සිත්තරු (Siththaru) – නවතම චිත්‍රකතා පත්තරය


Siththaru First Copy

Siththaru First Copy

කුඩා කළ සිටම චිත්‍රකතා වලට පෙම් බඳින්නකු ලෙස මම සිත්තරු චිත්‍රකතා පත්තරය වෙළඳපොළට පැමිණෙන තුරුම සිටියේ ඇඟිලි ගනිමින්. මීට මාස කීපයකට පෙර මේ ලෙසම උනන්දුවෙන් සිටියේ ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් චිත්‍රකතා පත්තරය පැමිණෙන විට. එහෙත් මම අනාවැකි පළකළ අයුරින්ම එය සති කිහිපයකින් නැවතුණා. සිත්තරු වලට එම ඉරණම අත් නොවේවායි අපි මුලින්ම පතමු.

සමස්තයක් ලෙස ගත්කල සිත්තරු අගය කළ ලක්ෂණ වලින් හෙබියි. දරාගත හැකි මිලකට වර්ණයෙන් පල කිරීම අගය කළ යුත්තක්. අනෙක් අතින් පුවත්පත් කලාවේ දැවැන්තයන් වන උපාලි නිවසින්ම එළි දකින නිසා ලාභ ලබනතුරු මාස කිහිපයක් ඇදගෙන යාමට ඔවුන්ට හැකි වේවි. චිත්‍රකතා ලෝකයේ පතළ චිත්‍රකතා ශිල්පීන් රාශියකගේ චිත්‍රකතා සිත්තරු තුළින් දැකගත හැකියි. මංගල කලාපයේ කවරයේ චිත්‍රය ගැනනම් සෑහීමකට පත්වෙන්න අමාරුයි. සියලුම කතා නියෝජනය වෙන අයුරින් එය සැලසුම් කළා නම් වඩා හොඳයි කියලා හිතෙනවා.

Promotional poster

Promotional poster

බන්ධුල හරිශ්චන්ද්‍රගේ “දඩයම” චිත්‍රකතාව කුතුහලය ගෙනදෙන ආරම්භයක් ගෙන දෙනවා. මෙතරම් වයසට ගියත් බන්ධුලගේ චිත්‍ර තවමත් උසස් මට්ටමක පැවතීම සතුටට කරුණක්. සුමතිපාල-ජෝතිපාල සුපුරුදු පරිදි ඔවුන්ටම අනන්‍ය වූ ශෛලියෙන් “ඉර හඳ පායන ලෝකේ” සහ “සුපුන්සරා” ඉදිරිපත් කරලා තියෙනවා. ඇන්ටන් බී. පෙරේරා සුපුරුදු බටහිර ශෛලියෙන් “කැලිබර් 7.62” සහ “වෘකයාගේ මිටියාවත” ඇඳලා තියෙනවා. හරින්ද්‍රගේ “පළායන මනාලී” ලස්සන ආරම්භයක් ගෙන දී තියෙනවා. ප්‍රගීත් අබේධීර “සමනලියක් දවසක්දා” එක්ක තරුණ තරුණියන්ටම ගැලපෙන කතාවක් ගෙන එනවා. අනුර ශ්‍රීනාත්ට කතා හතරක්ම ලබාදීම ගැන නම් මගේ පැහැදීමක් නැහැ. ආරම්භයේ නවමු අකාරයේ කතා ඇන්දත් දැන් ඔහුගේ කතා ඒකාකාරියි. සරත් මහින්ද සිරි කවදත් මගේ සිත්ගත් කලාකරුවෙක්. ඔහුගේ කතා නිර්මාණශීලියි. ටිකක් අමුතු විදිහේ ගෑනු මිනිස්සු ගැනයි ඔහු කතා කරන්නේ. “දාංගලේ”ත් ඒ වගේම කතාවක් වගෙයි. ඉන්ද්‍රජිත් රන්ජන්ගේ චිත්‍ර නම් සැහෙන්න පිරිහිලා. ඔහු ඉතාම ලස්සනට ගැමි ආදර කතා අඳින්න පුළුවන් කෙනෙක්. ඔහුගේ “Happy Birthday” කතාව රසිකයින් වැළඳ ගනියි කියල හිතනවා. ජනක රත්නායකගේ “රැල්ල” නම් කිසිම තේරුමක් නැතිව එක කොටසකින් අවසන් වෙන කතාවක්. දයා රාජපක්ෂ කවදත් වැඩකාරයා. ඔහුගේ “නොතිත් පවස” එක්ක රසවත් කතාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සිනෙත් බැද්දගේට නම් මම කිසිම දවසක කැමැත්තක් තිබුණේ නැහැ. ඔහුගේ කතාවට වඩා සිංහගේ “ටෝගා” ආවනම් හොඳයි කියලයි මගේ පෞද්ගලික අදහස. ආනන්ද දිසානායක “ජෝක්ස්” අඳින්නේ නැතුව පුරුදු විදිහට ආදර කතාවක් ඇන්දනම් හොඳයි. කාංචනාගේත් දිනිඳුගේත් ආදර කතාව වුණ “සඳකුමරි”ට අපි ඒ කාලේ කොච්චර ආදරය කළාද? කුමාර නම් පුරුදු විදිහටම නව යෞවනයන්ගේ ප්‍රේම කතාවක් විදිහට “පරිත්‍යාගය” ඇඳලා තියෙනවා.

