දිගාමඬුලු ගුරු ගීතය – ගුණශීල අඹවත්ත | Digamandulu Guru Geethaya – Gunasheela Ambawaththa


දිගාමඬුලු ගුරු ගීතය

දිගාමඬුලු ගුරු ගීතය

මම ගුණශීල අඹවත්තගේ “දිගාමඬුලු ගුරු ගීතය” කියෙව්වේ එක් දිනකින්. එය ඒ තරම්ම රසවත් වගේම ආදර්ශමත් කතාවක්. මමත් රජයේ ගුරුවරයෙක් වශයෙන් දුෂ්කර පළාතක (මහවිලච්චිය) සේවය කර ඇති නිසා මේ පොතේ අඩංගු තේමාව මටත් සමීපයි. ගුරුවරයෙක් යනු මොන තරම් කැපවීමක් කළ හැකි, කළ යුතු පුද්ගලයෙක්ද කියලා මේ පොත අපට පැහැදිලි කරනවා.

දිගාමඬුලු ගුරු ගීතය නවකතාවකට වඩා ස්වයං චරිතාපදානයක්. මෙහි සාහිත්‍යමය භාෂා ව්‍යවහාරයකට වඩා තියෙන්නේ වාර්තා ස්වභාවයක්. එත් එකෙන් කියවන්නාට පහසුවක් මිස හානියක් සිදුවී නැහැ. අනිත් එක සිද්ධීන් අතිශයෝක්තියට නගා ඇති බවක්ද පෙනෙන්නේ නැහැ. පොතේ එන චරිත වල ඡායාරුප පමණක් නොව දුරකථන අංක පවා ඇතුළත් කිරීමෙන් හැඟෙන්නේ පොතේ එන කරුණු ගැන සැකයක් ඇත්නම් අදාළ පුද්ගලයින්ට කතා කර සත්‍ය දැන ගන්න පාඨකයාට හැකි බවයි.

අඹවත්ත  මහතා විසි හැවිරිදි වියේදීම තමන්ගේම මහන්සියෙන් ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව පාසලක් නිර්මාණය කරනවා. මේක අද කාලේ නම් හිතන්නටවත් බැරි වැඩක්. එහෙත් තරුණ අඹවත්ත එ වැඩේට බහින්නේ රජයේ ගුරුවරයෙක් වීමට එය සුදුසුකමක් වෙන නිසා වගේම එයින් දුෂ්කර ගමක දරු දැරියන්ට සේවයක්ද ලැබෙන නිසයි. අවුරුදු තුනක් තුළ අංග සංපූර්ණ පාසලක් නිමවා නිර්ලෝභීව එය අලුතින් එන විදුහල්පතිතුමාට බාරදී උප ගුරුවරයෙක් වශයෙන් එම පාසලේම සේවය කරනවා.

ඉන් පසුව දිගාමඬුල්ලේ නාමල් තලාව පාසලට පැමිණෙන අඹවත්ත මහතා ටකරං මඩුවක තිබුණ ඒ පාසල ගල්ඔය සවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගේ උදව්වෙන් දියුණු කරනවා. පසුව ඔහුට පුළුවන් වෙනවා ඒ පාසලත් වෙන තැනකට ගෙනගොස් අංග සම්පුර්ණ පාසලක් කරන්න. ඔහු ගුරු විද්‍යාල පුහුණුවට යන්නේ පාසල පළාතේම විශිෂ්ටතම පාසල කිරීමෙන් අනතුරුව.

මෙවන් විස්කම් කරනකොට අඹවත්ත  මහතාට එන අභියෝග එමටයි. ඒවා ගැන මම කිව්වොත් ඔබට පොත කියවන්න තියෙන කුතුහලය නැතිවෙයි. මටත් පොත හමුවුණේ හිතවත් ගුරුවරයෙක්ගෙන්. ඔහුගේ පාසලේ සියලුම ගුරුවරුන්ට පසුගිය ගුරු දිනයදා ළමුන් විසින් මේ පොත බැගින් තෑගි දීල තිබුණා. හරියට අනේ අපිටත් මේ වගේ මහන්සියෙන් උගන්වන්න කියනවා වගේ.

අපි පාසල් සිසුන් වූ අවධියේ මහවිලච්චිය තක්ෂිලා මහා විදුහලේ විදුහල්පති ව සිටි දිවංගත ආර්. ධර්මදාස මහතාත් අඹවත්ත මහතාත් අතර බොහෝ සමානකම් තියෙනවා. නොපසුබස්නා ධෛර්ය තමයි එයින් ප්‍රධානම සමානකම.

පොත සොයා ගැනීමට අපහසු නම් පහත අංකයෙන් ගුණශීල අඹවත්ත මහතා අමතන්න.
ගුණශීල අඹවත්ත –  071 80 16 632

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s