
සීදේවි හෝටලය – අනුරාධපුර
පසුගිය වසරේ සැප්තැම්බර් 11 දින මගේ මෝටර්සයිකලය හදිසි අනතුරකට ලක්වූදා සිට අවුරුදු ගණනාවකට පසු නැවතත් බස්වල යාමේ “භාග්‍යය” මට උදාවී තිබේ. අදත් අනුරාධපුරයේ සිට මහවිලච්චියට පැමිණීමට සවස 7.15 අවසාන බසය එනතුරු පැයක් පමණ අනුරාධපුර පරණ බස්නැවතුම්පලේ ගතකිරීමට සිදුවිය. මහවිලච්චිය – අනුරාධපුර පාරේ බස් කාලසටහන් ගැන කිසිදු අවබෝධයක් නැති මම අසරණ වුණේ බස් යන එන වේලාවන් ගැන දැනගැනීමට කෙනෙකුද නොසිටි නිසාය. එහෙත් හදිසියේ මගේ ඇස ගියේ බස් කාලසටහන් ඩිජිටල් තිරයක් මත දිස්වෙන අයුරු දැකීමෙනි. මම මුලින්ම හිතුවේ මෙය රජයේ වැඩපිළිවෙළක් කියාය. කොන්ඩම් ලබාගැනීමේ යන්ත්‍ර ඇති කිරීම වැනි සාධනීය වැඩ (ව්‍යංගාර්ථයෙන් විවේචනය කරනවා නොවේ) කිහිපයක් හෝ කරන ආණ්ඩුවකින් බස් කාලසටහන් දැක්වෙන ඩිජිටල් තිර සවිකිරීම වැන්නක් බලාපොරොත්තු නොවීමට හේතුවක් නැත. නමුත් මම විමසිලිමත්ව බැලූ විට පෙනී ගියේ එම ඩිජිටල් තිරය “සීදේවි හෝටලය” නමැති කුඩා හෝටලයක නාම පුවරුවේ පසෙක සවිකර තිබූ බවයි. (මෙය අනුරාධපුරයේ ප්‍රසිද්ධ සීදේවි සමූහ ව්‍යාපාරයට අයිති හෝටලයක් විය නොහැක.) එම නාමපුවරුවේම අනිත් අන්තයේ තිබුණ අනෙක් ඩිජිටල් තිරයේ සඳහන් වුණේ “ආයුබෝවන්,” “අනුරාධපුරය පූජා නගරයට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු” වැනි වාක්‍ය සහ එම හෝටලයේ විකිණීමට තිබූ කෑම බීම වල නම් වැළකි. මෙම නිර්මාණාත්මක ව්‍යාපාරය ගැන හිත පැහැදුණු නිසා මම හෝටලයට ඇතුල් වී උලුඳු වැඩේ එකක් කා මගේ ප්‍රියතම බීම වන කිරි කෝපි කෝප්පයක් රසවිඳිමි. අවාසනාවට කිරිකෝපි කොප්පයනම් උණුසුම නිවී ගොස් තිබුණි. (කොහොමටත් මට සහ හොරයිසන් ලංකා ආයතනයට බොහෝ සෙයින් උදව් කළ භද්‍රා ගාමිණීතිලක මහත්මිය හදන කිරිකෝපි කෝප්පය තරම් රසවත් කිරිකෝපි කෝප්පයක් ගමේ කෝපි කඩයක සිට තරු පහේ හෝටලය දක්වා පරාසය තුළ වෙන කිසිම අයකුගෙන් මට ලැබී නැත.) මම හෝටලයේ මුදලාලි පසෙකට කැඳවා කිරිකෝපි කෝප්පය ගැන පැමිණිලි කළේ වැරද්දක් හරිගස්සා ගැනීමට උදව් කිරීමේ අරමුණෙනි. ඔහු එම වැරැද්ද නැවත නොවන බවට වග බලාගන්න බවට පොරොන්දු විණි. මම ඉල්ලා සිටියේ මේ නිසා කෝපි හැදූ සේවකයාට බැනනොවැදී සානුකම්පිතව බලා ප්‍රශ්නය නිරාකරණය කරගන්නා ලෙසය.