Promotional poster

Promotional poster

සරත් මධු, කැමිලස්, අරවින්ද, ගාමිණි අබේකෝන්, ජානක ඉලුක්කුඹුර, බන්දුල කුමාර වගේ අයත් එකතු වෙනවනම් තමයි වඩාත්ම හොඳ. අනුර ශ්‍රීනාත්ට දීලා තියෙන වැඩිපුර පිටු අයට දෙන්න පුළුවන්. කිසිම ශිල්පියෙකුට ඒක පිටුවකට වඩා නොදී ඉන්න පුළුවන් නම් විවිධත්වය රැකෙනවා.

විවිධ පුවත්පත් ආයතනවල සේවය කරන ශිල්පීන් මේ විදිහට වෙනත් (උපාලි) පුවත්පත් ආයතනයක ප්‍රකාශනයකට චිත්‍රකතා අඳින්න අවසර දීපු එකම වටිනා වැඩක්. වාද භේද අමතක කරලා මෙවන් වටිනා පොදු අරමුණකට අත හිත දුන්න එක අගය කළ යුතුයි.

චිත්‍රකතා වලට අතහිත දෙන්න පත්තරේ ගන්න කියන එක වලංගු නැහැ. සිත්තරු දැනගත යුතුයි ආකර්ෂණීය නිර්මාණ හරහා ඉල්ලුමක් නිර්මාණය කර ගන්න. ඉස්සර චිත්‍රකතා බලපු අය විතරක් නෙවෙයි නව පරපුරේ යෞවන යෞවණියන්ගේත් ආකර්ෂණය දිනාගන්න පුළුවන් වෙන්න ඕනේ.

ලංකා කොමික්ස් ෆෙයිස්බුක් පිටුව – චිත්‍රකතා ලෝලීන්ට කදිම ෆෙයිස්බුක් පිටුවක්


ලංකා කොමික්ස් https://www.facebook.com/lankacomics ෆෙයිස්බුක් පිටුවේ ලිපිනය මට එව්වේ එම ෆෙයිස්බුක් පිටුවේ අඩවියේ සංස්කාරක ලලිත් බී. සමරකෝන් විසින්. ඔහු මගේ චිත්‍රකතා පිළිබඳ වූ ලිපියක් කියවූ නිසාදෝ ඔහු විසින් කරගෙන යන මෙම ෆෙයිස්බුක් පිටුව ගැන මට දන්වන්නට සිතෙන්න ඇති. ලංකා කොමික්ස් ෆෙයිස්බුක් පිටුවේ චිත්‍රකතා සහ චිත්‍රකතා ශිල්පීන් ගැන සාරගර්භ ලිපි ගණනාවක්ම ඇතුළත් කර ඇත. මමත් ඉතා කුඩා අවධියේ පටන්ම චිත්‍රකතා වලට අධික ලෙස ඇලුම් කළ නිසා අදටත් චිත්‍රකතා ගැන කිසිවක් දුටු විට මගේ සිත එය කරා ඇදී යන්නේ ආයාසයෙන් තොරවයි.

