
මම මුලින්ම පරිගණකයක් පාවිච්චි කළේ 1995දි. ඒ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අනුරාධපුර ශාඛාවෙදි. ඒ වෙනකොට තිබුණේ කළු සුදු (monochrome) මොනිටරය සහිත පරිගණක. DOS විධාන කටපාඩම් කරගෙන, 3 ¼ ෆ්ලොපි ඩිස්ක් (floppy diskettes) තැටිති වල දත්ත ගබඩාකරගෙන වැඩකළ ඒ යුගයේ පරිගණක සම්බන්ධ ලියවුණ සියලු පොත පත තිබුණේ ඉංගිලිසි භාෂාවෙන්. ඒ පොත් වල මිල මට ළඟා විය හැකි දුරට වඩා බොහෝ ඈතින් තිබුණා.
මට මුලින්ම වර්ණ තිරයක් සහිත Windows 95 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් හසුරුවන්නට ලැබුණේ 1999දී. ඊට සමකාලීනව සිංහලෙන් ලියවුණ පරිගණක අධ්‍යාපන පොතපත සහ සඟරා ද එකිනෙක පළවන්නට පටන් ගැනුණා. ඒ අතුරිනුත් මගෙත්, මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙත් ප්‍රියතම පරිගණක අධ්‍යාපන පොත් වූයේ N. P. විජේරත්න මහතා විසින් රචනය කරන ලද පොත පතයි. එතුමාගෙ පොත පත බොහොම වේගයෙන් ලංකාවෙ පරිගණක අධ්‍යාපනය ලබන බොහෝ අය අතර ජනප්‍රිය වුණා. එයට ප්‍රධාන හේතු ගණනාවක් තිබුණා.
- අලංකාර පොත් කවර
- සරල සිංහල භාෂාව
- සරල සිංහල පරිගණක ආශ්‍රිත යෙදුම්
- රූප සටහන් සහ තිර රූප (ස්ක්‍රීන් ෂොට්ස්-screenshots) මගින් පැහැදිලි කිරීම්
- ඉංගිලිසි පොත්වලට සාපේක්ෂව බෙහෙවින් අඩු මිල
මට මතක හැටියට මුලින්ම 1997 ආරම්භයේ සිටම විජේරත්න මහතා විජය පරිගණක සඟරාවට ලිපි සැපයුවා. ඒ් ඒය සඟරාවක් වශයෙන් නොව ලංකාදීප පුවත්පත සමග බෙදාවෙන ටැබ්ලොයිඩ් අතිරේකයක් වශයෙන් පලවූ අවධියේ පටන්මයි. පසුව ඔහුගේම ප්‍රකාශනයක් ලෙස “ප්‍රායෝගික පරිගණක” නම් මාසික පරිගණක සඟරාවක් 2002 දි ඇරඹුවා. මේ නිසාමදෝ එකල සිටි විජය පරිගණක සඟරා කතුවරයා විසින් විජේරත්න මහතාට එරෙහිව දැඩි ලෙස පහර ගැසීමට පටන් ගත්තත් විජේරත්න මහතා ඒවාට පෙරළා පහර නොදී ඔහුගේ සඟරාව දිගටම පළකළා.
මෙම ආරෝවට මූලික හේතුව ලෙස විජය පරිගණක කතුවරයා දැක්වූ හේතුව නම් විජේරත්න මහතාගේ ප්‍රායෝගික පරිගණක සඟරාව, විජය පරිගණක සඟරාවේ සන්නාමය වූ “පරිගණක” යන වචනයට සමාන වෙළඳ සලකුණකින් පළකළ නිසා බව කීමේ යම්කිසි දුරට සත්‍යක් තිබුණත්, එවැනි සන්නාම පිළිබඳ ප්‍රශ්න විසඳාගැනීමට නීතිමය පියවර ගැනීමයි සාමාන්‍යයෙන් ව්‍යාපාරික ලෝකයේ සිදුවන්නේ. කෙසේ නමුත් විජේරත්න මහතාට මාසික සඟරාව නවත්වන්නට සිදුවූයේ දිගටම විජය පරිගණක කතුවරයාගෙන් ඇතිවූ පීඩනය නිසාද වෙනත් හෙතුවක් නිසාද මම දන්නේ නැහැ. මට කිව හැක්කේ මේ දෙදෙනාම ශ්‍රී ලංකාවෙ පරිගණක ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් කරන දෙදෙනකු බවයි. (එමෙන්ම විජය පරිගණක සඟරාවේ වත්මන් කතුවරයා එම සඟරාවේ සන්නාමය මුල් සන්නාමයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අයුරකින් පළකරනවා. මම හිතන්නේ මේ තීරණය විජේරත්න මහතා හෝ විජය පරිගණක සඟරාවේ මුල් කතුවරයා විසින් මීට පෙර ගත්තානම් මෙවැනි විරසකයක් සිදු නොවනු ඇති බවයි.)
