N. P. විජේරත්න – ශ්‍රී ලංකා පරිගණක සාහිත්‍යයයේ පියා


N. P. Wijerathna

මම මුලින්ම පරිගණකයක් පාවිච්චි කළේ 1995දි. ඒ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අනුරාධපුර ශාඛාවෙදි. ඒ වෙනකොට තිබුණේ කළු සුදු (monochrome) මොනිටරය සහිත පරිගණක. DOS විධාන කටපාඩම් කරගෙන, 3 ¼ ෆ්ලොපි ඩිස්ක් (floppy diskettes) තැටිති වල දත්ත ගබඩාකරගෙන වැඩකළ ඒ යුගයේ පරිගණක සම්බන්ධ ලියවුණ සියලු පොත පත තිබුණේ ඉංගිලිසි භාෂාවෙන්. ඒ පොත් වල මිල මට ළඟා විය හැකි දුරට වඩා බොහෝ ඈතින් තිබුණා.

මට මුලින්ම වර්ණ තිරයක් සහිත Windows 95 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් හසුරුවන්නට ලැබුණේ 1999දී. ඊට සමකාලීනව සිංහලෙන් ලියවුණ පරිගණක අධ්‍යාපන පොතපත සහ සඟරා ද එකිනෙක පළවන්නට පටන් ගැනුණා. ඒ අතුරිනුත් මගෙත්, මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙත් ප්‍රියතම පරිගණක අධ්‍යාපන පොත් වූයේ N. P. විජේරත්න මහතා විසින් රචනය කරන ලද පොත පතයි. එතුමාගෙ පොත පත බොහොම වේගයෙන් ලංකාවෙ පරිගණක අධ්‍යාපනය ලබන බොහෝ අය අතර ජනප්‍රිය වුණා. එයට ප්‍රධාන හේතු ගණනාවක් තිබුණා.

  1. අලංකාර පොත් කවර
  2. සරල සිංහල භාෂාව
  3. සරල සිංහල පරිගණක ආශ්‍රිත යෙදුම්
  4. රූප සටහන් සහ තිර රූප (ස්ක්‍රීන් ෂොට්ස්-screenshots) මගින් පැහැදිලි කිරීම්
  5. ඉංගිලිසි පොත්වලට සාපේක්ෂව බෙහෙවින් අඩු මිල

මට මතක හැටියට මුලින්ම 1997 ආරම්භයේ සිටම විජේරත්න මහතා විජය පරිගණක සඟරාවට ලිපි සැපයුවා. ඒ් ඒය සඟරාවක් වශයෙන් නොව ලංකාදීප පුවත්පත සමග බෙදාවෙන ටැබ්ලොයිඩ් අතිරේකයක් වශයෙන් පලවූ අවධියේ පටන්මයි. පසුව ඔහුගේම ප්‍රකාශනයක් ලෙස “ප්‍රායෝගික පරිගණක” නම් මාසික පරිගණක සඟරාවක් 2002 දි ඇරඹුවා. මේ නිසාමදෝ එකල සිටි විජය පරිගණක සඟරා කතුවරයා විසින් විජේරත්න මහතාට එරෙහිව දැඩි ලෙස පහර ගැසීමට පටන් ගත්තත් විජේරත්න මහතා ඒවාට පෙරළා පහර නොදී ඔහුගේ සඟරාව දිගටම පළකළා.

මෙම ආරෝවට මූලික හේතුව ලෙස විජය පරිගණක කතුවරයා දැක්වූ හේතුව නම් විජේරත්න මහතාගේ ප්‍රායෝගික පරිගණක සඟරාව, විජය පරිගණක සඟරාවේ සන්නාමය වූ “පරිගණක” යන වචනයට සමාන වෙළඳ සලකුණකින් පළකළ නිසා බව කීමේ යම්කිසි දුරට සත්‍යක් තිබුණත්, එවැනි සන්නාම පිළිබඳ ප්‍රශ්න විසඳාගැනීමට නීතිමය පියවර ගැනීමයි සාමාන්‍යයෙන් ව්‍යාපාරික ලෝකයේ සිදුවන්නේ. කෙසේ නමුත් විජේරත්න මහතාට මාසික සඟරාව නවත්වන්නට සිදුවූයේ දිගටම විජය පරිගණක කතුවරයාගෙන් ඇතිවූ පීඩනය නිසාද වෙනත් හෙතුවක් නිසාද මම දන්නේ නැහැ. මට කිව හැක්කේ මේ දෙදෙනාම ශ්‍රී ලංකාවෙ පරිගණක ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් කරන දෙදෙනකු බවයි. (එමෙන්ම විජය පරිගණක සඟරාවේ වත්මන් කතුවරයා එම සඟරාවේ සන්නාමය මුල් සන්නාමයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අයුරකින් පළකරනවා. මම හිතන්නේ මේ තීරණය විජේරත්න මහතා හෝ විජය පරිගණක සඟරාවේ මුල් කතුවරයා විසින් මීට පෙර ගත්තානම් මෙවැනි විරසකයක් සිදු නොවනු ඇති බවයි.)