Susil Premarathna’s Drawing

ලංකා කොමික්ස් වැඩි අටෝපයක් නැති, සරල ෆෙයිස්බුක් පිටුවකි. එහි ඉතා දුර්ලභ කදිම චිත්‍රකතා රූපරාමු ස්කෑන් කර පල කෙරේ. රූපරාමු වලට අදාළ චිත්‍රකතා ගැන සහ ඒවාට දායක වූ ශිල්පීන් ගැන වෙන තැනකින් සොයාගැනීමට නොහැකි තරමේ දීර්ඝ විස්තර ලලිත් සපයයි. දිගු කලක් තිස්සේ චිත්‍රකතා ආශ්‍රිතව රැකියාව කළ ලලිත්ට ශිල්පීන් ගැන විස්තර දැනගැනීම සඳහා ඕනෑ තරම් සම්බන්ධතා ඇතුවාට සැක නැත. මහාචාර්‍ය සුනිල් ආරියරත්න මහතාගේ චිත්‍රකතාවේ වංශකතාව විමර්ශන ග්‍රන්ථයෙන් පසු මෙවන් ලිපි රාශියක් එක තැන දුටු පළමු අවස්ථාව මෙයයි. මේ සමාජ සත්කාර්යය වෙනුවෙන් චිත්‍රකතා ප්‍රියකරන්නන්ගේ නොමඳ පැසසුමට ලලිත්ව පත්වනු නොඅනුමානය. ශීඝ්‍රයෙන් අභාවයට යන වටිනා කලාවක් ගැන තොරතුරු සේවීමම ඇති දුෂ්කර කාර්යයක් වන්නේ මේවා සංරක්ෂණය කරන්නන් හිඟවීමත් තිබෙන සුළු චිත්‍රකතා ප්‍රමාණයවත් ලබා ගැනීමට තිබෙන අපහසුව නිසාවත් නිසාය.

මෑතකදී චිත්‍රකතා ගැන නව නැඹුරුවක් ඇතිවී තිබේ. චිත්‍රකතා සඟරාවක් මාසිකව එළි දැක්වේ. ඒ අතරම පැරණි සහ අළුත් චිත්‍රකතා පොත් වශයෙන්ද ඉඳහිට නිකුත්වේ. අන්තර්ජාලයටද මේ පිළිබඳව විස්තර එක්වීම අතිශයින්ම වැදගත් වන්නේ ලොව පුරා විසිරී ඇති ශ්‍රී ලාංකික චිත්‍රකතා ලෝලීන්ට ඒවා පරිහරණය කිරීමට හැකිවීම නිසාය.

A Drawing by Ananda Dassanayaka
A Drawing by Ananda Dassanayaka

අපේ ගමේ ජහුටා


මේ මහවිලච්චියේ නොව, වෙනත් ගමකදී රඟ දැක්වූ ජහුටාවක ඡායාරූපයකි.

ජහුටා යනු මා දන්නා තරමට වියළි කලාපීය ගම්වල ආරම්භවී දැන් දැන් ටිකෙන් ටික අභාවයට යන අපි විසින්ම පහත් කොට සැලකූ ජන කලාවකි. ජහුටා නමින් හැඳින්වෙන්නේ තරුණ කැලක් එකතුවී ඒ අතරින් තරමක් දැනුම් තේරුම් ඇති කෙනෙක් අධ්‍යක්ෂ කෙනෙකු වශයෙන් ක්‍රියා කරමින්, බෞද්ධ සාහිත්‍යයෙන් ගත් කතාවක් හෝ ජාතක කතාවක් පාදක කොටගෙන පන්සල්, මරණාධාර සමිති, තරුණ සමාජ වැනි ආයතන වල රාත්‍රියේ රඟ දැක්වූ වේදිකා නාට්‍ය වර්ගයකි. ජහුටා යන්නෙහි අපහාසාත්මක ස්වරයක් තිබුණද මම අන් තැනක කියවූයේ එය අපහාසාත්මක යෙදුමක් නොව ඉන්දියානු ප්‍රාන්ත රාජ්‍යක්වූ කාලිංගයේ (වර්තමාන ඔඩිෂා) යෙදුමකින් කැඩී ආ වදනක් බවයි. කාලිංගයේ ජාත්‍රා (Jatra), ජාතා (Jata) නැතහොත් බොහොමයක් වැඩිහිටි පරම්පරාව ජනී ජාත්‍රා jani jatra ලෙස හන්ඳුන්වන මෙම නාට්‍ය ක්‍රමය “ජහුටා” (Jahuta) ලෙස ශ්‍රී ලංකාවේ හැඳින්වේ.

