
වත්මන් ආර්ථික අර්බුදයෙන් විතරක් නෙවෙයි කවදත් ආර්ථිකයේ තියෙන අභියෝග ජයගන්න පුළුවන් කොච්චර අඩුපාඩු තිබුණත් වෙළඳපොළ ආර්ථික ක්‍රමයෙන්ම තමයි. ඉතා වේගවත් ප්‍රතිසංස්කරණ සෑම ක්ෂේත්‍රයකම කළයුතුයි. නැති වෙන්නට දෙයක් නැති මෙවැනි අවස්ථාවක් ඒ සඳහා කදිමයි. ආණ්ඩුව බිස්නස් කරන එකෙන් අයින්වෙලා, ඒවා නියාමනය කරලා, හරියට සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළානම් හොඳටම ඇති.

කර්මාන්ත ක්ෂේත්‍රයේ වේගවත් දියුණුවක් ඇතිකරන්න නම් දැනට කම්කරුවන්ට, සේවකයන්ට හා වෘත්තීය සමිතිවලට දැඩි වාසි සැලසෙන විදිහට හදලා තියෙන නීති වෙනස් කරලා ආයෝජකයන්ට, ව්‍යවසායකයන්ට, පාලන අධිකාරීන්ට පහසු විදිහට නීති උඩු යටිකුරු කරන්න ඕනෑ. එතකොට ආයෝජන ගලාගෙන එයි. පිටරටවල සල්ලි හංගන දේශීය ධනවත්තු ඒවා මෙහේ ව්‍යවසායකත්ත්වයට යොදවයි. යම්කිසි ව්‍යාපාරයක් පාඩු ලබනවානම් එය වසා දමනවාට වඩා සේවක පිරිස අඩුකරලා, සේවක ප්‍රතිලාභ අඩුකරලා, පිරිවැය අඩුකරලා ව්‍යාපාරය රැකගතයුතුයි. අමාරු කාලය පසුවී නැවත ලාභ ලැබෙන්න ගත්තම අයින් කළ සේවක පිරිසම වුණත් ආපසු බඳවාගත හැකියි. දියුණු රටවල කෙරෙන්නෙ එහෙමයි. මෙහෙ කරන්නේ වෘත්තීය සමිතිවල උද්ඝෝෂණ නිසා මුළු ව්‍යාපාරයම කඩා වැටී සියල්ලම නැති භංගස්ථාන වීමයි.
විදුලිබල මණ්ඩලය පාන්දර දෙකට ගිවිසුම් ගහලා හරි සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කරලා අඩුම ගානෙ සමාගම් පහකටවත් කොටස් විදිහට විකුණන්න ඕනෑ. තක්කඩි විදුලි එන්ජිනේරුවෝ වර්ජනය කරනවානම් කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන හරි ඒ ගිවිසුම් අත්සන් කරන්න ඕනෑ. රටේ විදුලිබල ප්‍රශ්නයට තියෙන ප්‍රධානම බාධාව විදුලි එන්ජිනේරු මාෆියාව. පුනර්ජනනීය විදුලිය නිපදවීමටත් තිබෙන ලොකුම හෙනය ඔවුන්. ඔවුන්ගේ හුලං බස්සන්නේ නැතුව විදුලිබල ප්‍රශ්නය කිසිම ලෙසකින් විසඳන්න බෑ.
