T. M. G. චන්ද්‍රසේකර – රැවුලත් කැඳත් දෙකම බේරාගත් අපේ කාලයේ අපූරු මාධ්‍යවේදියා


T. M. G. චන්ද්‍රසේකර

මේ කෙටි සටහන තබන්නට සිතුවේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස සේවය කළ මෑතකදී විශ්‍රාම ගිය මාධ්‍යවේදියකු සිහිකිරීම සඳහා. නමින් T. M. G. චන්ද්‍රසේකර වුවත් අපි සැවොම ඔහුව හඳුනන්නේ TMG නමින්. රජයේ මාධ්‍ය ආයතනයක රැකියාව කරමින් රැකියාව සහ වෘත්තීය ගෞරවය දෙකම ආරක්ෂා කරගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් TMG මේ දෙකම සමබර කරගත්තේ ඇතැම්විට බොහෝ දේවල් අවදානමට තබමින්.

ඔහුව අපි මුලින්ම හඳුනාගත්තේ ජාතික රූපවාහිනිය හරහා. ඉනුත් ඔහුගේ රුව සහ හඬ අප අතර මතක සිටියේ සජීවී සාකච්ඡා තුළින්. මගේ මතකය නිවැරදිනම් TMG අප මුලින්ම දැක්කේ තොරතුරු තාක්ෂණය එතරම් රටේ ප්‍රචලිත නොවූ කළෙක “අන්තර්ජාලය ඔබේ නිවසට” නම් ඉතාම සරල බසකින් ඔහු ඉදිරිපත්කළ වැඩසටහනින්. එකළ අපි අන්තර්ජාලය ගැන කිසිම දැනුමක් නැතිව සිටි අවධියක්. ඔහු ඉහත කී වැඩසටහන ඉදිරිපත්කළ සරළ සහ මිත්‍රශීලී බව නිසාම තරුණ වියේ තොරතුරු පිපාසයෙන් සිටි අප වැන්නන් පමණක් නොව සමාජයේ විවිධ පැතිකඩවලට අන්තර්ජාලය සමීප කිරීමට ඔහු දායක වූයේ චානුක වත්තේගම ප්‍රධාන කතෘත්වය දැරූ “විජය පරිගණක” හා සමානව දායකත්වයක්.

ඉන් පසුව අපිට TMG නැවතත් හමුවන්නේ ඔහු ජාතික රූපවාහිනිය හරහා එවකට ජනාධිපතිණිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කිහිපවරක්ම සම්මුඛ සාකච්ඡාවට භාජනය කිරීමෙන්. ඔහු ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මෙන්ම උපක්‍රමශීලී ලෙස මතභේදයට ලක්වුණු කරුණු සම්බන්ධයෙනුත් ඇයව ප්‍රශ්න කළ අවස්තාවන් තිබුණා. එවකට තිබුණු මාධ්‍ය නිදහසේ සීමාවන් තුළ රැඳෙමින්, රජයේ මාධ්‍ය ආයතනයක් වන ජාතික රූපවාහිනිය තුළින් එවැන්නක් කිරීම තරමක අභියෝගයක්.

මුලිනුත් කී පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතනයක දිගු කාලයක් රැකියාව සහ වෘත්තීය ගරුත්වය රැක ගැනීම අප වැනි රටවල මාධ්‍යකරුවන්ට බියකරු සිහිනයක් බව අළුතෙන් කියන්නට ඕන නැහැ. මෙහි භයානකත්වය TMG අත්වින්දේ නොහික්මුණු කැබිනට් ඇමතිවරයකු වූ මර්වින් සිල්වා රූපවාහිනී පරිශ්‍රයට ඔහුගේ මැරයන් සමග බලෙන් කඩාවැදී TMGට ඉතාම නිර්ලජ්ජිත ලෙස පහරදුන් අවස්තාවේ. ඔහුට පහරදීමට හේතු වූයේ ඇමතිවරයා දේශපාලන වේදිකාවකදී කළ නරුම කතාවක් ප්‍රවෘත්ති ප්‍රකාශය අතරදී විකාශය නොකළ නිසා. මාධ්‍ය සදාචාරය ඉහළින් සලකන ඔහු වැන්නෙකුට එවැනි කතා විකාශය නොකර සිටීමට ශුද්ධවූ අයිතියක් තිබුණා. එම නින්දිත ප්‍රහාරයේදී රූපවාහිනියේ ලොකු කුඩා සැවොම ඔහුගේ පාර්ශවය ගෙන අදාල ඇමතිවරයාට ප්‍රතිප්‍රහාර එල්ල කළේ ඉන් ලැබිය හැකි භයානක ප්‍රතිපළද අමතක කරමින්.