විජේරත්න මහතා සිංහල පරිගණක පොත් එළි දැක්වීම ඇරඹුවේ 1996 සිට. මේ වනවිට ඔහු තොරතුරු තාක්ෂණය ආශ්රිත පොත් 70ක් පමණ පළකර තියෙනවා. ඔහුගේ නොනවතින පරිගණක උපදේශන පොත් පොත් මාලාව නිසා වරෙක සිංහල පරිගණක සඟරාවක් (පරිගණක අත්වැළ) ඔහුව නම් කළේ ශ්‍රී ලංකාවේ Peter Norton ලෙසයි. පරිගණක හා සම්බන්ධ අත්පොත් මුලින්ම ලියා පළකල විද්වතුන් අතර පීටර් නෝටන් කැපී පෙනුනා. ලෝකප්රකට නෝටන් ඇන්ටිවයිරස් මෘදුකාංගයේ නිර්මාතෘවරයා ද ඔහුයි. සිය 72 වියේ පසුවීත් විජේරත්න තවමත් පොත් ලිවීම නතර කර නැහැ. ඔහුගේ අලුත්ම පොත, වින්ඩෝස් 10, 2019 මැයි යාවත්කාලය සම්බන්ධ පොත මේ වෙන විට නිකුත්කර තියෙනවා.
ඔහු පළකළ පොත් ගණන බැලුවොත් ඒවා පරිගණක ක්ෂේත්‍රයේ විවිධ උප විෂයධාරාවලින් සමන්විතයි. ඒ නිසාම ඔහු මේ සියලුම උප විෂයයන්ගේ ප්‍රවීණයෙක්යැයි සිතීමට අපහසුයි. එහෙම වීමට අවශ්‍යතාවයක්ද නැහැ. එතෙක් ඉංගිලිසියෙන් තිබුණ පරිගණක සාහිත්‍ය සිංහලට පරිවර්තනය කිරීම හොඳටම ඇති. කෙනෙකුට ඔහුගේ පොතකින් මූලික දැනුම ලබාගෙන වැඩිදුර ඉගෙන ගැනීමට වෙනත් මාර්ග ඕනෑ තරම් තියෙනවා. වඩා වැදගත්වන්නේ ඉන්ටනෙට් අද තරම් නොපැතුරුණු අවදියක සහ සිංහලෙන් පරිගණක දැනුම එතරම් ප්‍රචලිතව නොතිබුණ අවදියක විජේරත්න මහතාගෙන් පරිගණක සාහිත්‍යට ලැබුණ දායකත්වයයි.
මමද වරක් පුද්ගලිකවම විජේරත්න මහතා පුද්ගලිකවම හමුවී කතාකර තිබෙනවා. ඔහු ඉතාම නිහතමානී වගේම ප්‍රසන්න පුද්ගලයෙක්.
වරෙක ඔහු ඒ වනවිට පළකළ සියලූම පරිගණක සදඟරාවල පිටපත බැගින් මගේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය උදෙසා හොරයිසන් ලංකා ආයතනයටද පරිත්‍යාග කළා.
පරිගණක පොත් ලිවීමට අමතරව ඔහු චාරිකා පොත් සහ විවිධ සාහිත්‍ය පොත පතද පරිවර්තනය කර තිබුණත් ඒ ගැන වෙනම ලිපියකින් කතාකරමු.
What an unending list of publications. I think these were useful to many.
In my case my first exposures to computers were in 1985. We used to visit
Kandy’s British Council to borrow books. One day my fellow officer showed
me the newly insalled computer and asked me to operate it to find the books
to borrow, rather than sifting through the cards catalogue. It looked like
an electronic typewriter and least bothered I asked the librarian to
operate it but it looked very clumsy gadget and I reverted to my usual
cards catalog.
Then in the department I worked in a research project that ended 31.12.1986
I had to bring in daily data in the form of questionnaires filled far
afield and hand them over to to the computer room which did not impress me
at all. Apart from the noise of dotmatrix printers, the whole department
was littered with punch cards.
Then again I was in another research project at the gtZ where Prof. Mertens
was my supervisor. He had a computer room where none of us like to explore.
His systems analyst was travelling from Colombo to Kurunegala and his car
was airconditioned because he had to shuttle the bulky computer between CMB
and K’gala.
Finally, around the world there were banners that those who are not
computer-literate by 2000 would be treated as illiterate people. In 1999 I
were in Trincomalee and on ominous days when puligal were likely to attack,
I did not stay nights in TCM. Instead I rode to nearest safe outpost
Horowpotana where I had a good friend. One day I noticed that his office
computer in storage under a table. Reason was the typist clerk left the job
without a successor. I asked the friend to demonstrate to me how to start
it and the printer etc. It was a crude outfit with Windows 95 or 98. The
next week a computer whizkid who now has a BSc in computer engineering gave
me a huge text book with which I batteled it out with the friend’s disused
computer during the ensuing months of 1999. More visits to Horowpotana and
the friend was angry because I was now not interested in drinks he offered
and chats with him. Dividents were well paid in 2000 when I returned to my
job proper at Peradeniya. My computer skills were well above my fellow
staff and even my boss sought my help to troubleshoot hrr computer.
Meantime I earned friends at the Computer Centre of the Department of
Electrical & Electronic Engineering (where the brilliant good professor
S.Ratnejeevan H.Hoole was the head and the director), and the rest is vague
history. One turning point in my digital realm was my conversion to linux
and giving up shoddy windows for good, around 2005.
Regards.
Rat.
What Care I
LikeLiked by 1 person
A few Linux enthusiasts tried their best to convert me to Linux OS but I was never convinced and removed the OS and went back to Windows.
LikeLike