ගානියාගේ මගඩි නැටුම


සුලංචියාගේ “මගඩි නැටුමමාටින් වික්‍රමසිංහයන්ගේ “මඩොල්දූව” ළමා නවකතාවේ එන අතිශය රසවත් පරිච්ඡේදයකි. ගමෙන් පිට ගොස් නගරයක තක්කඩි වැඩ කොට නැවත ගමට පැමිණ, ගමේ කොල්ලන් කුරුට්ටන් පමණක් නොව වැඩිහිටියන්ද රවටා සැලකියයුතු මුදලක්ද වංචාකොට ගමෙන් නැවතත් පැනගිය තක්කඩියකුගේ ක්‍රියාකලාපය මෙම පරිච්ඡේදයේ දැක්වෙයි.

මෙතෙක් මනස්කාන්ත කඳුයායන්වලට, හේමන්තයේදී වර්ණවත්වන අලංකාර ගස් වැල්, ලොව හොඳම ඔරලෝසුවලට, රසවත්ම චොක්ලට් වලට, ලොව හොඳම ප්‍රජාතන්ත්‍රවාදී දේශය ලෙසට, විනාශකාරී යුද අවි කර්මාන්තයට හා ලොවපුරා තක්කඩියන්ගේ කළු සල්ලිවලට නීතිමය ආරක්ෂාව ලබදෙන පාදඩ බැංකු පද්ධතියකට චිරප්‍රසිද්ධවූ ස්විට්සර්ලන්තය සුලංචියාගේ මගඩි නැටුමට එහා ගිය මගඩි නැටුමක් ස්විස් තානාපති කාර්‍යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ ගානියා නමැත්තිය හරහා රඟ දක්වා ස්විට්සර්ලන්තය මගඩි නැටුම්වලටද චිරප්‍රසිද්ධියක් ලබාගෙන ඇතිබව පෙනේ.

ස්විස් තක්කඩියන්ගේ තවත් ඓතිහාසික තක්කඩිකම් ගැන දැනගැනීමට මෙම ලිපිය කියවන්න.

ස්විස් තානාපති කාර්‍යාලයේ සේවිකාවක් පැහැරගෙන ගොස් ලිංගික අතවරකොට, පැය ගණනක් ප්‍රශ්නකර නැවතත් මුදාහල බව මුලින්ම රජයට චෝදනාකළ මෙම සේවිකාව, පසුව විවිධාකාරයෙන් එකිනෙකට පරස්පර ප්‍රකාශයන්, කට උත්තර ලබාදී ඇති බව පෙනේ. තාර්කිකව බැලුවහොත් නව ජනාධිපතිවරයාට හෝ නව රජයට මෙවන් ගොන් වැඩක් කර හත්පොලේම ගාගන්නට තරම් මෝඩ වේයැයි සිතීම අපහසුය. යම්හෙයකින් සැබෑලෙසම එවැන්නක් සිදුවී ඇත්නම් එයටද ගතයුතු නෛතික, වෘත්තීය සහ තානාපති මට්ටමේ පියවර තිබේ.

අනිත් අතට මතභේදාත්මක ලෙස හැසුරුණු පොලිස් ප්‍රධානියකුට හා කොටි ත්‍රස්තවාදීන්ට ස්විට්සර්ලන්තයට පැනයාමට ස්විස් තානාපතිවරයා දිගින් දිගටම උදව් කර ඇති බවද කියවේ. විදේශ තානාපතිවරයකුට අන් රටකදී ක්‍රියාකළ හැකි සීමාවන් පවතී. ඒවා ඉක්මවා යන්නේ නම් රටවල් දෙක අතර මිත්‍ර සබඳතා පලුදුවෙයි. රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයාගේ කාලයේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ව ගෙදර යැව්වේද ඔහු සීමාවෙන් එහා ගොස් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට යාම නිසාය.

මෙවැනි තත්වයකදී රාජ්‍යත්‍රාන්ත්‍රික හේතු නිසා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හෝ රජයට කළ නොහැකි, එහෙත් රටවැසියන් ලෙස අපට කළ හැකි ඉතාමත් පහසු ප්‍රතිචාර දැක්වීමක් තිබේ. එනම් ස්විස් නිෂ්පාදන මිලදී ගැනීම නැවැත්වීමයි. ඔබ අපි කවුරුත් හොඳින්ම දන්නා ස්විස් බහුජාතික ආහාර සහ දියර බීම නිෂ්පාදන සමාගමක් වන නෙස්ලේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමෙන් මෙය ආරම්භ කළ හැකිය. මමද අද දින සිටම එය පටන් ගතිමි. නෙස්ලේ නිෂ්පාදන වෙනුවට විකල්ප දේශීය සහ විදේශීය නිෂ්පාදන ඕනෑ තරම් වෙළඳපොළේ ඇත.

මෙම පියවර නෙස්ලේ වැනි විශාල බහුජාතික සමාගමකට දැනෙන්නේවත් නැති බව බොහෝදෙනෙක් කියනු ඇත. නමුත් නවසීලන්ත නිෂ්පාදනයක් වූ ඇන්කර් කිරි නිෂ්පාදනවල අන්තර්ගතයේ තිබුණ ශරීරයට අහිතකර රසායනිකයක් නිසා මීට වසර දෙක තුනකට පෙර අප ඔවුන්ගේ නිෂ්පාදන මහා පරිමාණ ලෙස ප්‍රතික්ෂේප කළ අවස්තාව සිහියට ගන්න. එය ඇන්කර් නිෂ්පාදන සමාගම වන නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමට කොතරම් තදින් දැනුනාද කිවහොත් නවසීලන්ත අගමැතිවරයාට හදිසියේම ශ්‍රී ලංකාවේ සංචාරයකටද පැමිණීමට සිදුවිය. ඒ තරමට නවසීලන්තයට අපේ ඇන්කර් වර්ජනය තදින් දැනුණි. එසේනම් ඔබත් අද සිටම ස්විස් නිෂ්පාදන ප්‍රතිෂේප කරන්න. එවිට ඔවුන්ටද අප ඉදිරියේ දනින් වැටීමට සිදුවේ. ඕනෑම කෙනෙකුට වැඩියෙන්ම රිදෙන්නේ බඩට ගැසූ විටය. කොතරම් පොහොසත් රටක් වුවද ස්විසර්ලන්තයටද රිදෙන්න බඩට ගැසූ විට ඔවුන්ට වඩාත් දැනෙනු ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.