TMG රූපවාහිනියට සම්බන්ධවුණේ 1995දී. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් ලබා පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම ජනමාධ්‍ය සම්බන්ධ උසස් උපාධිදරයෙක් ලෙසත් අධ්‍යාපනය ලැබුවා. පසුව ඔහු ටෙලිවිෂන් මාධ්‍යයේ විවිධ අංශවල ඔහුගේ නිර්මාණාත්මක හැකියාවන් උරගා බැලුවා. අවුරුදු 24ක අඛණ්ඩ, විශිෂ්ට සේවයකින් පසු රූපවාහිනියෙන් විශ්‍රාම ගිය ඔහු මේ වන විට ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සන්නිවේදනය සඳහා උපායමාර්ග පිළිබඳ විශේෂඥයකු වශයෙන් සේවය කරනවා.

රූපවාහිනිය TMG චන්ද්‍රසේකර ගැන කළ විඩියෝ වැඩසටහනක්

මට TMGව හමුවුණේ ඔහු මම සහ මගේ සිසුසිසුවියන් කිහිප දෙනෙකු 2002දී ඔහු සමග කළ සජීවී රූපවාහිනී සාකච්ඡාවකදී. එහි වීඩියෝ දර්ශන කිහිපයක් පහත දැක්වෙනවා.

1. First Live TV Talk show by Horizon Lanka kids in 2003
2. First Live TV Talk Show of Horizon Lanka kids in 2003
3. First Live TV Talk show by Horizon Lanka kids in 2003
4. First Live TV Talk show by Horizon Lanka kids in 2003
5. First Live TV Talk show by Horizon Lanka kids in 2003
6. First Live TV Talk show by Horizon Lanka kids in 2003
7. First Live TV Talk show by Horizon Lanka kids in 2003
8. First Live TV Talk show by Horizon Lanka kids in 2003
9. First Live TV Talk show by Horizon Lanka kids in 2003
10. First Live TV Talk show by Horizon Lanka kids in 2003
12. First Live TV Talk show by Horizon Lanka kids in 2003
14. First Live TV Talk show by Horizon Lanka kids in 2003
15. First Live TV Talk show by Horizon Lanka kids in 2003
17. First Live TV Talk show by Horizon Lanka kids in 2003

18. First Live TV Talk show by Horizon Lanka kids in 2003

A guide to byte – A LAcNet project brings the world to remote Lankan classrooms


Two

This appeared in the Sunday Times Plus Section on September 10, 2000. By this time I was the computer instructor of this project launched by LAcNet.

By Kesara Ratnatunga (10th September 2000)

The computer screen was their window to the rest of the world and they were having a field day. Exploring with wide-eyed wonder what lay beyond their horizons, were the grade seven and eight students of Nivaththaka Chethiya Maha Vidyalaya, Anuradhapura, the first beneficiaries of the Lanka Academic Network’s (LAcNet) ‘Computers for Sri Lankan Schools’ project.

LAcNet, a virtual network of Sri Lankan academic professionals living here and abroad, implemented and funded this pilot project by which a computer lab with five computers as well as Internet facilities was set up at the school. The objective is “to provide an opportunity for rural children to gain competency in computer and Internet, proficiency that will enhance and broaden their academic and entrepreneur skills.”

“Nivaththaka Chethiya was selected because its principal and teachers were very keen and also because a tremendous amount of support was given by Sena Gonapinuwala, a businessman of the area,” says LAcNet’s vice-president Chulie de Silva who is also the coordinator for this project.

Since the lab became functional in January this year, the students of all classes have had the opportunity to become familiar with the computers and the Internet.

“We were scared at first that we might break the computers,” said one eighth grade student who was busily typing out an essay with a group of his friends, “but now we are quite comfortable with them,” said all of them grinning from ear to ear.

There are no periods specially dedicated to computer education due to administrative problems. However, the computers are used to supplement the other subjects such as science and environmental studies. Many of the teaching sessions are conducted with the kids seated on the floor around the teacher who uses electronic encyclopedias such as Encarta to teach them.