අපේ ගමේ (මහවිලච්චියේ) ප්‍රධාන ජහුටා කාරයින් තුන් දෙනෙක් සිටියෝය. එක්කෙනෙක් කෙරමිණියේ වෙදමහතාය. අනෙක් ජහුටාකාරයා රෝහණ ශාන්ත කුමාරය. තුන්වැන්නා අදටත් ඉඳහිට ජහුටා එකක් රඟ දක්වන “අමුඩ අනුර” ලෙස රටේත් යම් තරමකට ප්‍රසිද්ධ අමුඩ ඇඳගෙන දේශපාලන විරෝධතා දක්වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුර අය්යාය.

මොවුන් අතරින් ජ්‍යෙෂ්ඨතමයා වූ කෙරමිණියේ වෙදමහතා දැනට ජීවතුන් අතර නැත. ඔහු එකල සිටි දහම් පාසල් ප්‍රධානාචාර්යවරයාද විය. ඔහු විසින් පුරුදු පුහුණු කළේ පැරණි ආකෘතියේ ජහුටාය. ඔහු ඒවා ලියා අධ්‍යක්ෂණය කරයි. ඔහු යොදාගත්තේ පැරණි හිංදි ගීතවල තනුවලට ලියූ සිංහල ගීතයි. දෙබස් බොහෝ පැරණි බස් වහරක් ගත්තේය. ඔහුම ප්‍රධාන චරිතවලට දෙබස් දෙමින් ගීත ගායනයද කළේය. ඔහුගේ ජහුටා තරමක් ශාස්ත්‍රීය ගතියක් ගත්තේය.

රෝහණ ශාන්ත කුමාර කරළියට පැමිණියේ කෙරමිණියේ වෙදමහතාගේ ගෝලයකු ලෙස වැඩකරමිනි. රෝහණ ශාන්ත කුමාර තරමක් තරුණයන්ට සංවේදී අකාරයට ජහුටා ආකෘතිය වෙනස්කර ගත්තේය. ඔහුටද ඉතා ඉහළ ගායන හැකියාවක් සහ දෙබස් කියවීමේ හැකියාවක් තිබුණි. ඔහුද බොහෝ දුරට යොදා ගත්තේ හිංදි ගී තනුවල සිංහල ගීතයි. ඔහුගේ ජහුටා ඉතා දිගු විය. ඒවා ඉවර වෙන්නේ පසුදා හිරු එළියත් වැටුණ විටය. ඔහුගේ දිගම ජහුටා එක “සත්‍යවාදී හරිස්චන්ද්‍රයි.” (කලක් රෝගාතුරව සිටි රෝහණ ශාන්ත කුමාර) මෑතකදී මියගියබව දැනගන්නට ලැබිණි.)