දුම්රිය දෙපාර්තමේන්තුව වහාම පෞද්ගලීකරණය කළයුතුයි. ලංගම පවත්වාගෙන යාමෙත් කිසිම තෙරුමක් නෑ. ඒවා ලාභ ලබන්නනම් අනිවාර්‍යයෙන්ම ගාස්තු වැඩිකළයුතුයි. පෞද්ගලික අංශයට මේවා විකුණාදැමිය යුතුයි. එවිට ඔවුන් සේවාවන් දියුණුකරලා වැඩි ලාභයකුත් ගනියි. දැන් තියෙන ප්‍රවාහන ගාස්තු කොහෙත්ම ප්‍රමාණවත් නෑ. ශ්‍රී ලංකන් ගුවන් සේවය පුළුවන් කෙනෙකුට කීයකට හෝ විකුණාදමා ඒ වෙනුවෙන් විනාශවෙන මහා ධනස්කන්ධය වහාම නැවතිය යුතුයි. ඉන්දියාවත් මෑතකදී ජාතික ගුවන් සේවය තුට්ටු දෙකට විකුණා දැමුවා.

සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය බැංකු අකාර්‍යක්ෂමයි. ගනුදෙනුකරුවන්ට සලකන ආකාරය අන්තිමයි. මහබැංකුව විතරක් ආණ්ඩුවට තියාගෙන සියලුම රාජ්‍ය බැංකු සම්පූර්ණයෙන්ම පෞද්ගලිකකරණය කරන්න ඕනෑ. අනෙක් රාජ්‍ය බැංකුවල සියයට එකක කොටසක්වත් ආණ්ඩුවට තියාගන්න ඕනෙ නෑ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙන්ම හැකි සෑම විටම කුලී වැඩකරුවන්ගේ පවා අදාළ මුදල් බැංකු ගිණුම්වලට යොමුකළ යුතුයි. අර්ථිකයේ සියලුම ගෙවීම්, ලැබීම් බැංකු පද්ධතිය හරහා කළයුතුයි. එවිට සුළු මුදලක් හෝ ඉතිරි කිරීමට පෙළඹෙනවා මෙන්ම අනෙකුත් බැංකු පුරුදු සමාජයේ සෑම ස්තරයකටම හුරුවෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිසම, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA) වගේ දේවල් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ. ඕවයෙ ඉන්න නාකි ඩයිනසෝර්ලා ගෙදර යවලා, අලුතෙන් හිතන්න පුළුවන්, තරුණ කණ්ඩායම් ඕවට ගන්න ඕනැ. (මේ අපිත් දැන් ඕවට නාකි වැඩියි.) අලුතින් ඇතිවෙලා තියෙන Platform Economy | වේදිකා ආර්ථිකය (Amazon, AirBnB, Baidu, Uber, etc.) ගැන අවබෝධයක් තියෙන සහ ඒවගෙන් වැඩගන්න පුළුවන් තරුණ තරුණියෝ කොච්චරවත් ඉන්නවා.
දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල, ප්‍රාදේශීය ලේකම් කර්‍යාල, ග්‍රාම නිලධාරී කාර්‍යාල සියල්ලම ඉතාම ප්‍රගතිශීලී තරුණ පිරිසක් හරහා සම්පූර්ණ smart office බවට පත්කරන්න ඕනෑ. මේ කාර්‍යය සඳහා ලෝක බැංකු ආධාර යටතේ ICTA නම් සුදු අලියා හරහා අති විශාල මුදලක් නාස්ති කර ඇති නමුත් සිදුවී ඇත්තේ සොච්චම් කාර්‍යයක්. ඒ නිසා කිසිම හේතුවකට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඔලමොට්ටල ඩයිනසෝරයන් මේ ක්‍රියාවලියට ඈඳාගතයුතු නෑ. මුලින් උපකරණ, පුහුණුව සහ වේගවත් internet බිල් සඳහා අධික වියදමක් ගියද සේවක පිරිස විශාල ලෙස අවම කර කාර්‍යක්ෂමතාවය වේගයෙන් වැඩිකර, විශාල කාර්‍යාල සංකීර්ණ පවත්වාගෙන යාම, විදුලි බිල්පත් ගෙවීම, ආයතන නඩත්තුව, ප්‍රවාහන වියදම් වැනි දේ අඩුවීම මගින් ආර්ථිකයට දීර්ඝකාලීනව ලැබෙන වාසි සමග සලකා බැලූ කල මෙය ඉතාම පිරිවැය එලදායිතාව සහිත (cost effective) ක්‍රියාවලියක්. මේ මගින් හිතාමතා සේව ප්‍රමාද කිරීම සහ පගාව, අල්ලස සහ දූෂණය අඩුකිරීම මගින් ආර්ථිකයට ලැබෙන වාසිය අතිවිශාලයි.

