සැමීගේ කතාව


samige_kathawa2

ප්‍රියංකර විතානාච්චිගේ සැමීගේ කතාව චිත්‍රපටය නැරඹුවෙමි. කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් රචිත Sam’s Story නම් ග්‍රේෂන් සම්මානලාභී නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ සැමීගේ කතාව චිත්‍රපටය මෙරට සිනමා ලෝලීන්ට දකින්නට ලැබෙන්නේ නිෂ්පාදනයෙන් බොහෝ කලකට පසුය. මා අසා ඇති පරිදි චිත්‍රපටය රූගත කොට දෙබස් කැවීම සහ අනෙකුත් කටයුතු කිරීමටද සෑහෙන කාලයක් බලාසිටීමට අධ්‍යක්ෂවරයාට සිදුවිණ. චිත්‍රපටය ගැන අදහස් දැක්වීම කළ යුත්තේ මේ සන්දර්භය තුළ සිටගෙනය.

001

මා මුලින්ම ආකර්ෂණය වූ ලක්ෂණය නම් දුක්බර කතාවක් වුවත්, අලංකාර ග්‍රාමීය පරිසරයක චිත්‍රපටය රූගත කොට තිබීමය. සාමාන්‍යයෙන් මෙවැනි තේමාවක් ගත් චිත්‍රපට පෙන්වන්නේ සොටු පෙරාගත්, කුණුකෙල පෙරාගත්, සති ගණනකින් නොනා සිටින චරිත යොදාගෙන දැඩි අඳුරු රූපරාමු හරහාය. එහෙත් අප දන්නා ග්‍රාමීය පරිසරය මීට වෙනස්ය. ශ්‍රී ලාංකික ගැමියා අවම පහසුකම් යටතේ වුවත් ගඟේ, වැවේ බැස නා, ගේ දොරද හැකිතරම් පිරිසුදුව තබාගන්නා අයෙකි. වාසනාවට අධ්‍යක්ක්ෂවරයාට මේ ගැන ඉවක් තිබී ඇත. එහෙත් ශ්‍රී ලාංකික ගැමි ජීවිතය ගැන චිත්‍රපට, ටෙලිනාට්‍ය සාදන්නන් බොහෝ දෙනෙකුට මේ ඉව නැත. ඔවුන් පෙන්නන්නේ ගැමියා අපිරිසුදු ගෙවල්වල සිටින පිළිකුල් සහගත සත්වයකු ලෙසය.

samige_kathawa

ප්‍රියංකර චිත්‍රපටය පුරාම පාහේ පැහැදිලි, දීප්තිමත් දර්ශන අප වෙත ගෙන එයි. ප්‍රියජනක නොවන කතාවක් වුවද ප්‍රියජනක පරිසරයක රූගත කොට ඇත. ගමේ, මාකලන්ද නම් ව්‍යාපාරිකයාගේ නිවසේ මෙන්ම ගඟේ දර්ශනද සුන්දරය. නමුත් චිත්‍රපටය නිෂ්පාදනයේදී බොහෝ කල් ගතවීම නිසාදෝ මේ සුන්දරත්වය වර්තමාන සිනමා රසිකයාට ඒ අයුරින්ම නොපෙනේ. දර්ශන තරමක් අව පැහැ ගැන්වී ඇත.

Samige Kathawa (7)

ප්‍රධාන චරිතය රඟපාන ජගත් චමිල ඉතාමත් සාර්ථක ලෙස තම චරිතය තුළට සමවැදී ඇත. ඔහුගේ කතාව, ගමන් විලාසය, සිනාව, දෑසින් හැඟුම් පළකරන ආකාරය වැනි දේවල් දකිනවිට මෙය රඟපෑමක් නොව සැබෑවක් මෙන් පෙනේ. ජගත් වැනි කඩවසම් නළුවෙක් මෙතරම් වෙනසකට භාජනය කළ අංග රචනා ශිල්පියාට විශේෂ ගෞරවයක් දිය යුතුමය. සැමීගේ බොහෝ ක්‍රියාවන්ට සාමාන්‍ය නරඹන්නන්ට සිනා යනමුත් හැඟීම් බර අයකුට ඔහු ගැන ඇතිවන්නේ අනුකම්පාවකි. එය දෑසට කඳුළක් එක් කරන අවස්ථාවන්ද එමටය. විශේෂයෙන්ම සැමීගේ යහළුවාට, මලණුවන්ට සහ මවට ඔහුගේ ඇති ආදරය අසීමිතය. ඔහු මාකලන්දට සහ ඔහුගේ පවුලේ අයටද පුද කරන්නේ එම ආදරයමය. එහි කිසිදු වෙනසක් ඔහු තුළ නැත. එහෙත් තමාගේ ආදරණීය මලණුවන් මරා දැමුවේ දෙමළ ත්‍රස්තවාදීන් නිසා ඔහු දෙමළ අයට නොකැමැතිය. එහෙත් ගෞරි කෙරෙහි ඔහුට ඇත්තේ ජාති භේද වලින් ඔබ්බට ගිය ආදරයකි.