විජේරත්න මහතා සිංහල පරිගණක පොත් එළි දැක්වීම ඇරඹුවේ 1996 සිට. මේ වනවිට ඔහු තොරතුරු තාක්ෂණය ආශ්රිත පොත් 70ක් පමණ පළකර තියෙනවා. ඔහුගේ නොනවතින පරිගණක උපදේශන පොත් පොත් මාලාව නිසා වරෙක සිංහල පරිගණක සඟරාවක් (පරිගණක අත්වැළ) ඔහුව නම් කළේ ශ්‍රී ලංකාවේ Peter Norton ලෙසයි. පරිගණක හා සම්බන්ධ අත්පොත් මුලින්ම ලියා පළකල විද්වතුන් අතර පීටර් නෝටන් කැපී පෙනුනා. ලෝකප්රකට නෝටන් ඇන්ටිවයිරස් මෘදුකාංගයේ නිර්මාතෘවරයා ද ඔහුයි. සිය 72 වියේ පසුවීත් විජේරත්න තවමත් පොත් ලිවීම නතර කර නැහැ. ඔහුගේ අලුත්ම පොත, වින්ඩෝස් 10, 2019 මැයි යාවත්කාලය සම්බන්ධ පොත මේ වෙන විට නිකුත්කර තියෙනවා.

ඔහු පළකළ පොත් ගණන බැලුවොත් ඒවා පරිගණක ක්ෂේත්‍රයේ විවිධ උප විෂයධාරාවලින් සමන්විතයි. ඒ නිසාම ඔහු මේ සියලුම උප විෂයයන්ගේ ප්‍රවීණයෙක්යැයි සිතීමට අපහසුයි. එහෙම වීමට අවශ්‍යතාවයක්ද නැහැ. එතෙක් ඉංගිලිසියෙන් තිබුණ පරිගණක සාහිත්‍ය සිංහලට පරිවර්තනය කිරීම හොඳටම ඇති. කෙනෙකුට ඔහුගේ පොතකින් මූලික දැනුම ලබාගෙන වැඩිදුර ඉගෙන ගැනීමට වෙනත් මාර්ග ඕනෑ තරම් තියෙනවා. වඩා වැදගත්වන්නේ ඉන්ටනෙට් අද තරම් නොපැතුරුණු අවදියක සහ සිංහලෙන් පරිගණක දැනුම එතරම් ප්‍රචලිතව නොතිබුණ අවදියක විජේරත්න මහතාගෙන් පරිගණක සාහිත්‍යට ලැබුණ දායකත්වයයි.

මමද වරක් පුද්ගලිකවම විජේරත්න මහතා පුද්ගලිකවම හමුවී කතාකර තිබෙනවා. ඔහු ඉතාම නිහතමානී වගේම ප්‍රසන්න පුද්ගලයෙක්.

වරෙක ඔහු ඒ වනවිට පළකළ සියලූම පරිගණක සදඟරාවල පිටපත බැගින් මගේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය උදෙසා හොරයිසන් ලංකා ආයතනයටද පරිත්‍යාග කළා.

පරිගණක පොත් ලිවීමට අමතරව ඔහු චාරිකා පොත් සහ විවිධ සාහිත්‍ය පොත පතද පරිවර්තනය කර තිබුණත් ඒ ගැන වෙනම ලිපියකින් කතාකරමු.

Charlie Wilson’s War: The Extraordinary Story of the Largest Covert Operation in History – George Crile III


Book Cover

Ever since I watched the movie Charlie Wilson’s War, I wanted to read the book the movie was based on. Luckily, last year, my longtime friend Asela Atalugama from Florida, USA brought me a copy when he visited Sri Lanka on vacation. I was thrilled to get hold of the book and I consider it as one of the best gifts I ever had in terms of reading material.

My love with Afghanistan started while I was a teenage schoolboy. Like my late pater who was a socialist I, too, was more interested in world news than local news. So, we both listened to world news the Sri Lanka Broadcasting Corporation aired at 7:30 pm every night. Even though I was small, I could well remember the parties involved in Soviet-Afghan War and some of the early events. I was pro-Soviet as my father had given me a rosy picture that the Communist World was the better camp in the world and the USA was the World’s Policeman. So, I naturally became pro-Soviet and pro-Afghan government and saw the mujahideen (and the USA that financed and trained them) as the evil force. Saudi Arabia and Pakistan also helped the mujs. The Soviet Red Army was helping the then Afghan government which had introduced some remarkable modernization reforms to get the country on the proper track but, as it always happens, the uneducated rural people were encouraged to resist the reforms resulting in the government becoming unpopular among the conservative rural population.

With the arrival of the 40th Army of the Soviet Union to support the Afghan communist government, fierce fighting escalated and the whole country was experiencing a full-scale bloodbath. Afghanistan was in the world news every day for the wrong reasons.

Afghan Women in the Past

By the mid-1980s, my eldest brother brought home a black and white TV that worked with a car battery since we didn’t have electricity in the village those days. Arrival of the TV made me a keener observer of the Soviet-Afghan war and I was shocked to see the fighters who hardly had anything luxury but a rifle, and the poor villagers who getting killed or maimed by the fighting parties and the helpless children who were deprived of education.

However, it was only after reading the book Charlie Wilson’s War: The Extraordinary Story of the Largest Covert Operation in History by George Crile III that I understood the dirty politics took place in Afghanistan under the cover of covert Cold War and how the USA fueled the war to defeat the Soviet Red Army.