ග්‍රාම නිලධාරීන්ගේ කාර්‍යභාරය තවත් පුළුල් කළයුතුයි. ඔවුන් සියල්ලන්ටම ලැප්ටොප් පරිගණකයක්, ටැබ් එකක්, smartphone එකක් සමග හොඳ මෝටර්සයිකලයක්, ඉන්ධන, දුරකථන සහ internet දීමනා ලබාදී ඔවුන්ගේ කාර්‍යය වේගයෙන් කරගැනීමට අවශ්‍ය පුහුණුව සහ ඉංග්‍රීසි දැනුම දිය යුතුයි. රාජ්‍ය පරිපාලනයේ විශාල දායකත්වයක් දරන මොවුන්ට තවමත් දක්වන්නේ යුද්ධයේ අවසාන කාලය දක්වාම ග්‍රාමාරක්ෂක භටයන්ට දුන් අඩු සැලකිලිමයි. යුද්ධයේදී තර්ජිත ගම් රැක ගැනීමේදී විශාල සේවයක් කළ ග්‍රාමාරක්ෂකයන් “සිවිල් ආරක්ෂක බලකාය” ලෙස නම්කර, වැටුප් වැඩිකර, අලංකාර නිල ඇඳුමකින් හැඩගන්වා ඔවුන්ට කළ සැලකිල්ලට නොඅඩු සැලකිල්ලක් ග්‍රාම නිලධාරීන්ට, නිලධාරිනියන්ට දිය යුතුයි. එක කොට්ඨාශයකට ග්‍රාම නිලධාරියකු සහ සහය ග්‍රාම නිලධාරියකු පත්කර කිසිදු ප්‍රමාදයකින් තොරව එක් නිලධාරියකු නැත්නම් ඒ නිලධාරියාගෙ සියලු කටයුතු සහය නිලධාරියා මගින් කළ හැකිවන ලෙස බලය පැවරිය යුතුයි.
නීතියට ඉහළින් ක්‍රියාත්මකවන තක්කඩි වෘත්තිකයන් පිරිසක් බවට පත්ව සිටින වෛද්‍යවරුන් බැඳ දැමිය යුතුයි. ඔවුන්ට රටේ සෙසු පුරවැසියන්ට ඉහළින් කිසිදු වරපසාදයක් නොදිය යුතුයි. වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති තහනම් කිරීමේ නීතිරීති ගෙන ආ යුතුයි. ඔවුන් සෙසු සියලු වෘත්තීන්ට නරක ආදර්ශයක් බවට පත්වී සිටින්නේ 1980 ගණන්වල සිට. පැවති සෑම රජයක්ම ඔවුන් ඉදිරියේ දණ ගැසුවා. ඉන්දීය රජය සමග ගිවිසුමකට ගොස් දකුණු ඉන්දීය වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයන් හා පරිවෘත්තීය සේවාවල නියුක්තිකයන් මෙරටට ගෙන්වා අපේ රටේ දෙමළ භාෂා පරිවර්තකයන් යොදවා ප්‍රතිකාර ලබාදී වෛද්‍ය වෘත්තිකයන්ගේ තක්කඩි ක්‍රියාකාරකම් මැඩලිය යුතුයි.