Samige Kathawa (3)

ජගත් චමිල මම මීට පෙර දැක ඇත්තේ ටෙලිනාට්‍ය වලින් පමණි. අවාසනාවට ඔහුගේ එකම වේදිකා නාට්‍යක්වත් නරඹන්නට මට නොහැකි විය. ටෙලිනාට්‍යවල මම ඔහුගෙන් එතරම් ප්‍රතිභාවක් නොදැක්කෙමි. ඊට හේතුව ඔහුට හොඳ ටෙලිනාට්‍ය නොලැබීම විය හැක. එහෙත් සැමීගේ කථාවේ ඔහුගේ රඟපෑම ප්‍රතිභාපූර්ණය. එයට බොහෝ සෙයින් හේතු වී ඇත්තේ අධ්‍යක්ෂවරයා බව හැඟෙන්නේ මා මීට පෙර ඔහුගෙන් මෙවන් රඟපෑමක් නොදුටු නිසාදැයි සිතේ. ජගත්ද, ප්‍රියංකරට අවශ්‍ය සියල්ලම නිර්ලෝභීව දී ඇති බව පෙනේ. ජගත්ගේ රඟපෑම මට සිහිකළේ මා මීට බොහෝ කලකට පෙර නැරඹු Barry Levinson ගේ Rain Man චිත්‍රපටයේ Dustin Hoffman ගේ චරිතයයි.

samige_kathawa3

මාකලන්ද වැනි ඉතා හොඳ චරිතයක් කතාව අවසානයේදී මරා දැමීමෙන් පෙනෙන්නේ එවකට තිබූ දැඩි යුදකාමී තත්වයන් යටතේ බෝසත් චරිතයන්ට වුවද රුදුරු මරණය බලාපොරොත්තු නොවූ මොහොතකදී පැමිණීමට තිබූ හැකියාවයි. ඉතා පරිත්‍යාගශීලී, ගුණ ගරුක ව්‍යාපාරිකයකු වූ මාකලන්දගේ චරිතය පුරාම පෙනෙන්නේ ඔහු තුළ පවතින දැඩි කරුණාවමය. එහෙත් එවන් චරිතවලට පවා යුද්ධයෙන් ගැලවීමක් නොතිබුණි.

Samige Kathawa (8)

කතාව අවසානයට සිදුවන මාකලන්දගේ ඝාතනයත් සමගම සෙල්වා තුළ තිබූ එල්. ටී. ටී. ඊ. හිතවාදී බව වෙනස් වෙන නමුදු මෙම විපර්යාසය මීට වඩා සංවේදී ආකාරයකට ඉදිරිපත් කළ හැකිව තිබූ බව මගේ පෞද්ගලික මතයයි. මෙය චිත්‍රපටයේ උච්චතම අවස්ථාවයි. මෙය ප්‍රබල ලෙස පාවිච්චි කළ යුතුව තිබුණි. මෙම අවස්ථාව කුමක් හෝ හේතුවක් නිසා පපුවට වදින බව අඩුවක් දැනේ. සමහර ඒ මට පමණක් විය හැකිය.

