ශ්‍රී ලංකාවේ පෞද්ගලික ටුයිෂන් අධ්‍යාපනය නියාමනය කිරීම


ටුයිෂන් පංතියක ආකර්ශනීය පෝස්ටරයක්

රජයේ පාසල් දෙකක ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස මා සේවය කර ඇත්තේ වසර තුනක් පමණි. එමෙන්ම පෞද්ගලික උපකාරක පන්ති (tuition) ගුරුවරයකු ලෙස මට ඇත්තේ මාස කිහිපයක අත්දැකීම පමණි. මා ටුයිෂන් ගුරුවරයකු ලෙස දිගටම සිටියානම් කෝටිපතියකු කෙසේවෙතත් ලක්ෂපතියකුවත් වීමට බොහෝ සෙයින් ඉඩ තිබුණි. එහෙත් මම කළේ (හැමදාමත් කළා සේ) උඩුගං බලා පිහිණීමයි.  මගේ ගමේ සිසු සිසුවියන්ට නොමිලේ ඉගැන්වීමෙන් මට වඩා සංතෝෂයක් ලැබිණි.

මේ ලියවිල්ල මගින් ශ්‍රී ලංකාවෙ පුද්ගලික ටියුෂන් කර්මාන්තය ගැන මගේ මතයන් බෙදාහදා ගැනීම ම්ගේ අරමුණයි. මගේ අදහස්වලට විරුද්ධ මතවාදයක් දැරීමට ඔබට නිදහස තිබේ. මම ආර්ථිකය ලිහිල්කරනයට (liberal economy) අනුබල දුන්නද, අධ්‍යාපනය මුළුමනින්ම නිදහස් නොවන්නේ නම් අඩුම තරමින් අඩු මිලට හෝ තිබිය යුතු යැයි තවමත් විශ්වාස කාන්නෙක්මි. දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලක 8 වන දරුවා මම වන අතර මගේ පවුලේ සෑම සාමාජිකයෙක්ම නිදහස් අධ්‍යාපනය නිසා අසීමිතව ප්‍රතිඵල ලැබූවන් වේ. අපට නොමිලේ අධ්‍යාපනය නොලැබුණේ නම්, සමහරවිට මට මෙම ලිපිය ලිවීමට පවා නොහැකි වනු ඇත.

පෝස්ටර් යුද්ධය

මගේ අදහස නම් පුද්ගලික ටුයිෂන් මාෆියාවට (සමාවෙන්න, ටුයිෂන් මාෆියාව අවස්ථා ගණනාවකදී දැක ඇති හෙයින් එම වචනය භාවිතා කිරීමට සිදුවිය) එරෙහි වීමට වඩා හොඳ ක්‍රමය රජයේ පාසල්වල වර්තමාන පාසල් ගුරුවරුන් සවිබල ගැන්වීම/පුහුණු කිරීම/වැඩිදියුණු කිරීම කරන අතරතුරදී පෞද්ගලික උපකාරක පංති කර්මාන්තයේ සිටින හොඳ ගුරුවරු රජයේ පාසල්වර්මාන්තයේ සිටින්ලැබූවන් වේත් එයට විරුද්ධ්ල කාර්ය මණ්ඩලයට බඳවා ගතයුතු බවයි. මෙමගින් ගුරුවරුන් සපයන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත පදනම්ව තරඟකාරී ව්‍යුහයක් නිර්මාණය කරනු ඇත. රාජ්ය පාසල් ගුරුවරුන්ට රැකියාව බේරාගැනීමටනම් වඩා හොඳ කාර්ය සාධනයක් කිරීමට සිදුවනු ඇත. ඔවුන් එසේ නොකළේ නම්, බටහිර රටවල සිදුවනවාක් මෙන්, ඔවුන් රැකියාවන් දොට්ට දැමිය යුතුය.

රජයේ පාසල් තුළ නියාමනයට ලක් කළ පෞද්ගලික උපකාරක පන්තිද කළ හැකි විය යුතු අතර මෙය පෞද්ගලික උපකාරක කර්මාන්තයේ පිරිවැය ද අඩු කරනු ඇත. එහි ප්‍රතිලාභ ලෙස උපකාරක පන්ති ගාස්තු අඩු කළ හැකි නිසා එහි ප්‍රතිලාභ කෙළින්ම සිසුන්ට ලබා ගත හැකිය. මීට අමතරව, රජයේ පාසල් පරිශ්‍රය තුළ සිසුන්ට වඩා හොඳ ආරක්ෂාවක් ලබා දෙනු ඇත. උපකාරක පන්ති පැවැත්වෙන විට රජයේ පාසල්වලට දෙමාපියන් හෝ ආරක්ෂක නිලධාරීන්/භාරකරුවන් සේවයට බඳවා ගත හැකිය.

පෞද්ගලික ටුයිෂන් පංතියක සුළු ඉඩක සිරවී අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පිරිසක්

මෙය සිදු කිරීමට වඩා කතා කිරීමට පහසු දෙයක් වන බවද මම දනිමි. නමුත් මෙය පුද්ගලික උපකාරක පන්ති නියාමනය කිරීම සඳහා ප්‍රායෝගික විසඳුමකි. මෙය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමක් යැයි තර්ක කරමින් ගුරු සංගම් සහ ව්‍යාජ මාක්ස්වාදී දේශපාලන පක්ෂ මෙම පියවරට විරුද්ධ වනු ඇත. නමුත් ඔවුන් නොදකින දෙය නම්, දරුවන්ට එතරම් හිතකාමී නොවන උපකාරක පන්තිවලට යැවීම සඳහා දෙමාපියන් විසින් විශාල උපකාරක පන්ති ගාස්තු ගෙවීමට සිදුවීම නිසා අධ්‍යාපනය දැනටමත් භයානක ලෙස පෞද්ගලිකකරණය වී ඇති බවයි.

සංවර්ධිත රටවල පාසැල් හා විශ්ව විද්‍යාල පරිශ්‍රයන් අධ්‍යයන කටයුතු සඳහා සති අන්තයේ සහ පාසල්/දේශන වේලාවෙන් පිට වේලාවලට අඩු මිලකට ලබා දී ඇති අතර එමඟින් එම පහසුකම් වඩාත් හොඳින් ප්‍රයෝජනයට ගත හැකි වන අතර පාසල් හා විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වීමට යම් ආදායමක්ද ලබා ගත හැකිය. මෙම ආදර්ශය ශ්‍රී ලංකාවේද අත් හදා බැලිය හැක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.