සීදේවි හෝටලය – අනුරාධපුර

සීදේවි හෝටලය – අනුරාධපුර
කිරිකෝපි කෝප්පයේ ප්‍රශ්නය හැරුණකොට අනෙක් හැම දෙයක්ම හොඳින් සිදුවෙන බව මට දැනුණේ, හෝටලයේ පිරිසිදුකම, සේවකයන්ගේ නිහතමානිකම සහ අයිතිකරුගේ සුහදශීලීබව නිසාය.
හෝටලයට ඇතුල් වූ පසු ඔබට මේ පෝස්ටරය දැකගත හැකිය. “සිංහල හෝටලය,” “මුස්ලිම් හෝටලය” වැනි ජාතිවාදී හෝටල් ඇති රටක සංහිඳියාව ගැන සීදේවි හෝටලය දෙන මේ පණිවිඩය ඉතා වැදගත්ය.

සීදේවි හෝටලය – අනුරාධපුර
මගේ හිතගිය අනිත් කරුණ වුයේ ඔවුන් වාදනය කළ ගීතවල තේරීමයි. කන්කරච්චලයක් වන ගීත වෙනුවට මෙහි ඇසුණේ ජෝතිපාල, අමරදේව වැන්නන්ගේ සුමිහිරි ගීතයි. එකම වැරැද්ද වන්නේ හෝටලයට ඇතුළුවූ පසුවත් එම ගීත ඉතා වැඩි ශබ්දයකින් වාදනය වන නිසා කෑමක් ඇණවීම් කිරීමට පවා අපහසු වීමයි. මෙය ලංකාවේ ව්‍යාපාරික ආයතනවල බොහෝ සුලභ දෙයකි. ගීතයක් රසවිඳීමට හැමෝම කැමතිය. නමුත් ව්‍යාපාරික ස්ථානයකට ඇතුළුවූ පසුව ශබ්දය අඩුවෙන් පාවිච්චි කිරීම හෝ සම්පුර්ණයෙන්ම නවත්වා දැමීම හිතකරය. නැතිනම් වන්නේ ගණුදෙනුකරුට ගනුවෙනුව පසෙක තබා වෙනත් ස්ථානයකට යාමයි. (මම ඉඳහිට හෝ සවස් ජාමයක පන්සල් යාම සම්පුර්ණයෙන්ම පාහේ නවත්වා දැමුවේ පන්සල්වල අධික ශබ්දයෙන් යුතු ශබ්ද ව්කාශන යන්ත්‍ර යොදාගෙන කෙරෙන ආගමික වතාවත් නිසාය. අරලිය මලක සුවඳ, හඳුන්කූරු සුවඳ, පොල්තෙල් පහන්වලින් දැනෙන ශාන්තබව, වැලි තලාවේ පාවහන් රහිතව ඇවිදෙමේදී පාදවලට දැනෙන සුමුදු බව වෙනුවට දැන් බොහෝ පන්සල්වලට ඇතුල්වූ විගසම පෙනෙන්නේ අක්‍රමවත්ව ඉදිකරන අනවශ්‍ය කොන්ක්‍රීට් ඉදිකිරීම් සහ අධික ශබ්දය පිටවෙන ශබ්දවාහිනී යන්ත්‍රවල කරච්චලයි.)
මේ හෝටලයේ හොඳ නරක දෙකම සඳහන් කිරීමට සිත්වූයේ කලක් “යමු” වෙබ් අඩවියේ භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කිරීමෙන් ලැබුණ ආභාසය සහ මෑතකදී ෆේස්බුක්හි දුටු නිර්මාණාත්මක ලෙස සේවය සපයන පුද්ගලික බස් රථයක් ගැන තිබූ විස්තරය කියවීම නිසාය. සමහරුන්ට ඕනෑම නම් මම ඉඳහිට “කඩේ යන්නකු” ලෙස සැලකිය හැකි වුවත් මෙවැනි ආයතනයකට “කඩේ යාමෙන්” මට කිසිදු හානියක් නොවන බව දනිමි.
මේ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ සීදේවි හෝටලය පිහිටා ඇත්තේ අනුරාධපුර පරණ බස් නැවතුමේ මහජන වැසිකිළියේ අල්ලපු වැටේ වීමයි. එහෙත් එය ගනුදෙනුකරුවන්ට ප්‍රශ්නයක් නොවෙන්නේ මෙම හෝටලයේ සේවාවන් උසස් නිසාය.
Nice write up Nanda…all the best…
LikeLike