අනුර අයියා බෙහෙවින්ම තරුණයන්ට සහ නව යොවුන් රසිකයන්ට ආමන්ත්‍රණය කළ ජහුටා අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ ජහුටා ජව සම්පන්නය. ගීතවත්ය. ජනප්‍රිය අංග රැසකින් යුක්තය. ඔහු ජහුටා අධ්‍යක්ෂණයෙන් නොනැවතී ඒවට දෙබස් දෙමින්, ගීත ගයමින් හා නටමින් තවමත් ජහුටා ඉදිරියට ගෙනයයි. පහුගිය වෙසක් පෝයටද, මීට ටික දිනකට පෙරද ඔහු ජහුටා නැටූ බව මට මහවිලච්චියේ යාළුවෙක් දුරකථනයෙන් පැවසීය. අනුර අයියා ජහුටා වලට පිවිසුණේ අඹගහවැවේ ඉස්කෝලෙ යද්දී බව මට පැවසුවේය. ඒ, පිටින් පැමිණි ජහුටා කණ්ඩායමක ජහුටාවක ජූජක බමුණාගෙ චරිතය රඟපෑමට ලැබීමත් සමගයි. එයින් පසු මහවිලච්චියට ඔහු පැමිණියේ නාඹර තරුණයකු ලෙසය. එහිදී ඔහුට කෙරමිණියේ වෙද මහත්තයාගේ සහ රෝහණ ශාන්ත කුමාරගේ ජහුටාවල රඟපෑමට ලැබිණි. ඉන් පසුව ඔහු තමන්ම ජහුටා අධ්‍යක්ෂණය කරන්නට පටන් ගත්තේය. මම දුටු ඔහුගේ හොඳම රංගනය දුටුවේ “සත්‍යවාදී හරිශ්චන්ද්‍ර” නාට්‍යයේ නපුරු, දුෂ්ට සෙනසුරාගේ චරිතයයි.

ජහුටා වල හිටි විශිෂ්ටතම රජතුමා පොළොන්නරු කඩේ හිච්චි අයියා හෙවත් මහින්ද අයියාය. සුදුම සුදු, කෙට්ටු, එහෙත් රාජකීය ශරීරයත්, තඹපාටින් වැවී තිබුණ නිකටේ රැවුලත් ඔහු නියම බ්‍රහ්මදත්ත රජු කළේය. රජ බිසවුන් නම් නිතර නිතර මාරු උණේ කෙල්ලන් ඉක්මනටම කසාද බැඳ ජහුටාවලින් සමු ගන්නා නිසාය.

විහිළුකරුවාගේ චරිතය සාර්ථකවම රඟපෑවේ දිසා අයියාය. ඔහුට කවුරුත් බාහිරින් දෙබස් දෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඒ වෙලාවෙ කටට ආ හිනායන දෙබස් මුලු නාට්‍ය ශාලාවටම ඇහෙන්නට කියයි. එක ජහුටාවක් අතරේ හිටි ගමන් විහිළුකරුවා නැතුව ගියේය. ටික වෙලාවකින් පැතිරගිය ආරංචිය නම් පොලීසියෙන් පැමිණ කසිප්පු කේස් එකකට ඔහුව කුදලාගෙන ගිය බවයි.

අපගේ යොවුන්විය සුන්දරකළ වික්‍රම, ඔබට අපගේ උපහාරය


Image

Manju

Manju

මෙය මම චිත්‍රකතා ගැන ලියන දෙවන අවස්ථාවයි. එමෙන්ම මෙය මම සිංහලින් මගේ බ්ලොග් අඩවියට ලියන පළමු අවශ්ථාවයි. හදිසියේම මෙය ලියන්නට හිතුනේ “බට්ටි” කතාව සහ මට මතක හැටියට “කොරටුවෙ ගෙදර” කතාව නිර්මාණය කල අති දක්ෂ චිත්‍රකතාකරුවකුවූ වික්‍රමගේ අභාවය නිසාය.

වික්‍රමගේ බට්ටි ඉතා රසවත් ලෙස ගලාගිය නිර්මාණයකි. වලව්වේ හාමුලා දෙදෙනාගේ එකිනෙකාට විරුද්ධ චරිත ස්වභාවයන්, කලූගේ දඩබ්බරකම්, කලූගේ පෙම්වතියගේ අව්‍යාජ ප්‍රේමය සහ බට්ටිගෙ අහිංසකකම මනරම් ලෙස වික්‍රමගේ තෙලිතුඩින් චිත්‍රණය  විය.