One would give the credit (or discredit rather) to the Central Intelligence Agency (CIA) but in Afghanistan, it had been a totally different story. It had been an inebriated Casanova called Charlie Wilson, who happened to be a Senator from Texas in America. He changed the entire landscape of the battlefield in Afghanistan with the support of Gust Avrakotos equally enthusiastic of “killing Russians,” a CIA agent and the former’s lover Joanne Herring that manipulated the American interests in this covert war by encouraging the CIA and the Ronald Reagan administration to divert millions of dollars to Afghan front. The heinous ways they did this were even harsher than fiction. This is why many say that the book Charlie Wilson’s War is almost like a detective novel.

Another despot, the then Pakistani President Muhammad Zia-ul-Haq was the main beneficiary of this war as most of the moneys and arms had to go through his government and you know how it happens in this part of the world with the despots keeping a sizeable part of the money or resources.

Afghan Women Today

Anyway the mighty Soviet Empire was defeated and withdrew from Afghanistan and this war was called Soviets’ Vietnamese War as the brunt on Soviet Army was so lethal. In fact, it was this war that ultimately resulted in the collapse of the Soviet Union according to the author of this book, George Crile III. Whether the collapse of the Soviet Union brought any good to Afghanistan is a big question though.

Mohammad Najibullah aka Najibullah Khan, the Afghan president was tortured and killed by the Taliban in 1996.

New Cover Page of Charlie Wilson’s War

ස‍රත් කුසුම් – බුද්ධික ගජපාල


සරත් කුසුම් පිටකවරය

බුද්ධික ගජපාලගේ “ස‍රත් කුසුම්” නවකතාව කියවීමට අහඹු අවස්ථාවක් ලැබුණේ මම සිංහල නවකථා කියවීම සම්පූර්ණයෙන්ම පාහේ අතහැර දමා සිටියදී කීවොත් නිවැරදිය. මුල් පරිච්ඡේදය කියවූ සැනින්ම මම ගජපාලගෙ නවකතාවට වශී වූවා යැයි කිවහොත් නිවැරදියි. ඇමරිකානු පරිගණක ඉංජිනේරුවකු වුවත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ගජපාල සිංහල පොත් දිගින් දිගටම කියවන්නකු වුවත් ඔහු නවකතාකරුවකු වී ඇත්තේ මෙම නවකතාව සමගයි. මුල්ම නවකතාවම ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට ගජපාල සමත්වී සිටින බව මගේ පුද්ගලික හැඟීමයි. නැවතත් සිංහල නවකථා කියවීමට උනන්දු කිරීම සම්බන්ධයෙන් ගජපාලට මගේ ස්තුතිය මුලින්ම පිරිනමමි.

මගේ මතකය දිවයන පරාසය තුළ සිංහල නවකතාවෙ ප්‍රධාන යුග කිහිපයකට බෙදා දැක්විය හැකිය. ඔබට මීට එක් කිරීමට හා මෙයින් ඉවත් කිරීමට යුගයන් තිබෙන්නට පුළුවන. මේ පුද්ගලිකවම මම හිතන යුගයන්ය. (පරිවර්තන නවකථා මෙම ලැයිස්තුවෙන් ඉවත් කළේ හිතාමතාමය. ඒ ගැන පසුව වෙනම කතාකළ යුත්තකි.)

  1. කරුණාසේන ජයලත් යුගය
  2. කුමාර කරුණාරත්න යුගය
  3. ජයසේන ජයකොඩි යුගය
  4. සුජීව ප්‍රසන්න ආරච්චි යුගය
  5. මොහාන් රාජ් මඩවල යුගය

මෙයින් සිංහල නවකතාවේ අප්‍රසන්නම, අවාසනාවන්තම යුගයන් ලෙස මම දකින්නේ අන්තිම යුග දෙකයි. හොඳ සිංහල නවකථා මේ අතරතුර කොපමණවත් නිකුත් වන්නට ඇති නමුත් මම කළේ සම්පූර්ණයෙන්ම සිංහල නවකථාවන් කියවීම අතහැරීමයි. ගජපාලට අළුත් යුගයක්, ප්‍රවණතාවයක් ඇති කළ හැකි වන හැකියාව තිබෙන බව පෙනුණත්, වෙළඳපළ බලවේග සහ නවකතාකරණය ඔහුගේ පූර්ණකාලීන  රැකියාව නොවන නිසාම ඔහුටත් සීමාවන් වැටීමට හැකියි.

සාමාන්‍යයෙන් අසම්මත ආදරය පහසුවෙන් විකිණීමට හැකි බව නවකතාකරුවන් පමණක් නොව බොහෝ අනෙකුත් කලාකරුවන් තුළ පවතින විශ්වාසයකි. එය අසත්‍යයක්ද නොවේ. අසම්මත ආදරය සාර්ථක ලෙස කළා නිර්මාණ වලට ගෙන ආ, මමද පරිහරණය කළ කලාකෘතිවලින් සමහරක් නම් Pretty Woman, Lolita, Venus, Circumstance, Fire වැනි නවකථා හෝ චිත්‍රපටයි. (හිතාමතාම මේ ලැයිස්තුවෙන් සම්භාව්‍ය කෘති හැලුවේ ඒවා ගැන කතා කිරීමට මට වඩා සුදුස්සන් කොතෙකුත් සිටින නිසාය.)

