සයිබීරියාවෙන් පෙරදිගට – සුදත් පොඩිරත්න


sayiibeeriyawen-peradigata-

මා කුඩා කලම සංචාර ගැන ලියවුණ පොත් කියවීමට කැමැත්තෙමි. මා මුලින්ම කියවූ සංචාර සම්බන්ධ පොත වෝල්ටර් සේනාධීර 1961දී ලියූ “ලස්සන ලංකාව” විය. ඊට පසු සංචාර පොත් කිහිපයක්ම කියවීමට හැකියාව ලැබුණි. මා අන්තිමට කියවූයේ සුදත් පොඩිරත්න “සයිබීරියාවෙන් පෙරදිගට” නමැති සංචාරක ග්‍රන්ථයයි.

සුදත් පොඩිරත්න සහ ඔහුගේ ගමන් සගයන් කණ්ඩායම ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගයේ දින ගණනාවක් පුරා මොස්කව් සිට මොන්ගෝලියාව දක්වාත් එතැන් පටන් චීනය දක්වාත් ගමන් කළ අයුරුත්, ගමනේදී අත්විඳි සුන්දර සහ අසුන්දර අත්දැකීමුත් දීර්ඝ එමෙන්ම රසවත් විස්තර සහිතව ලිවීමට ලේඛකයා සමත් වී ඇත. ශ්‍රී ලාංකික අප මෙවන් අවදානම් සහගත ගමන් වලට පෙළඹෙන්නේ කලාතුරකිනි. “ඇවිද්ද පැය දහස් වටී” යන අදහස කුඩා කල සිට අපගේ මනසට දැම්මත් අපි සංචාරයේ යෙදෙන්නේ කලාතුරකිනි. සංචාරයන් සඳහා අවශ්‍ය මුදල් සහ කාලය අවැසි වුවත් අප අඩුවෙන් සංචාරයේ යෙදෙන්නේ මුදල් සහ කාලය සොයාගැනීමට ඇති අපහසුව නිසාටත් වඩා අප සංස්කෘතියේ සංචාර සඳහා ඇති වැදගත්කම මඳවීම යයි මට සිතේ.

සුදත් පොඩිරත්න මහතා මේ පොත ලිවීමට පෙළඹවීම සතුටට කරුණකි. මේ චාරිකා විස්තරය මේ මාර්ගයේ සංචාරයේ යෙදෙන්නන්ට මෙන්ම හුදෙක් මෙවැනි චාරිකාවන් ගැන කියවා සතුටු වන්නන්ටත් කදිමය.

මම නම් දුම්රියේ ගමන් කිරීමට ඉතාමත් අකමැත්තෙකි. කොතරම් කාලගුණයෙන් සහ වෙනත් හේතු නිසා කරදරවලට ලක් වූවත් මෙවන් දුරක් ගෙවනවානම් මා ප්‍රිය කරන්නේ මොටර්සයිකලයකින් ඒ ගමන යාමටය.

trans_siberian_map

sayiibeeriyawen-peradigata

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.