මහණ වන්නේ ඇයි?


funny buddhist monk

A File Photo

පහතින් දැක්වෙන්නේ සති කිහිපයකට පෙර යාපනයේ සිට අනුරාධපුරයට බස් රථයකින් පැමිණෙමින් සිටි මා හට සිදුවූ පුංචි සිදුවීමකි. වවුනියාව පසුවී ටික දුරක් එනවිට බෞද්ධ භික්ෂුවකැයි කිව හැකි (එහෙත් නානසාරටත් වඩා තග් පෙනුමක් තිබූ) භික්ෂුවක් බස් රථයට වඩින ලදී. “ඉස්සරහ හන්දියෙන් බහිනවා” යැයි උන් වහන්සේ කොන්දොස්තරට කියූ නිසා මම පූජ්‍ය පක්ෂයට වෙන්වූ අසුනේ සිටියත් බස් රථයේ ජනේලය අසලට තවත් ලන්වුණේ ළඟ බහින හිමිනමක් තවත් ජනේලය ළඟට යවා අපහසුතාවයට පත්කළ යුතු නැති බව සිතුණ නිසාය.

හාමුදුරුවෝ: මෙහාට වෙනවා. මම මහණ වුණේ ඔය සීට් එකේ යන්න ඕනෑ නිසා තමයි.
මම: අපේ හාන්දුන්නේ මමනම් හිතුවේ ඔබ වහන්සේ මහණ වුණේ සංසාර ගමන කෙටි කරගන්න කියලයි.
(බස් රථයේ සිනා)
හාමුදුරුවෝ: ඔය මහත්තයා බෞද්ධයෙක් නෙවෙයිද?
මම: ඔබ වහන්සේ බෞද්ධයෙක්ද?
හාමුදුරුවෝ: ඇයි පෙන්නේ නැද්ද සිවුරකුත් දාගෙන ඉන්නකොට?
මම: බෞද්ධයන් කියන්නේ ඔබ වහන්සේ වගේ නොහික්මුණ අයටනම් මට බෞද්ධයෙක් වෙනවට වඩා ISIS ත්‍රස්තවාදියෙක් වෙන එක හොඳයි අපේ හාන්දුන්නේ.

(බස් රථයේ දැඩි සිනා)

අපේ හාමුදුරුවෝ අමු කුණු හබ්බ කියමින් බස් රථයේ සිනා හඬ මැද්දේ සිය ගමනාන්තයටත් කලින් බස්රථයෙන් බිමට වැඩම කරන ලදී.

හෝව්! හෝව්!! දැන් ඉතින් තලේබාන් බෞද්ධයෝ කලබල වියයුතු නැත. ගිහියනට ආදර්ශයක් විය යුතු  සමහර යතිවරයාණන් වහන්සේලාගේ සාමාන්‍ය හැසිරීම මෙයයි. (මෙයින් බොහොම සිල්වත් සහ අතිශයින්ම නිහතමානී යතිවරයන් වහන්සේලා නැති බවක් අදහස් නොකෙරේ.) නමුත් ඉවසීමෙන් ක්‍රියා කර අප වැනි පුහුදුන් මිනිසුන් ඔය කියනා හරි මගට ගන්න නම් මුලින්ම උන් වහන්සේලා නිවිය යුතුය. බුදුන් වහන්සේ අංගුලිමාලට (හෝ ආලවකයාට – හරියටම මතක නැත) නවතින්න (නිවෙන්න) කිව්වේ මුලින් උන්වහන්සේ නැවතීමෙන් (නිවීමෙන්) පසුවය. එහෙත් අපට නවතින්න (නිවෙන්න) කියන්නේ මෙවන් IRCකාර තලේබාන් නිකායේ තෙරුන්නාන්සේලාය. බෞද්ධාගමට අන්‍යාගමිකයන්ගෙන් තර්ජන ඇතැයි කියමින් බෙරිහන් දීමට පෙර මේ තලේබාන් හිමිවරු නියාමනය කළයුතුය.

2 thoughts on “මහණ වන්නේ ඇයි?

  1. Nanda,
    In .my 25 years at Peradeniya I saw so many of this type but avoided them
    rather than confronting. Did this actually happened to you? There are other
    monks who can shoot or stab you or even get a contract murderer to give you
    the works.

    Like

    • Yes Suni, this really happened to me and I thought someone has to confront this type of Taleban Buddhist mafia and in this case it happened to be me. I am well aaware of the impending backlash but someone has to come out and say #metoo and expose this unethical non-Buddhist thuggery apparent everywhere. I have no problem with the duty-bound priests of any faith. I am not Julian Assange.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.