The students themselves get hands-on time on the PCs and are already capable of using word processors and graphics software with ease – very encouraging progress considering many of them had never seen or touched a computer before. The idea seems to be to expose the children to the technology and make it part and parcel of their thinking rather than teaching computers as a science. “I like to give the smaller children a chance because they are very keen and learn fast,” says Mr. Nandasiri Wanninayaka, an English teacher cum computer instructor at the school, who has worked tirelessly to make this project a success.

“Using the computers has helped the students improve their English as well,” says the Principal, Mr. Piyasena Ratnamalala.

The students have also been exposed to the Internet and email, which they have been using under the guidance of Mr. Wanninayaka. They have even made friends via email, with their contemporaries in Australia. Nuwan Prasad Wanninayaka, a year 13 student having taught himself by reading books on web programming, has designed the school webpage as his Advanced level project. He says that the school having received these computers was indeed a great help and incentive for him to learn. It has inspired him to go into an Information Technology related career.

Having access to computers seems to have sparked an interest in many of the younger students as well, who are very keen to pursue computer studies outside school. Many of them troop to school an hour early as well as during the holidays, to spend some extra time playing around with the computers. The students’ enthusiasm is further highlighted by the fact that they have pooled and bought several CD-ROMs for the school.

“Parents are also very keen that their children should learn how to use computers,” says Mr. Ratnamalala.”They even accompany their children when they come during the holidays.” An enthusiasm no doubt fueled by the knowledge that in this day and age, computer literacy is as vital as being able to read.

This venture owes much of its success to the commitment of Mr. Wanninayaka who spares no effort in facilitating the children’s learning. He has big plans for the computer lab and the students, including a magazine to be published by the students. “We need more computers, even old ones,” says Mr. Wanninayaka citing the primary problem they face. Niwaththaka Chethiya MV has around 4000 students on its roll, and many of the classes which use the lab comprise around 70 students making both teaching and learning on just five computers very difficult.

students1

The paintings of two of the school’s students, Nadeeka Wijesingha and Anusha Nilminimala Ariyarathna which were taken abroad by Mr. Wanninayaka have been offered to be sold in the U.S. Any earnings from their sale would be used to buy PCs for the school. Everybody at Nivaththaka Chethiya anxiously awaits a favourable response from those in the United States who have volunteered to sell the paintings for them.

“We would be more than happy to do more paintings,” say Nadeeka and Anusha, anxious to do their part for the school.

In Sri Lanka, Information Technology is restricted to a select urban community. Considering that much of the population reside in rural areas it seems grossly unfair that this should be the case. LAcNet’s project and any others to be initiated in the future by government or non-government organizations would be a key in linking these areas to the modern world. They will also have a major positive impact on the way future Sri Lankan generations think, the standard of their education and their global awareness. However, it is important that all attempts are made to ensure every child – regardless of economic standing or geographic location – gets this opportunity.

The enthusiasm of the staff and most of all of the students has been remarkable. LAcNet’s pilot project aimed at “creating a computer savvy student population in a rural school” seems to be in good hands and well on its way to achieving its goal. Hopefully it will lead to more people recognising the importance of educating children in Information Technology and coming forward to help and initiate forward-looking projects such as this. If the progress of the bright-eyed students of Nivaththaka Chethiya Maha Vidyalaya is anything to go by, the potential for the future is heartening indeed

You can read the original article at http://www.sundaytimes.lk/000910/plusm.html

සත්හඬ – අලුත්ම සති අන්ත පුවත්පත


Sathhanda Logo

Sathhanda Logo

සාමාන්‍යයෙන් අළුත් පත්තරයක් වෙළඳපොළට ආවම අඩුම තරමින් මුල්ම කලාපයවත් මිලදී ගැනීම මගේ පුරුද්දක්. සත්හඬ සති අන්ත ප්‍රවෘත්ති පත්‍රය නිකුත් වූ වහාම එහි මුල්ම කලාපය මිලදී ගත්තෙත් ඒ පුරුද්දට. ගොඩාක් බලාපොරොත්තු ඇතුව ගත්තත් ලිපි කිහිපයක් කියවීමෙන් පසු මගේ බලාපොරොත්තු සුන්වුණා කිව්වොත් නිවැරදියි. එහි කිසිම අළුත් දෙයක්, නැවුම් ගතියක් නැහැ. හැම සති අන්ත පත්තරයක්ම ලියන දේවල්ම පමණයි. සමහර විට ඉදිරියට අළුත් අංග හඳුන්වා දෙන්න බලාපොරොත්තුවක් තියෙන්නත් පුළුවන්.