අවංකව කියනවානම් මම මුලින්ම වික්‍රමගේ චිත්‍රවලට එතරම් කැමැත්තක් නොදැක්වූවෙක්මි. ඒ ඔහුගේ චිත්‍ර අනෙක් බොහො කතාවල මෙන් පරිපූර්ණ නොවූ නිසාය. වික්‍රම නිදහසේ ඔහුගේ තෙලිතුඩ හසුරවයි. සමහර චිත්‍රවල මූන ඇදය. එහෙත් මම වයසින් මුහුකුරායත්ම එය වික්‍රමගේ අනන්‍යතාවය බව තේරුම් ගත්තෙමි. කතාවේ වචනවල ඇති බර සහ සංවේදීතාවය තේරුම් ගත්තේ තවත් පසු කාලයකය.

මෑතකදී බට්ටි තුන්වන පන්තියේ ටෙලිනාට්‍යකරුවකු විසින් චොරකර දමන ලදි. (සරත්මධුගේ “ඉතිං ඊට පස්සේ” කතාවට සිදුවූයේද එම සන්තෑසියමය.) ඉතා පහසුවෙන් 70-80 දශකවල ඇඳුම් විලාසිතා, කතා විලාශයන්, නිවාස සහ වාහන ආදිය ප්‍රතිනිර්මාණය කරමින් කළ හැකිව තිබූ මෙම කතා ඉතා පහත් රසයක් ජනිත කිරීම සඳහා ටෙලිනාට්‍යකරුවන් විසින් නින්දිත ලෙස භක්ෂණය කර දමන ලදි. වික්‍රමලාටද ඒවාට එරෙහි විය නොහැකි වූයේ පවතින වෙලඳපළ ආර්ථික ක්‍රමය නිසාය.

අපගේ යොවුන්විය සුන්දරකළ වික්‍රම, ඔබට අපගේ උපහාරය.

Chithrakatha – The End of an Era


Siththara

If my memory is correct, I got used to chithrakatha (comics) even before I entered Grade 01. We didn’t have Montessoris during our time and there was less access to story books (except for some Russian story books my late father got from the Soviet Union) and the only reading material was the comic paper.

Siththara” was the most famous and adored while “Sathuta” was widely available as well. There were some other papers too in the market which didn’t last long. “Dasuna” was special because it was designed in landscape style. “Sathsiri” was started by Camillus with a breakaway artists group from Siththara and the latter was affected a lot and Sathsiri became the preferred comic paper.

I preferred Eunicor over all the heroes in the comics. Toga was attractive too but he was ‘poorer’ than Eunicor and was clad only in a piece of leopard hide while Eunicor was smartly dressed with all black waist and a pair of tight shorts. He had a white transparent tape over his eyes which gave him a majestic look. He was muscular than Toga and looked braver too. He never was scared of any challenge while Toga was scared and excited in the last square of the week’s page. But he fights the enemy and wins next week. A friend of mine from Grade 01, Dhammila had the everlasting question that who will win if Eunicor and Toga fought each other. My endless attempt to tell him that the two were in different stories and will never meet each other didn’t have any effect on Dhammila and he has the same question to date.

I started drawing Eunicor in exercise books and it got a big demand in the class and even in upper classes. Many would bring me blank exercise book leaves in exchange of one comic of Eunicor I drew. Since my parents found it difficult to buy exercise books for me those days, this ‘earning’ of papers helped me as I could use them pinned together as a book.

We never bought comic papers ourselves. We usually borrowed them from the others who used to buy. One paper would go to more than hundred individuals every week. Some had the habit of preserving the papers or a single story. To my knowledge, the most collected story was “Ithin Eeta Passe.”

From https://www.facebook.com/sinhalachitrakata.ceyloncomics

Some students used to cover the cover pages of the school books with comics papers. We were too obsessed with the papers and removed the covers, read the stories and put the covers again. The owners of the books were greatly annoyed but that was what they get for putting picture stories as book covers.

When I was transformed from a kid to a teenager my drawings were also transferred from heroes to lovers. I was so shy to draw girls during the initial stage of the transformation and I would draw a beautiful girl and before anyone saw it, would put a moustache and sunglasses and make her a boy. Later I mustered courage and started drawing girls’ pictures but was very shy to draw their breasts. It took some more time for me to draw big breasted girls.