පොලීසියේ සිවිල් කටයුතු (ලේඛන ලබාගැනීම, අවසර පත් ලබා ගැනීම, දඩ ගෙවීම ආදිය) සියල්ලම පොලිස් දෙපාර්තමේන්තුවෙන් පිට සේවාවක් මගින් (ග්‍රාම සේවා නිලධාරීන් වැනි) සිදුකර පොලීසිය හුදෙක් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරිවල පමණක් නියැලිය යුතු වුණාම ඇති. මෙයින් ඔවුන්ට ඒ රාජකාරි වඩා කාර්‍යක්ෂමව කළහැකි වනවා පමණක් නොව නොදන්නා වැඩ කිරීමට ගොස් කුණු බැණුම් ඇසීමට සිදුවෙන්නේත් නෑ.
කුමන ආගමක පූජකයන්වත් කිසිම රාජ්‍ය පාලන කටයුත්තකට, රාජ්‍ය උත්සවයකට, පාසල්, විශ්වවිද්‍යාලවල කිසිම කාර්‍යයකට සහභාගි කරගතයුතු නෑ. පාසල්වල කිසිම ආගමක් ඉගැන්විය යුතු නෑ. ආගමක් අදහන එක යට ඇඳුමක් ඇඳීම වැනිම අතිශයින්ම පෞද්ගලික කටයුත්තක්. ආගම්වලට සහ යට ඇඳුම්වලට රාජ්‍ය අනුග්‍රහයක් දෙන්න අවශ්‍ය නෑ.
සියලුම ආගමික ස්ථානවල ආදායම් විගණනය කළයුතුයි. ත්‍යාග මුදල්, භාණ්ඩ ලෙස කරන ප්‍රධාන, ඉඩම් ප්‍රධාන ආදිය ආදායම් බදුවලට යටත් කළයුතුයි. ආගමික ස්ථානවල පොට්ට කාසි එකතු කිර්‍රිම, ස්වර්ණාභරණ ලෙස පූජාවන් ලබාගැනීම තහනම් කළයුතුයි. පූජකයන්ට, දෙවියන්ට හෝ ආගමික කතෘවරුන්ට ස්වර්ණාභරණ මොකටද? අවශ්‍යනම් බැංකු මාර්ගයෙන් අදාළ ආගමික ස්ථනයට කැමති ප්‍රදානයක් කර රිසිට් පතක් ලබාගත හැකියි. ඒ කිසිවක් පූජකවරයකුගේ පෞද්ගලික ගිණුමකට නොයායුතුයි. ලැබෙන ආධාරවලින් කරන සමාජ කාර්‍යයන් කලින් අනුමත කරගෙන සීමාවන් තුළ කළ යුතුයි. කරන්නේ සමාජ සත්කාර හෝ ආගමික ක්‍රියානම් ඔවුන්ට සැඟවීමට දෙයක් තිබිය යුතු නෑ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ වෙනත් කිසිම මහජන නියෝජිතයකු රාජකාරි වෙලාව තුළ අගමික ස්ථානවලට, මලගෙවල්වලට, මගුල් ගෙවල්වලට හෝ කොටහළුගෙවල් වලට නොයායුතුයි. (අවශ්‍යනම් ඒවා පෞද්ගලික මට්ටමෙන්, පෞද්ගලික සම්පත් යොදාගෙන කරගත්තාට අපිට කමක් නෑ.) ඒ වගේම එවැන්නන්ට ඔවැනි උත්සව වලට ආරාධනා කරන්නන්ටද මඩු වලිගෙන් තැළිය යුතුයි. මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ දේශපාලකයන්ට තමන්ගේ හෝ තමන්ගේ දියණියගේ මගුල් ගෙදරට ආරාධනා කරන්නන් ඈත කාලයේ යුරොපයේ තිබුණා යැයි කියන මනමාලිය මුලින්ම එවැන්නන් අතින් ඉඳුල් වියයුතුයි යනුවෙන් සිතන දීනයන්. ඒ නිසා එසේ ආරාධනය කරනවානම් ඒ හරියත් අදාළ දේශපාලකයා ලවාම කරගත යුතුයි.