සත්හඬ දැඩි මහින්ද විරෝධී ගතියක් පෙන්වනවා. කිසිම තැනක පවතින රජය විවේචනය වී නැහැ. ඒක සත්හඬ කණ්ඩායමේ අයිතියක් යැයි කෙනෙකුට කියන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ FOX රූපවාහිනී නාලිකාව ගත්තොත් එය කෙළින්ම රිපබ්ලිකන් පක්ෂයට පක්ෂපාතී බව කියන්න පුළුවන්. ඒ විදිහට ගත්තොත් සත්හඬට පවතින රජයට පක්ෂපාතී වීමට ශුද්ධ වූ අයිතියක් තියනවා යැයි කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. එත් මගේ පුද්ගලික මතයනම් එය පාඨකයන්ට කරන අසාධාරණයක් බවයි. පාඨකයා බලාපොරොත්තු වන්නේ අපක්ෂපාතී, විවේචනාත්මක, සත්‍ය ගවේෂණය කරන පුවත් පතක්.

සත්හඬේ තියෙන එකම හොඳ මම දකින්නේ එහි සාහිත්‍ය අතිරේකයෙයි. එය යම්කිසි ප්‍රශස්ත මට්ටමක තියෙනවා. සාහිත්‍ය ගැන අවබෝධයක් ඇති, සාහිත්‍ය රසවිඳින ජනමාධ්‍යවේදියකුගේ මග පෙන්වීමෙන් එම අංශය ක්‍රියාත්මක වෙනවා යැයි සිතන්නට පුළුවන්.
අන්තිමට කියන්න තියෙන්නේ සත්හඬ මැද මාවතේ ගමන් නොකර මේ විදිහටම දිගටම ගියොත්, පත්තරේ ආදායමින්ම පවතින්න අදහස් කරනවා නම් එයට මාස හයකට වඩා ආයුෂ තියෙයි කියලා හිතන්න අමාරුයි. හැබැයි ලාභ අපේක්ෂා නොකර මුදල් පොම්ප කරන්න පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සිටිනවානම් ඊට වඩා කාලයක් පවතින්න පුළුවන්.

ලංකා කොමික්ස් ෆෙයිස්බුක් පිටුව – චිත්‍රකතා ලෝලීන්ට කදිම ෆෙයිස්බුක් පිටුවක්


ලංකා කොමික්ස් https://www.facebook.com/lankacomics ෆෙයිස්බුක් පිටුවේ ලිපිනය මට එව්වේ එම ෆෙයිස්බුක් පිටුවේ අඩවියේ සංස්කාරක ලලිත් බී. සමරකෝන් විසින්. ඔහු මගේ චිත්‍රකතා පිළිබඳ වූ ලිපියක් කියවූ නිසාදෝ ඔහු විසින් කරගෙන යන මෙම ෆෙයිස්බුක් පිටුව ගැන මට දන්වන්නට සිතෙන්න ඇති. ලංකා කොමික්ස් ෆෙයිස්බුක් පිටුවේ චිත්‍රකතා සහ චිත්‍රකතා ශිල්පීන් ගැන සාරගර්භ ලිපි ගණනාවක්ම ඇතුළත් කර ඇත. මමත් ඉතා කුඩා අවධියේ පටන්ම චිත්‍රකතා වලට අධික ලෙස ඇලුම් කළ නිසා අදටත් චිත්‍රකතා ගැන කිසිවක් දුටු විට මගේ සිත එය කරා ඇදී යන්නේ ආයාසයෙන් තොරවයි.