I drew some pocket cartoons and sent them to “Madhura” but none of them appeared in the paper. I drew few single episode comics too but they too didn’t appear in any paper.

It took a long time for me to find how Sarath Madhu drew Dedunu and Kelum’s hair with such beautiful curls. Later I found the way he did it and I too started drawing them. But my favorite female characters became short-haired girls. I loved short-haired girls those days. They looked cuter and smarter.

I loved Wilbert Ranasinghe’s “Sellan Salli,” a cowboy story. It was only last month I came to know that it was the same story as “For a few dollars more” movie where Clint Eastwood plays the title role.

Sellan Salli
Sellan Salli

Sanda Kumari was a love story between Kanchana, a high school girl from Kandy and Dinindu, a university student from Peradeniya was also very popular. It was presented by Ananda Dissanayaka. Unfortunately the last few parts of the story had to be drawn by an amateur artist who messed it up.

Sanda Kumari
Sanda Kumari

During the same period I had the privilege of reading some Superman comics in Sinhala. The comics came as magazines and a whole story was included. This was done by Wijeya Group and I enjoyed them a lot. I am looking for a copy even today but they are too rare to find now.

Kumudu Tharaka was very talented in drawing teenage stories. The way the artists drew boys and girls was excellent. I can still remember the way the artist had drawn a kissing scene between a teenage boy and a girl. It had all the features of the intensity of a first kiss.

Aravinda came to the scene with the story “Suranganawak Horen Ewithla” which was very popular among the youth due to its theme and the way the young girl and her aunt were drawn in exposing nighties. Susil Premarathna’s Judy too was always in a nighty. The teenagers those days enjoyed these a lot as it was the only way they could access some nudity.

Suranganawak Horen Ewithla
Suranganawak Horen Ewithla

“Vision” was a different type of comic paper that came to the scene in late 90’s. It was a publication with stories in English with difficult words given in Sinhala. It was even approved by the National Institute of Education to be used as supplementary reading for schoolchildren. I used some of the issues for my English classroom teaching. I heard that it was a commercially viable paper but happened to stop due to some management issues.

Sarath Madhu’s departure from Siththara to launch Dasuna was a big blow to Siththara. His two stories, Ithin Eeta Passe and Uniquo were continued by Gunapala Jayalath who did a very poor job as he couldn’t draw a picture to balance the size of a head with its body. Later Ithin Eeta Passe was drawn by many artists and the story got carried away. It ended poorly by the two lovers losing each other. The story didn’t deserve such an end. Recently a teledrama was done by some idiots loosely based on the story and it killed the taste of the whole story.

Comics were blatantly criticized by the schoolteachers, intellectuals and parents of the children. This was a detrimental blow to the industry. More blamed the papers for being lewd. This is true up to some extent and to my knowledge, that trend was set by Sumathipala-Jothipala duo with the story “Suddi” which included nudity and lewd language to a level that was unacceptable. The rest of the artists also followed suit and some parents and principals totally banned comics at homes and schools.

Suddi
Suddi

Towards the late 80’s and early 90’s the quality of the comics was deteriorated and readers got away from them as they had teledramas and video movies as replacements for entertainment. A host of new, but short lived comic papers such as Hithawatha, Chithrakatha, Siwrasa appeared and disappeared.

Today the comics are limited to some newspapers as small strips and the golden era of comics died a natural death. I don’t say comics were bad. It educated us a lot. From it we learnt about how things go in other parts of the country and the world. Some stories were based on historical events. The stories produced a lot of artists within the papers and a lot of youth who became artists by just copying the originals. Today we don’t see such artists even to draw a banner in a funeral . They just go digital.

Who shortened it to “to be or not to be….? Hilarious! Rowan Atkinson and Hugh Laurie


In this extremely hilarious discussion between Blackadder (Rowan Atkinson) and William Shakespeare (Hugh Laurie) where the drama Hamlet is being edited, you can learn who shortened the famous “to be or not to be…” part. Watch this. Worth watching.

