එකම තැනත් මෙතන තමයි. මේක තමයි එයාලගේ MC එක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s