Susil Premarathna’s Drawing

ලංකා කොමික්ස් වැඩි අටෝපයක් නැති, සරල ෆෙයිස්බුක් පිටුවකි. එහි ඉතා දුර්ලභ කදිම චිත්‍රකතා රූපරාමු ස්කෑන් කර පල කෙරේ. රූපරාමු වලට අදාළ චිත්‍රකතා ගැන සහ ඒවාට දායක වූ ශිල්පීන් ගැන වෙන තැනකින් සොයාගැනීමට නොහැකි තරමේ දීර්ඝ විස්තර ලලිත් සපයයි. දිගු කලක් තිස්සේ චිත්‍රකතා ආශ්‍රිතව රැකියාව කළ ලලිත්ට ශිල්පීන් ගැන විස්තර දැනගැනීම සඳහා ඕනෑ තරම් සම්බන්ධතා ඇතුවාට සැක නැත. මහාචාර්‍ය සුනිල් ආරියරත්න මහතාගේ චිත්‍රකතාවේ වංශකතාව විමර්ශන ග්‍රන්ථයෙන් පසු මෙවන් ලිපි රාශියක් එක තැන දුටු පළමු අවස්ථාව මෙයයි. මේ සමාජ සත්කාර්යය වෙනුවෙන් චිත්‍රකතා ප්‍රියකරන්නන්ගේ නොමඳ පැසසුමට ලලිත්ව පත්වනු නොඅනුමානය. ශීඝ්‍රයෙන් අභාවයට යන වටිනා කලාවක් ගැන තොරතුරු සේවීමම ඇති දුෂ්කර කාර්යයක් වන්නේ මේවා සංරක්ෂණය කරන්නන් හිඟවීමත් තිබෙන සුළු චිත්‍රකතා ප්‍රමාණයවත් ලබා ගැනීමට තිබෙන අපහසුව නිසාවත් නිසාය.

මෑතකදී චිත්‍රකතා ගැන නව නැඹුරුවක් ඇතිවී තිබේ. චිත්‍රකතා සඟරාවක් මාසිකව එළි දැක්වේ. ඒ අතරම පැරණි සහ අළුත් චිත්‍රකතා පොත් වශයෙන්ද ඉඳහිට නිකුත්වේ. අන්තර්ජාලයටද මේ පිළිබඳව විස්තර එක්වීම අතිශයින්ම වැදගත් වන්නේ ලොව පුරා විසිරී ඇති ශ්‍රී ලාංකික චිත්‍රකතා ලෝලීන්ට ඒවා පරිහරණය කිරීමට හැකිවීම නිසාය.

A Drawing by Ananda Dassanayaka
A Drawing by Ananda Dassanayaka

No More Live International Cricket On Channel Eye Please


Sri-Lanka-vs-Bangladesh-21

I was among the millions of happy cricket fans when it was announced that the Sri Lanka’s Bangladesh cricket tour was going to be telecasted live on Channel Eye for the simple reason that Channel Eye has clearer signals than Carlton Sports Network (CSN.) In addition to that, we were not happy about the unusual circumstances that resulted CSN grabbing live cricket from Channel Eye in an unethical manner.

But after the conclusion of the Bangladesh tour of Sri Lanka I feel that live cricket telecasting be better off without Channel Eye. Channel Eye disturbed the viewers throughout the Test series with hourly Tamil news updates that resulted viewers missing even very important milestones during the games.

Things got worse with the start of the one day series. (I cannot comment about the T20 series as I could not watch it.) During the ODI series, Channel Eye stopped live telecast for almost 15 minutes for 7pm Tamil news telecast. This is very unfair to the cricket fans. We expect an uninterrupted coverage. Channel Eye doesn’t have an ethical right to disconnect the live coverage for something else. If they cannot provide uninterrupted coverage, they should have let some other channel to buy the telecasting rights in the first place. Or they could have easily transferred newscasts to their sister channels Rupavahini or NTV without interrupting live cricket. But this did not happen.

CSN also brings us full repeat telecasts the next day for those who missed the live matches. But Channel Eye restricts matches only to nightly highlights. CSN finds enough advertisements to run even during repeat telecasting bringing profits to the channel. Channel Eye, being a channel that runs with the taxpayer money, cannot find enough advertisements even for live Test matches. This shows sheer inefficiency of the state channel.

So, like many others now, I prefer CSN to telecast live cricket matches that Sri Lanka take part even with not-so-good signals. At least they provide uninterrupted live coverage. Channel Eye does not understand priorities so they should not be given live international cricket that Sri Lanka feature anymore.

ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් – අළුත් චිත්‍රකතා සඟරාව


ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් - අළුත් චිත්‍රකතා සඟරාව - පළමු කලාපය

ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් – අළුත් චිත්‍රකතා සඟරාව – පළමු කලාපය

පත්තර කඩේ අළුත් අළුත් චිත්‍රකතා සඟරාවක් දකිද්දී පුදුම සන්තෝෂයක් දැනුණේ. ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් සඟරාව බලන්න වගේම ඒක පවත්වාගෙන යන අය දිරි ගන්වන්නත් එක්කමයි කොපියක් ගත්තේ. ඒත් පිටු පෙරළලා බලනකොට නම් බලා පොරොත්තු කඩවුණා. මුලින්ම සඟරාවේ නමම පාඨකයන් සඟරාවෙන් එළවන නමක්. මේකට මීට වඩා වැදගත් නමක් දාන්න තිබුණා. ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් කියපු ගමන්ම මේක දෙවන පන්තියට වැටෙනවා.

අනිත් එක තමයි මෙයාලා මතක තියා ගන්න ඕනේ ප්‍රධාන දෙයක් තමයි චිත්‍රකතා වැඩියෙන්ම බලන්නේ ඒවගෙන් 70-80 වල සන්තෝෂ වුණ, දැන් අවුරුදු 30-40 ට එහා වයස් කාණ්ඩය කියන එක. අළුත් තරුණ පරපුරට චිත්‍රකතා වලට වඩා හිත ඇදිලා යන දේවල් කොච්චරවත් තියෙනවා. ඉතින් ඉහත කී කණ්ඩායම සන්තෝෂ කරන්න නම් එයාලා ආශා කරපු විදිහේ කතා ටිකක් අඳින්න ඕනේ. ඉතිං ඊට පස්සේ, යුනිකෝ, ටෝගා, ගජමෑන් වගේ ඒවා ඒ කාලේ නැගලා ගියා. ඊට ටිකක් හරි ළඟින් යන කතා ටිකක් මෙයාලාට අඳින්න තිබුණා. ඒත් මෙයාල අඳින්නේ කිසිම කතා රසයක්, කුතුහලයක් නැති කතා. හරියටම අද කාලේ ටෙලි නාට්‍ය වගේ. චිත්‍රකතා වල ටෙලි නාට්‍ය වලට වඩා කුතුහලයක් තිබ්බා. හැම කතාවකම අන්තිම කොටුවේ තිබ්බේ ඊළඟ සතියේ පත්තරේ ගන්නම හිතෙන විදිහේ හිතේ කුතුහලය උපරිමයට අවුස්සන දර්ශනයක්. ඒත් මේ චිත්‍රකතා සඟරාව දැක්කට පස්සේ මට ආයේ නම් ඒක ගන්න හිතුණේ නැහැ.

කාලයට අනුරූපව චිත්‍රකතා කලාව වෙනස් වෙන්න ඕනේ තමයි. ඒත් මූලිකම කරුණු අමතක කොට යන ගමනක් සාර්ථක වේ යයි සිතන්න බෑ. මම හිතන්නේ නැහැ මේ චිත්‍රකතා සඟරාව වෙනස් කර නොගත්තොත් වැඩි කල් පවතියි කියලා. මේක නතර වෙනවනම් අපරාධයක් තමයි. ඒත් මොනවා කරන්නද කරන්න දේවල් තියෙද්දී බොළඳ වැඩ කරනකොට?

සඟරාවක මිල රුපියල් 100යි. ඒකට නම් කරන්න දෙයක් නැහැ. වර්ණ පිටුත් මුද්‍රණය කරන නිසා ඊට අඩුවෙන් දෙන්න අමාරු ඇති.

එකම කතාව පිටු 3-4කට දුවනවා. ඒකත් අළුත් දෙයක් කියලා හිතමුකෝ. ප්‍රශ්නේ තියෙන්නේ චිත්‍ර ඇඳලා තියෙන ආකාරය එච්චර සිත් ගන්නා සුළු නොවීම. ඉස්සර චිත්‍රයක් අඳිද්දී සිත්තරා මොන තරම් පරිස්සමෙන්ද චිත්‍රය ඇන්දේ? දැන් එහෙම දෙයක් දකින්න නෑ. ඉක්මනට ඉවර කරගන්න අඳිනවා වගෙයි. සමහර විට ගෙවීම් අඩු නිසා මෙහෙම කරනවාත් වෙන්න පුළුවන්.