යාන්තමට මෙන් සරත් කුසුම් තුළ Pretty Woman චිත්‍රපටයේ සේයාවක් වැටී තිබුණත් එය සම්පූර්ණයෙන්ම අහඹුවක් බව නවකතාව සම්පූර්ණයෙන්ම කියවූ පසු ඔබටත් දැනේවි. ඔබට හෝ මට කුමක් හෝ හේතුවක් නිසා සැබෑ ලෙසම ආදරය කරන්නියක මුණ ගැසුණොත් නවකතාවෙ කතානායකයා වන අශෝක් රන්තැන්නගේ තත්වයට ඔබත් මාත් පත්විය හැකියි. එය එසේ වූ අවස්ථා අප අවට සමාජයේ කොතෙකුත් ඇත. සැබෑ ආදරය ඉදිරියේ බොහෝ දේ අත් හළ රජ කුමරුන්ද සිටියදී අශෝක් වැන්නකුට එසේ වීම අරුමයක්ද? සමාජය සතුටු කරනවාද නැත්නම් ඔබ සතුටු වනවාද යන ප්‍රශ්නයේදී ඔහු තරම් නිර්භීත තීරණයක් ගන්න ශක්තියක් ඇත්තේ අප අතරින් කීයෙන් කීදෙනාටද?

ගජපාල නවකතාව ලිවීමේදී වර්තමානය සහ අතීතය අතරේ අපව ගෙනයන්නේ කාලයන්ත්‍රයකින් කාලතරණය කරන්නාක් මෙනි. මෙම විලාසිතාව සමහර කතාකරුවන් මීට පෙරද යොදාගෙන ඇතත් ගජපාල තරම් සාර්ථකව එය කර ඇද්දැයි සැක සහිතය. කවරකු හෝ “සරත් කුසුම්” ඇසුරින් චිත්‍රපටයක් නිමවන්නට අදහසක් තිබේනම් ගජපාල තිරනාටක රචකයාගේ කාර්‍යයත් බොහෝදුරට කර ඇතැයි මට සිතෙන්නේ ඒ නිසාය.

වත්මන් සමාජයෙන් වේගයෙන් ප්‍රතික්ෂේප වන කුලමල භේද, දෙමව්පියන් දරුවන් වැඩිහිටියන් වූ පසුවද  ඔවුන්ගේ ජීවිතවලට කඩාවැදී ඒවා අවුල් කිරීම, තරුණ විය ඉක්මවූ මවුපියන්ගේ පෙම් සබඳතා, ලිංගික සබඳතා හෝ විවාහවලට දැඩි ලෙස විරුද්ධ වන දරුවන්ගේ මල කෝලම් වැනි සාම්ප්‍රදායික සමාජයේ “පුරුෂාර්ථ” ගැන යන්තම් සඳහන් කර ලිස්සා යමින් නව ලිබරල්වාදී අදහස් මතු කිරීමට ගජපාලට හැකිවන්නේ සමහර විට බොහෝ කලක් බටහිර සමාජයේ ජීවත් වීම නිසා විය හැකිය.

නවකතාව සෑහෙන දුරක් කියවා යනතෙක්ම සාම්ප්‍රදායික හෝ එසේ නොවන දුෂ්ටයකු හමු නොවන නිසා මෙය තරමක් දුරට “සියල්ලන්ම සතුටින් විසිරයන”  වර්ගයේ නවකතාවක්දැයි සැක පහළ වුවත් ගජපාල දුෂ්ටයා නියම වෙලාවට එවන්නේ සුමුදුගේ පැරණි “ගනුදෙනුකාරයකු” ලෙසය. ඉන්පසු සියල්ල ඉදිරී ගරාවැටෙනවාදැයි දැනගැනීමටනම් ඔබට සම්පූර්ණ නවකතාව කියවීමට සිදුවනු ඇත.

පොත මිලදී ගැනීම පහත ලිංක් එක හරහා කළ හැකිය.

https://www.blurb.com/b/9546390-sarath-kusum

පිටකවර නිර්මාණය අශෝක අබේවර්ධන

LOOK AND LEARN – Number 07


Look and Learn Cover Page

Look and Learn was a British weekly educational magazine for children published by Fleetway Publications Ltd from 1962 until 1982. It contained educational text articles that covered a wide variety of topics from volcanoes to the Loch Ness Monster; a long running science fiction comic strip, The Trigan Empire; adaptations of famous works of literature into comic-strip form, such as Lorna Doone; and serialized works of fiction such as The First Men in the Moon.

The illustrators who worked on the magazine included Fortunino Matania, John Millar Watt, Peter Jackson, John Worsley, Ron Embleton, Gerry Embleton, C. L. Doughty, Wilf Hardy, Dan Escott, Angus McBride, Oliver Frey, James E. McConnell, Kenneth Lilly, R. B. Davis and Clive Uptton. (From Wikipedia.)

I thank Dilhan Payagala for sharing this valuable asset with me. I am publishing them here one by one and do not intend copyright infringement here.