Samige Kathawa (9)

සමස්තයක් ලෙස ගත් කළ චිත්‍රපටයේ සාධනීය ලක්ෂණ බොහොමයක් තිබේ. සාපේක්ෂව අඩු අයවැයකින් නිමවූ චිත්‍රපටයකින් බලාපොරොත්තු විය නොහැකි ධනාත්මක ලක්ෂණ චිත්‍රපටය පුරාවටම විහිදෙයි. ප්‍රියංකරගේ පළමු සිනමා නිර්මාණයම මෙසේ නම් අපට ඔහුගේ ඊළඟ නිර්මාණයන් ගැන තවත් බලාපොරොත්තු තැබිය හැකිය.

samige_kathawa-profile

චිත්‍රපටය, එය පාදක කරගත් නවකතාවෙන් මොනතරම් දුරකට අපගමනය වූයේදැයි මට කිව නොහැක්කේ මම නවකතාව කියවා නැති නිසාය. සමහර අධ්‍යක්ෂවරුන් මුල් කෘතියට හානි වේ යයි බියෙන් පොත තුළටම හිරවී සිනමා පටය නිර්මාණය කරනු දක්නට ලැබේ. එහෙත් සිනමා කෘතියක් යනු වෙනත් මාධ්‍යයකි. මුල් පොතෙන් වෙනස් වුවත් මුල් තේමාව රැකගෙන චිත්‍රපටය වඩාත් නිර්මාණශීලී ලෙස නිර්මාණය කිරීමට එය බාධාවක් කර ගත යුතු නොවේ. බටහිර චිත්‍රපට මෙය අපූරුවට අනුගමනය කරයි.

කැමතිනම් අමෙරිකානු ඩොලර් 1.99ක් ගෙවා ඔබට සම්පූර්ණ චිත්‍රපටයම නැරඹිය හැකිය. සැමීගේ කතාව

https://www.facebook.com/SamsStorythemovie?ref=br_tf

Samige Kathawa (10)
Samige Kathawa (16)
Samige Kathawa (13).jpg
Samige Kathawa (14)
Samige Kathawa (15)
Samige Kathawa (17)
Samige Kathawa (19)
Samige Kathawa (20)
Samige Kathawa (22)
Samige Kathawa (23)
Samige Kathawa (24)
Samige Kathawa (28)
Samige Kathawa (29)
Samige Kathawa (30)
Samige Kathawa (31)
Samige Kathawa (32)
Samige Kathawa (33)
Samige Kathawa (34)
Samige Kathawa (35)
Samige Kathawa (36)
Samige Kathawa (37)
Samige Kathawa (38)
Samige Kathawa (39)
Samige Kathawa (40)
Samige Kathawa (41)
Samige Kathawa (42)
Samige Kathawa (43)
Samige Kathawa (44)
Samige Kathawa (45)
Samige Kathawa (46)
Samige Kathawa (47)
Samige Kathawa (48)
Samige Kathawa (50)
Samige Kathawa (54)
Samige Kathawa (58)
Samige Kathawa (63)
Samige Kathawa (66)
Samige Kathawa (67)
Samige Kathawa (68)
Samige Kathawa (70)
Samige Kathawa (72)
Samige Kathawa (73)

One thought on “සැමීගේ කතාව

  1. // ටෙලිනාට්‍යවල මම ඔහුගෙන් එතරම් ප්‍රතිභාවක් නොදැක්කෙමි. ඊට හේතුව ඔහුට හොඳ ටෙලිනාට්‍ය නොලැබීම විය හැක. //

    ඒකට හේතුව නම් මෙගා වැලයි.. ඒක මේ නාට්‍ය රසය, චිත්‍රපටි කලාව, වේදිකාව වගේ හැම අංශයක්ම කෑවා කාලා ඉවරවෙලා ගෙවල් වල පවුල් සංස්ථා බිද වැටෙන තැනට වැඩ කලා. (දන්නවනේ ඒකට වග කියන්න ඕනා සිරස කියල තියෙන මළ නාලිකාව කියලා…)

    හරි ඔබතුමාට අතපසු වුන ඒ රංගනය මම මේකෙන් මතක් කරන්නම්, “ස්වයංජාත“ ඒකෙත් මේ වගේම රංගනයක් තමයි ඒකත් බලලාම නලුවාට සාධාරනයක් කරන්න යූ ටියුබ් පිහිටවෙයි…

    ඔයාගෙ ලිපියෙ නලුවට සාධාරණයක් කරන්න උප්පලවන්ණා චිත්‍රපටයත් පාදක කරගන්න පුුලුවන් සම්මානයට පාත්‍ර නුවුනත් ඒ රංගනයත් විශේෂයි කියලයි මට හිතෙන්නෙ.

    http://www.youtube.com/watch?v=ZM7VtRUpEqk මේකෙන් නම් රංගනය ගැන අහදසක් ගන්න බැහැ. ඒත් ජගත්ගේ ආරම්භය ගැන අදහසක් ගන්න පුලුවන්…

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.