කොහොමටත් චිත්‍රකතාවල අතීත ශ්‍රී විභූතිය ආපසු ගන්න බැරිවේවි. ඉඳලා හිටලා චිත්‍රකතා පත්තරයක් පළවෙලා කලාප කිහිපයකට පස්සේ වැහිලා යනවා. මේකටත් ඒකම වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඒත් එහෙම නොවෙනවානම් තමයි හොඳ.

ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් - අළුත් චිත්‍රකතා සඟරාව - දෙවන කලාපය

ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් – අළුත් චිත්‍රකතා සඟරාව – දෙවන කලාපය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයට සවන් දෙන්න. 94.3 FM හා 94.5 FM


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. ඡායාරූපය www.tapmal.com වෙබ් අඩවියෙනි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. ඡායාරූපය http://www.tapmal.com වෙබ් අඩවියෙනි.

මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයට කුඩා කළ සිට තරුණ විය දක්වාම දැඩි කැමැත්තකින් සිටියෙමි. ඒ අනෙකුත් සේවාවන්ට වඩා ප්‍රාණවත්ව, විනෝදය නො අඩුව ගෙනා නිසාවෙනුත් ඉතාමත් ප්‍රබෝධජනක වැඩසටහන් පෙළගැස්මකුත් තිබුණ නිසාවෙනි. වෙළඳ සේවය එක කළෙක සිංහල දෙවන සේවය ලෙසද හැඳින්විණ.

මම කොහොමත් උදෑසන පිරිත් සහ ආගමික වැඩසටහන් වලට එතරම් කැමැත්තක් නොදැක්වූවෙමි. මට අවශ්‍ය වූයේ ප්‍රවෘත්ති සහ ගීතයි. වෙළඳ දැන්වීම් වලටද මම තරමක් ඇබ්බැහි වූයේ ඒවායෙහි තිබුණු නිර්මාණශීලී බව නිසාමයි. විශේෂයෙන්ම “ඇල්කතීන් නළ” සහ “ග්‍රැමෙක්සෝන්” වෙළඳ දැන්වීම් වලට මම ආශා කළෙමි. “බර්නි ටොෆී,” “ග්ලූකෝරස මාමේ,” “ඩොට් ටොෆී” මා ප්‍රිය කළ අනෙක් වෙළඳ දැන්වීම්ය. වෙළඳ වැඩසටහන් මෙහෙයවූ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ඉතා හොඳ, ගැඹුරු කටහඬක් තිබුණ නිවේදකයෙකි. ගැමුණු විජේසූරියගේ වෙළඳ වැඩසටහන් මම තදින්ම අප්‍රිය කළත් බොහෝ වෙළඳ වැඩසටහන් කළේ ඔහුය. බොහෝ වෙළඳ දැන්වීම් කියෙව්වේද ඔහුය. තිස්ස ජයවර්ධන මගේ ප්‍රියතම ප්‍රවෘත්ති නිවේදකයා විය. මට වරක් ඔහු ගම් උදාව සැණකෙළියකදී ගුවන් විදුලි සංස්ථා කුටියේදී හමු විය. මම ඉතා ආඩම්බරයෙන් ඔහු මගේ ප්‍රියතම ප්‍රවෘත්ති නිවේදකයා යයි කියූ විට ඔහු මගේ පිටට තට්ටුවක් දැම්මේය. එය මට ඉතා වටිනා තට්ටුවකි. මම අදටත් ඔහුගේ හඬින් ප්‍රවෘත්ති කීමට කැමතිය. ඔහු “දොළහයි හතළිස් පහයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. ප්‍රකාශය තිස්ස ජයවර්ධන විසිනි.” යයි කිව්වෙ ඉතාමත් ගාම්භීර ලෙසටය. ප්‍රවෘත්ති ඇසීම බොහෝ බරපතල කාර්යයක් වූයේ ඔහු වැනි ප්‍රවෘත්ති නිවේදකයනුත්, රම්‍යා වනිගසේකර වැනි ප්‍රවෘත්ති නිවේදිකාවනුත් නිසාය.