LOOK AND LEARN – Number 02


Look and Learn was a British weekly educational magazine for children published by Fleetway Publications Ltd from 1962 until 1982. It contained educational text articles that covered a wide variety of topics from volcanoes to the Loch Ness Monster; a long running science fiction comic strip, The Trigan Empire; adaptations of famous works of literature into comic-strip form, such as Lorna Doone; and serialized works of fiction such as The First Men in the Moon.

The illustrators who worked on the magazine included Fortunino Matania, John Millar Watt, Peter Jackson, John Worsley, Ron Embleton, Gerry Embleton, C. L. Doughty, Wilf Hardy, Dan Escott, Angus McBride, Oliver Frey, James E. McConnell, Kenneth Lilly, R. B. Davis and Clive Uptton. (From Wikipedia.)

I thank  Dilhan Payagala for sharing this valuable asset with me. I am publishing them here one by one and do not intend copyright infringement here.

චේ – මාලිනී ගෝවින්නගේ


චේ – මාලිනී ගෝවින්නගේ

මාලිනී ගෝවින්නගේ ලියූ “චේ” චරිතාපදානය මීට වසර 10කටත් පෙර එක හුස්මටම කියෙව්වේ අර්නස්ටෝ චේ ගුවේරා නම් අමරණීය විප්ලවවාදියාගේ ජීවිත කතාව කියවීමට මා බොහෝ අසාවෙන් සිටි නිසාය. චේ බොහෝ හිත් ඇදගන්නා සුළු පෞර්ශයකින් සහ කැරිස්මාවකින් යුතු පුද්ගලයෙකි. ඒ බව මොනවට පැහැදිලි වන්නේ ඔහුගේ මරණයෙන් වසර 52ක් ගතවූ අද දිනයේත් ඔහුගේ රුවට, අදහස්වලට, සටන්කාමීත්වයට පමණක් නොව විලාසිතාවන්ටද පෙම් බඳින ගැටවර – ගැටවරියන්, තරුණ තරුණියන් පමණක් නොව වැඩිහිටියන්ද කොතෙකුත් සිටින නිසාය.

ගෝවින්නගේගේ “චේ” කෘතිය වැදගත්වන්නේ එය ඕනෑම දැනුම මට්ටමක සිංහල පාඨකයාට ඉතාමත් උචිත ලෙස සරල බසකින් ලියවී ඇති නිසාය. චේ ගැන ලියවුණ බොහෝ සිංහල පොත පත තිබුණද ඔහු ගැන දැනගනීමට ඇති බොහෝ වැදගත් කරුණු සහිතව ඉතා රසවත් ලෙස ගෝවින්නගේ කෘතිය සම්පාදනය කර ඇත.

චේ කළු හෝ සුදු චරිතයක් නොව. ඔහු අළු පාට චරිතයකි. වරක අහිංසක ගැමියන්ගේ ශුභසිද්ධිය වෙනුවෙන් ජීවිත අවදානම ගෙන කැප වන ඔහු තවත් වරෙක ප්‍රතිවිප්ලවකරුවකු වෙඩි තබා මරාදමන්නේ කිසිදු අනුකම්පාවක් රහිතවය.

බොහෝ ආකර්ෂණීය පෙනුමකින් යුතු චේ නිරතුරුවම සුන්දර ළඳුන්ගේ අවධානයට පත්වේ. ඒවා සාමාන්‍ය ආදර සම්බන්ධතාවයන් වලින් එහා යන අවස්ථාද කොතෙකුත් ඇත.

චේ ත්‍රාසය, වීරක්‍රියාවලට ඉතා ලැදි පුද්ගලයෙකි. විප්ලවයේ ඇති කටුක අත්දැකීම්, නිරතුරුව ඇති ජීවිත අවදානම, පාවාදීම්වලට ලක්වීමේ අනතුරු, ඔහුට නිරතුරුවම වද දෙන සුවකළ නොහැකි ඇදුම රෝගය වැනි කොතෙකුත් සෘණාත්මක බලවේග තිබුණත් ඒ කිසිවකින් ඔහුව නැවතිය නොහැක.

ගෝවින්නගේගේ කෘතියේ ඇති පහත සඳහන් කොටස ඒ ලෙසම ඔබට ඉදිරිපත් කරන්නේ ඔබට එය කියවීමට උනන්දුවක් ඇතිකරනු පිණිසමය.

“ඔබ අයුක්තිය දැකීමේදී කෝපයෙන් හදවත රත් වන්නේද,එසේනම් ඔබද මාගේ සහෝදරයෙකි.”

ස්ථානය  හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී. 
දිනය  1967.10.09

චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර ඔහුගේ ඡායාරූප කීපයක් ගන්නා ලද අතර, ඔහු වෙත වූ සියළු ලියකියවිලි ද ඡායාරූප ගත කරන ලදී. ඉන්පසු ගරිල්ලා නායකයාට වෙඩි තැබිය යුත්තේ කා විසින්දැයි තීරණය කළ යුතු විය. ඒ සඳහා රැස්ව සිටි හමුදා නිලධාරීන් අතර තුණ්ඩු අදින ලදී. වාසනාව හිමිවූයේ මාරියෝ ටෙරාන් නම් හමුදා නිලධාරියාටය. එක් වෙඩි උණ්ඩයකින් චේගේ ප්‍රාණය නිරුද්ධ කිරීම දුෂ්කර කාරියක් වන්නට ඇත. එසේත් නැතහොත් මාරියෝ දක්ෂ වෙඩික්කාරයෙකු නොවුණා විය හැක. ඔහු මුලින්ම පිට පිට වෙඩි හතරක් එල්ල කළේය. ඒ සියල්ල වැදුණේ චේගේ ඉණෙන් පහළටය. තවමත් එළඹි සිහියෙන්ද, නොසිඳුණු එඩියෙන් ද යුතුව සිටි චේ, ඒ මොහොතේ හමුදා ලොක්කන් ඇමතීය. 

