යාපනය මහජන පුස්තකාලය, තක්කඩියෝ සහ පාදඩයෝ


යාපනය මහජන පුස්තකාලය

මේ යාපනය මහජන පුස්තකාලයයි. මම ගිය ඉරිදා එය නැරඹීමට ගියෙමි. තක්කඩි ජේ. ආර්. ජනපතිවරයාගේ පාදඩ යූ. එන්. පී. බත්බැලයන් විසින් 1981 ජූනි 1 දා ඉතාම දුර්ලභ මුල් පිටපත් සහ පොත් පත් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සහිත එතෙක් ආසියාවේ විශාලතම පුස්තකාලයන් වලින් එකක් ලෙස සැලකුණු මෙම පුස්තකාලය සම්පුර්ණයෙන්ම ගිනිබත් කරන ලදි. (මේ අවස්ථාවේදී කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක් ප්රසිද්ධියේ මේ විනාශකාරී ක්රියාවන් මෙහෙයවූ බවට සැලකේ.)

ගිනි තැබූ යාපනය පුස්තකාලය

සිංහල දේශපාලකයන් සහ ආරක්ෂක හමුදාවන් කුපිත කිරීමට හේතුවූ කරුණු කිහිපයක්ද මීට ආසන්න දිනවල සිදුවූ බව සත්යක් වුවත් රජය සිදුකළ යුතුව තිබුණේ නීතිමය රාමුව තුළ අදාළ වැරදිකරුවන්ට දඬුවම් දීම විනා පාහරකම් වලින් බලය පෙන්වීම නොවේ. (වැඩි විස්තර කියවන්න මේ දිගුවට යන්න. https://en.wikipedia.org/wiki/Burning_of_Jaffna_Public_Library)

යාපනය පුස්තකාලය ගොඩනැගුනේ 1933දීය. 2001දී, එනම් පුස්තකාලය ගිනිතැබීමෙන් හරියටම අවුරුදු 20කට පසු පුස්තකාලය නවීකරණය කර අළුත් පොත් පත් එකතුවක් සමග යාපනය පුස්තකාලය නැවතත් විවෘත කෙරිණි. එසේ වුවත් ගිනි තැබූ මුල් පිටපත් (manuscripts) නැවතත් මැවිය නොහැක. කොළඹ මහජන පුස්තකාලය පමණක් දෙවන වන යාපනය පුස්තකාලය යාපනයේ ප්‍රධානතම බිම් සලකුණකි.

යාපනය මහජන පුස්තකාලයේ දෙවන මහලේ සිට අවට පරිසරය පෙනෙන අයුරු

ඉන්දියානු ෂීක් ජනතාවගේ ප්රධානතම පූජනීය ස්ථානය වූ රන් දෙවොල තුළ සිට ෂීක් ත්රස්තවාදීන් රජයේ හමුදාවලට පහරදුන් නිසා එවකට ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි රන් දෙවොලට පහරදීමට සිය හමුදාවට අණ දුන්නාය. ත්රස්තවාදීන් ඇයගෙන් පලිගත්තේ ෂීක් ජාතික අගමැතිනි ආරක්ෂක පොලිස් නිලධරයන් දෙදෙනකු යොදා ඇයව ඝාතනය කිරීමෙනි. ඒ නිසා ආගම, සංස්තිය වැනි දෑ (මට එසේ නොවුණත්) බොහෝ අයට අතිශයින්ම සංවේදී කරුණුය.

හමුදා ප්‍රහාරයෙන් විනාශවූ රන් දෙවොල බලා කම්පාවන ෂීක් භක්තිකයන්
රන් දෙවොල නැවත ප්‍රතිසංස්කරණය කළ පසු දිස්වෙන අයුරු

පුස්තකාලය ගිනි තැබීමේ අපවාදය ජේ. ආර්. තක්කඩියාගේ බලුකුක්කන් විසින් කරන ලද්දක් වුවත් එහි නින්දාව පැටවුණේ පොදුවේ සිංහල ජනතාවටයි. ඒ අවමානය කිසිදා මැකිය නොහැක. සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාවද ලක්ෂයකට ආසන්න පිරිසක් මියගිය, තුවාල ලැබූ මෙන්ම අවතැන් කළ, රුපියල් බිලියන ගණනක් විනාශවූ, සාමකාමි රටක් ලෙස අප ලබා තිබූ ප්‍රසිද්ධිය මිනී කන්නන්ගේ දේශයක් ලෙස වෙනස් කල මිනීමරු යුද්ධයටද යාපනය පුස්තකාලය ගිනිතැබීම උත්ප්‍රේරකයක් විණි.

යාපනය මහජන පුස්තකාලය ගිනි තබන විට එවකට රජයේ ප්‍රධානතම කැබිනට් ඇමතිවරයන් දෙදෙනකු යාපනය නගරයේ සංචාරය කරමින් සිටිය බවටත්, ගිනිතැබීම් සහ අනෙකුත් විනාශකාරී ක්‍රියාවලට පෙළඹවූ හෝ ඒවා වැළැක්වීමට කිසිදු අයුරකින් දායක නොවූ බවටත් චෝදනා එල්ල වී ඇත. මේ දෙදෙනාගෙන් එකකුගේ පුත්‍ර රත්නයක් මෑතකදී නුවර එළිය නගරයේදී අසික්කිත ලෙස රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරියට බධා කරමින් තමා තාත්තාගේම පුතෙකු බව DNA වාර්තා නැතිවම තහවුරු කරණ අයුරු ඔබද ජනමාධ්‍ය හරහා දුටු බව මට සහතිකය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.