The Gypsies Music – Kurumitto and The Smurf Song


 

The Gypsies

The Gypsies is a very creative pop band that was launched by the late Anton Perera, a confectioner from Moratuwa. The group was formed in 1969. The group became popular throughout the island with their song Kurumitto (dwarfs) which became an instant hit. They also released some other Sinhala pop songs like Dena Dena Weradi Karanawa, Umba Nandan, Lunu Dehi that became very popular among the masses and started introducing stage acts also to support the songs, that was a novelty those days. They started with LPs and by 1980s started releasing audio cassettes and that was a turning point in their fame.

Their first songs were very creative both in voices, lyrics and music and they did a lot of experiments in local music scenes. Unfortunately, especially after the cassette Ojaye, their music too started appearing like the rest of the bands in Sri Lanka. The sweet melodies, inventive music are no more. If you take numbers like ‘Signore,’ ‘I don’t know why’ they don’t go in line with the earlier successful songs. Maybe Sunil Perera’s creativity also is fading due to age. Or maybe they stick to present music because it is easy to make them and they still sell.

Earlier music of Gypsies was more or less similar to that of Boney M. The drums, bass parts, keyboard music were unique. That uniqueness is no more with their present music. One cannot identify Gypsies music from that of Sun Flowers or Marians. This is a pity. We love the old creative music of Gypsies.

I am embedding the ‘Smurf Song’ sang by Father Abraham here along with its imitation, ‘Kurumitto’ by the Gypsies below. You can say this is plagiarism but I would rather say this is creativity as Gypsies version of it is very creative compared with the original.

Watching Stage Dramas Today


I love to watch stage dramas. I had the pleasure of watching Maname, Sinhabahu, Uthure Rahula Himi and Guru Tharuwa in my 20’s and enjoyed them a lot. I had the same fresh feelings when I went to see the dramas Makarakshaya, Booruwa Mahaththaya and Debiddo recently but became very disappointed.

My first complain is that the actors’ voices are not loud enough like during the good old days. Earlier we got the tickets for the last few rows and now that we need more comforts, went for the second class. Still the actors’ voices were not heard clearly to us. It was disheartening to see this happening to veterans like Jayalath Manorathna who lulled the audience a decade ago. I’m not sure if this happens due to the ageing or total collapse of the standards of the dramas today. I wanted to ensure whether it was me going old and not hearing the actors well due to my age and asked few of the young people around whether they could hear the voices and they answered in the negative.

The next main area to be improved is the supporting cast. In the past, even the supporting cast was more or less equal to the main cast in talents. But today, the support cast is awfully weak and only very rarely I see someone who stands out. Maybe the youth are attracted to tele-dramas more than the stage due to what it offers today.

With the modern technology, the stage should be an attractive place but this is not seen in many a case. They still use the old methods and the situation has even deteriorated. The same has to be said about the lightings. Maybe the money circulated in the stage is too small to expect significant improvements.

In the olden days, at the end of the drama, when all the actors came to the stage to say goodbye, we felt like we were part of them. The feelings of the audience and the cast became one as a result of the refreshing experience both parties had. This I didn’t feel of late. I’m not sure if something is wrong with me!

My Drawings


Nelson Mandela

February 2002

I was in the habit of drawing pictures when I was young. Unfortunately I never had a teacher for paintings so I couldn’t learn it at school. Most of my good paintings are not to be found now as I didn’t protect them well. So just thought of putting the remaining few pictures here. I love to draw with a pencil.

Most of my drawings are lost as I had no way of preserving them. Out if the remaining ones I love Mandela’s sketch as he was a character who inspired me when I was a schoolboy. Such people are very rare and dedicating most of one’s life for others’ benefits is not as easy as many think.

I miss drawing now. I wish I could have time to start drawing sketches again. I love cartoons too. Asterix, Superman and Tin Tin are my favorites. I couldn’t enjoy those comics as a kid because I couldn’t read English those days. Now I enjoy them like a kid.

If someone has Superman cartoons hope I could borrow them and return. I never could read Superman in English. But I read Sinhala translations done by Wijeya Newspaper Group in 80s.