මං දැනගෙන හිටියා උඹලා මාව මරා දමන විත්තිය. උඹලාට අහුවෙන්න මං පණපිටින් ඉතුරු විය යුතුව තිබුණේ නෑ. පිදෙල්ට කියාපල්ලා මට වූ මේ වැරදීම විප්ලවයේ අවසානය නොවන වග. එය කවදා හෝ වෙනත් තැනකින් මතුවේවි….

….
ඒ වගේම මේ සොල්දාදුවන්ට උඹලා කියලා දෙන්න ඕනෑ හරියට ඉලක්ක කරලා වෙඩි තියන හැටි.”

ඒ සමගම මාරියෝ ටෙරාන් පිට පිට තවත් වෙඩි දෙකක් චේට එල්ල කළේය. එකක් ඔහුගේ ගෙල පසාරු කරගෙන ගිය අතර අනෙක හදවතට එල්ලවිණ….

(
චේ – මාලනී ගෝවින්නගේ 2000) 

මාෂල් ටිටෝ – රතු හිතුවක්කාරයා – දිලීප ජයකොඩි


මාෂල් ටිටෝ - රතු හිතුවක්කාරයා - දිලීප ජයකොඩි
මාෂල් ටිටෝ – රතු හිතුවක්කාරයා – දිලීප ජයකොඩි

හිටපු අයෝමය යුගෝස්ලියානු නායක මාෂල් ටිටෝ ගැන කියවීමට සිතා සිටියේ බොහෝ කලෙක පටන්. ඒත් ඔහු සම්බධයෙන් කිසිම පොතක් අත පත් වුයේ නැහැ. එහෙත් පසුගිය මාසේ අහම්බෙන් දිලීප ජයකොඩිගේ පරිවර්තනයක් වූ “මාෂල් ටිටෝ – රතු හිතුවක්කරයා” නම් අපූරු පරිවර්තනය කියවන්න ලැබුණා. සාමාන්‍යයෙන් නුහුරු නමක් තියෙන ලේඛකයෙකුගේ පොතක් කියවන්න මම ටිකක් අකමැති වුණත් මේ පොත පලකරලා තිබුණේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් නිසා හොඳ පොතක් විය යුතු යැයි පූර්ව නිගමනයකට ආවා. විජේසූරිය මහතා මෙතෙක් නරක පොතක් පලකරලා නැහැ මම දන්නා තරමට.

දිලීප ජයකොඩිගේ “මාෂල් ටිටෝ – රතු හිතුවක්කරයා” පරිවර්තනය කරලා තියෙන්නේ Jules Archer ගේ “Red Rebel; Tito of Yugoslavia” නමැති මුල් කෘතියෙන්. මෙය ඉතාම හොඳ පරිවර්තනයක් බව කිවයුතුමයි. සිංහල භාෂාව හසළ දැනුමකින් පාවිච්චි කරලා තියෙනවා වගේම ජයකොඩි ඉතාම සජීවී විදිහට අපිව පොතට බැඳ තබා ගන්නවා. අපිට දැනෙන්නේ ඇත්තටම අපිත් මාෂල් ටිටෝත් එක්ක යුගෝස්ලාවියානු සටන් බිමේ ඉන්නවා කියලයි. ලෝක යුද්ධ දෙකේදීම දුෂ්ට ජර්මන් හමුදාවලට එරෙහිව සටන් කරපු හැටි, ශීත යුද්ධ කාලේ සෝවියට් දේශයේ නායක ජෝශප් ස්ටාලින්ගේ ගෝරනාඩුවලට බිය නොවී යුගෝස්ලාවියාව මධ්‍යස්ථ රටක් විදිහට පවත්වාගෙන ඇමරිකානු ආධාර පවා ලබාගෙන ඉක්මන් සංවර්ධනයක් ඇති කරගත් අයුරු, නොබැඳි ජාතීන්ගේ සංගමයට මුල පිරූ අයුරු ඇත්තටම විශ්වාස කරන්නත් බැරි තරම් පුදුමයි. ඒත් පසු කාලෙක (ටිටෝගෙන් පසුව) යුගෝස්ලාවියානු ජනරජය සීසීකඩ කැඩී බිඳී ගිය අයුරු නම් කණගාටුයි. හරි හමන් දැඩි තීරණ ගත හැකි නායකයෙකු නොසිටියොත් අපේ රටට වුණත් මේ දේ පහසුවෙන්ම වෙන්න පුළුවන්.

දිලීප ජයකොඩි තවත් පොත් කිහිපයක්ම ලියලා තියෙනවා කියලා අන්තර්ජාලයෙන් දැනගත්තා. ඉදිරියට ඉඩ ලැබෙන විදියට ඒවත් කියවන්න බලාපොරොත්තු වෙනවා.

