යුදෙව්වන්ගේ රජ (ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්) – නීතිඥ සතිස්චන්ද්‍ර ධර්මසිරි


යුදෙව්වන්ගේ රජ (ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්) - නීතිඥ සතිස්චන්ද්‍ර ධර්මසිරි

යුදෙව්වන්ගේ රජ (ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්) – නීතිඥ සතිස්චන්ද්‍ර ධර්මසිරි

“යුදෙව්වන්ගේ රජ” පොත මට ලබා දුන්නේ (තරමක් දුරට බුදු දහම උත්කර්ෂයට නංවන්න කැමති) යහළුවෙකි. ජේසුස් වහන්සේ ඉන්දියාවට පැමිණි බව කියවෙන ලිපි කිහිපයක්ම මේ පොතට කලින් මම කියවා තිබුණත් ඒවා කෙටි ලියවිලි විය. එහෙත් මේ පොත සම්පූර්ණයෙන්ම උත්සාහ දරා තිබුණේ උක්ත කරුණ තහවුරු කිරීමටයි. ඇත්තෙන්ම මේ පොත Johan Forsström පාදිලිතුමාගේ “The King of the Jews” නමැති පොතේ සංක්‍ෂිප්ත සිංහල අනුවාදයකි.

පොතේ දිගින් දිගටම ඇත්තේ ජේසුස් වහන්සේ බෞද්ධයකු බව තහවුරු කිරීමට තාර්කික නොවන කරුණුද පදනම් කරගෙන කළ ආන්තික උත්සාහයකි. බුදු දහම හෝ කිතු දහම සම්බන්ධයෙන් ගැඹුරු දැනුමක් මට නොමැත. ඇත්තටම ජේසුස් වහන්සේ බුදු දහම හැදෑරුවා වුවත් මට එහි එතරම් වැදගත් කරුණක් නොවේ. හේතුව අන් ඕනෑම සාශ්තෘවරයකු මෙන්ම සිදුහත් තවුසාද විවිධ  සාශ්තෘවරයන් සොයා ඔවුන්ගෙන් දැනුම ලබාගැනීම කළ දෙයකි. එමෙන්ම බුදුන් වහන්සේ හින්දු හා උපනිෂද් දහම් වල අභාෂය යම් තරමකට බුදු දහමට එකතු කළ බව කියවා ඇත්තෙමි. එහි කිසිම වරදක්ද නැත. අපි සියල්ලම උපන්දා සිට දැනුම වැඩි කරගන්නේ මේ ආකාරයටයි.

අවශ්‍ය වන්නේ කඩතුරා හැර සත්‍ය දැකීමට මෙන්ම අන් මත ගරු කිරීමට මනස විවෘතව තබා ගැනීමයි. අන් මත ගරු කිරීමේ මුවාවෙන් ආගමික අන්තවාදයට ඉඩදී මානව අයිතිවාසිකම්  කඩවෙන අවස්ථාවලදීත් නිහඬවීම අදහස් නොවේ. ආගම්වල නාමයෙන් දරුවන්ට මෙන්ම කාන්තාවන්ටද කෙරෙන කෙනිහිලිකම් බොහෝය. අප 21 වන සියවසේ සිටින බවට කෙතරම් පාරම් බෑවත් ආගම් ස්වරූපයෙන් එන මානව හිමිකම් කඩවීමට විරුද්ධවීමට ධෛයිර්ය ඇත්තේ සුළු පිරිසකට පමණි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s