Red Rebel; Tito of Yugoslavia - Jules Archer
Red Rebel; Tito of Yugoslavia – Jules Archer

සයිබීරියාවෙන් පෙරදිගට – සුදත් පොඩිරත්න


sayiibeeriyawen-peradigata-

මා කුඩා කලම සංචාර ගැන ලියවුණ පොත් කියවීමට කැමැත්තෙමි. මා මුලින්ම කියවූ සංචාර සම්බන්ධ පොත වෝල්ටර් සේනාධීර 1961දී ලියූ “ලස්සන ලංකාව” විය. ඊට පසු සංචාර පොත් කිහිපයක්ම කියවීමට හැකියාව ලැබුණි. මා අන්තිමට කියවූයේ සුදත් පොඩිරත්න “සයිබීරියාවෙන් පෙරදිගට” නමැති සංචාරක ග්‍රන්ථයයි.

සුදත් පොඩිරත්න සහ ඔහුගේ ගමන් සගයන් කණ්ඩායම ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගයේ දින ගණනාවක් පුරා මොස්කව් සිට මොන්ගෝලියාව දක්වාත් එතැන් පටන් චීනය දක්වාත් ගමන් කළ අයුරුත්, ගමනේදී අත්විඳි සුන්දර සහ අසුන්දර අත්දැකීමුත් දීර්ඝ එමෙන්ම රසවත් විස්තර සහිතව ලිවීමට ලේඛකයා සමත් වී ඇත. ශ්‍රී ලාංකික අප මෙවන් අවදානම් සහගත ගමන් වලට පෙළඹෙන්නේ කලාතුරකිනි. “ඇවිද්ද පැය දහස් වටී” යන අදහස කුඩා කල සිට අපගේ මනසට දැම්මත් අපි සංචාරයේ යෙදෙන්නේ කලාතුරකිනි. සංචාරයන් සඳහා අවශ්‍ය මුදල් සහ කාලය අවැසි වුවත් අප අඩුවෙන් සංචාරයේ යෙදෙන්නේ මුදල් සහ කාලය සොයාගැනීමට ඇති අපහසුව නිසාටත් වඩා අප සංස්කෘතියේ සංචාර සඳහා ඇති වැදගත්කම මඳවීම යයි මට සිතේ.

සුදත් පොඩිරත්න මහතා මේ පොත ලිවීමට පෙළඹවීම සතුටට කරුණකි. මේ චාරිකා විස්තරය මේ මාර්ගයේ සංචාරයේ යෙදෙන්නන්ට මෙන්ම හුදෙක් මෙවැනි චාරිකාවන් ගැන කියවා සතුටු වන්නන්ටත් කදිමය.

මම නම් දුම්රියේ ගමන් කිරීමට ඉතාමත් අකමැත්තෙකි. කොතරම් කාලගුණයෙන් සහ වෙනත් හේතු නිසා කරදරවලට ලක් වූවත් මෙවන් දුරක් ගෙවනවානම් මා ප්‍රිය කරන්නේ මොටර්සයිකලයකින් ඒ ගමන යාමටය.

trans_siberian_map

sayiibeeriyawen-peradigata

බින්තැන්නේ විත්ති – පියසේන කහඳගමගේ


binthenne-withthi-cover

binthenne-withthi

පියසේන කහඳගමගේ ලියූ “බින්තැන්නේ විත්ති” මම ඉතා ආශාවෙන් කියවූ කෘතියකි. මම කිහිප වතාවක්ම දඹානට ගොස් වැදි ජනතාව සහ වැදි නායක ඌරුවරිගේ වන්නියා නායක ඇත්තන්ව හමුවී ඇති නිසා මෙම පොතේ තිබූ කරුණු වඩාත් ලෙහෙසියෙන් අවබෝධ කර ගැනීමට පහසු විය. එසේ වූයේ කාලයත් සමග වැදි ජනතාව භෞතික වශයෙන් කොපමණ වෙනස් වුවත් ඔවුන් අධ්‍යාත්මික වශයෙන් ඔවුන්ගේ ඇදහිලි ක්‍රම සහ සංස්කෘතිය තවමත් පවත්වාගෙන යන හෙයිනැයි මට සිතේ.

මේ පොතේ කතුවරයා වන කහඳගමගේ මහතා 1968 සිට 1983 දක්වා අවුරුදු 15ක් ම වැදි ගෝත්‍ර සහිත ප්‍රදේශවල ගුරු වෘත්තියේ යෙදෙමින් ලද අත්දැකීම් වලින් ලැබුණ පන්නරය මත පොත ලියවී ඇත. වැද්දන්ගේ යාදිනි, මන්තර, කවි හා වැදි ගී මෙම කෘතියට අයත්ය. එමෙන්ම වැද්දන් වීම නිසාම ඔවුන්ට මුහණ පෑමට සිදුවූ අනේකවිධ අතවරයන් සහ අසාධාරණයන් ගැනද කතුවරයාගේ අනුකම්පාව මොනවට පෙන්නුම් කරයි.

වරෙක නවකතාවක් මෙන් රසවත් මෙම කෘතිය තවත් වරෙක පර්යේෂණ ග්‍රන්ථයකි. තවත් වරෙක එය ඉතිහාස කතාවකි. එමෙන්ම එය මානව විද්‍යා (anthropology) ග්‍රන්ථයකි.

වැදි ජනතාව දකිනවිට ඔබට සිතෙන්නේ ඔවුන් ඉතාම ගොරහැඩි රෞද්‍ර ගෝත්‍රිකයන් පිරිසක් ලෙසය. එහෙත් ඔබ ඔවුන් සමග මද වෙලාවක් ගතකරන විට ඔවුන්ගේ භයංකර කෙස්වැටි වලට සහ රවුල්වලට යටින් ඔබ කෙරෙහි ඔවුන්ගේ ඇති ලෙන්ගතුකම මතුවෙයි. කහඳගමගේ මහතා බොහෝ කාලයක් පුරා වැද්දන් නිරීක්ෂණය කළ වැද්දන්ගේ සැබෑ මිතුරෙකි.

ශීඝ්‍ර වෙනසකට භාජනය වන මානව හැසිරීම සහ සිතුම් පැතුම් වැදි ජනතාවට ඒ වේගයෙන්ම නොපැමිණේ. ඔවුන්ගේ වෙනස ඉතා සෙමින්ය. එහෙත් සෙමින් වුණත් ඔවුන් වෙනස් වෙමින් සිටින්නේ වෙනසට සංවේදී නොවන ජීවීන් සොබාදහම විසින් ප්‍රතික්ෂේප කරන බව ඔවුන්ට වැටහී ඇති නිසා විය හැක. දඹානේ ගුරුකුඹුර ප්‍රාථමික විදුහල සහ දඹාන මහ විදුහල මේ වෙනසේ පෙරගමන්කරුවන් කරුවන් වී ඇතිවාට කිසිම සැකයක් නැත. නාගරීකරණය සහ වැදිගම්මාණය සංචාරක ආකර්ෂණයට ලක්වීමද මේ වෙනසට දායක වී ඇත. ඒ සියලුම වෙනස්කම් මධ්‍යයේ අතීතයේ වැද්දන් ජීවත් වූ අයුරු කහඳගමගේ විසින් මෙසේ වාර්තාගත කිරීම ගැන අපි සැවොම ඔහුට කෘතඥ විය යුතුය.

Who Is Bill Gates? – Patricia Brennan Demuth


Who Is Bill Gates

I was looking for a good biography about Bill Gates, the Founder of Microsoft for a long time. But I could not get hold of one except what I read about him on Wikipedia and other sources. But luckily, I had the pleasure of reading Patricia Brennan Demuth’s “Who Is Bill Gates?” last week. Though the book is very short – I think this book is meant mostly for children and young adults – it summarizes a good deal of Gates’ life in to shorter chapters. This was enough information for me till I find a comprehensive biography or an autobiography of Gates someday.

Though some people dislike Bill Gates for being a copycat and an unsympathetic businessman, I admire the man for initiating such a big revolution in the computer industry in a relatively short time. Without him, we would not have had access to computers and the internet within this short period of time. When I was a schoolboy in the 1980’s, the message given to us by our teachers and the media was that there would be a robot at every house by the then much awaited year 2000. But it was not to be. As of today, the robots are used in places like research laboratories and factories but it is not a domestic item as yet. Perhaps it will take a much longer time than anticipated by the science fiction writers in the past. Instead, most of us had a PC on our desks by the year 2000. To my knowledge, no science fiction writer could predict the big revolution of the PC’s would do in the world. But thanks to Gates, affordable PCs with sophisticated software came to our tables at offices and houses making our lives more comfortable.

Patricia Brennan Demuth’s biography “Who Is Bill Gates?” takes us a journey through Gates’ childhood, youth, adulthood till the time he formed Bill and Belinda Gates Foundation.

Computers were a luxury item that was hard to come by when Gates was a young person. Thanks to his school, the Lakeside School, he had access to a teletype machine which was more like a typewriter than a computer. He was greatly inspired and spent many hours as he could in the school ‘computer lab’ that was devoid of computers. Only big corporations and government institutions could afford to have huge mainframe computers which cost millions of dollars. But Gates had access to computer manuals in the school computer room which he read enthusiastically. He wrote his first computer program at the young age of thirteen!

The book informs the reader as to how Gates was inspired by the teletype machine, then how he found access to the computers at General Electric and how he met Paul Allen who eventually became the cofounder of Microsoft. According to the author, ‘the geek’ in Bill Gates changed after his marriage to Belinda French and he became a family man to his wife and the three children.

Life was not easy for Bill Gates, though he was born into a well-to-do family.  He had to work hard tirelessly to learn computers at a time when it was not easy to access computers or related knowledge. So, luck did not come to him but he worked hard and went in search of luck.

The book says how Bill Gates decided to step down as the CEO of Microsoft at his prime age as a business magnate and diverted his full attention to Bill and Melinda Gates Foundation which was set up to help the world with the money he amassed through his business. He did this at a relatively younger age of 52. This is the best age for most of the other businessmen to thrive at business, but Gates thought otherwise. So, all those people who criticized Gates as a mercenary tycoon who was interested in only making money can now look back in shame,  as to  how Gates  utilized the same money he accumulated for  social  welfare  & betterment of the people  of the world.