ජිප්සීස් අනුග්‍රහයෙන් ඉරිදා දවල් 1.45ට ප්‍රචාරය කළ වෙළඳ වැඩසටහනෙන් විනාඩි 15ක් පුරා ජිප්සීස් සංගීත ඛණ්ඩ ඇසීමට ලැබිණ. එය අරුමයක් වූයේ එකල ජිප්සීස් ගීත අසන්නට හැකියාව තිබුණේ කැසට් රෙකොර්ඩර් තිබුණ අයට පමණක් වීම නිසාය. අපට තිබුණේ පරණ ෆිලිප්ස් රේඩියෝවක් පමණි. (ඉතා සීමිත ජිප්සීස් ගීත ගණනක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමට අනුමත කර තිබුණත් ඒවා ප්‍රචාරය වූයේ ඉතාමත් කලාතුරකිනි.)

අපේ ගෙදර තිබුණේ අපේ "පීප් බාප්පා" දුන් මෙවැනි රේඩියෝවකි.

අපේ ගෙදර තිබුණේ අපේ “පීප් බාප්පා” දුන් මෙවැනි රේඩියෝවකි.

මන්චී අනුග්‍රහයෙන් ප්‍රචාරය කෙරුණ “මන්චී ගීත්මාලා” ඉදිරිපත් කළේ ආරියසිරි විතානගේය. ඔහුගේ වැඩසටහන් මෙහෙයවීම ඉතාමත්ම අගනේය. මෙහි ප්‍රචාරය වූයේ හින්දි ගීතය. ගුවන් විදුලියේ අනෙකුත් වැඩසටහන් වලින් බොහෝ දුරට ප්‍රචාරය වූයේ ඉතාම පැරණි හින්දි ගීත වුවත් මන්චී ගීත්මාලා තුළින් අළුත් හීන්දි ගීතද ප්‍රචාරය වූ නිසා මම එය ඉතා ආශාවෙන් සවන් දුන් වැඩසටහනක් වුණි. එහි නැවත් ප්‍රචාරයක් ඊට පසු දිනක රජරට සේවයෙන්ද කෙරුණි. මේ වැඩසටහනට නොයෙකුත් චිත්‍ර ඇඳ යැවීම එකල මගේ සිරිතයි. හොඳම නිර්මාණවලට මුදල් තෑගි ලැබුණත් මගේ නිර්මාණවලට කිසිදා තෑගි ලැබුණේ නැත. එහෙත් නිතර චිත්‍ර යවමින් කළ මගේ කරදරයෙන් බේරෙන්නටදෝ ආරියසිරි විතානගේ වරක් මගේ නමද අසන්නෙක් වශයෙන් යොදා ගීතයක් ඉදිරිපත් කළේය. එහෙත් ඒ මම කිසිසේත්ම කැමති වූ ගීතයක් නොවේ. එහෙත් මගේ නම මුලින්ම ගුවන් විදුලියෙන් ඇසුණ නිසා මට සතුටක් දැනුණි.

වෙළඳ සමාගම් අනුග්‍රහයෙන් ප්‍රචාරය කළ මුවන් පැලැස්ස, මොණරතැන්න, වජිරා වැනි වැඩසටහන් ප්‍රචාරය වූයේ රාත්‍රී අටෙන් පසු නිසා ඒවා අපිට අසන්නට ලැබුණේ කලාතුරකිනි. එයට හේතුව ඒ වන විටත් අපි නිදි දෙව්දුව තුරුලට ගොස් හමාර නිසාය. එහෙත් කලාතුරකින් මේ වැඩසටහන් ඇසූ දවස්ද විය. එහෙත් සතිපතා අසන්නේ නැති බැවින් මේවාට අපේ උනන්දුව අඩු විය. හඳමාමා අපි ඉතාම ප්‍රිය කළ වැඩසටහනක් වුවත් හඳමාමා ප්‍රචාරය වන වෙලාවට අපි රංචු ගැසී සෙල්ලම් කරන නිසා බොහෝවිට අපිට එය මඟහැරෙයි. එවිට දැනුණේ කියාගන්නට බැරි තරම් දුකකි.

මේ විස්තර ලියන්නට සිතුණේ දින කිහිපයකට පෙර මම වසර ගණනාවකට පසු නැවතත් වෙළඳ සේවයට සවන් දුන් නිසාය. පුදුමයකි. වෙළඳ සේවයේ වැඩසටහන් නැවතත් අප ප්‍රිය කළ 80 දශකයේ ආකෘතියටම ගොස් ඇත. වෙළඳ සේවය මම කලකට පෙර අත හැරියේ ඔවුන්ද අන්ධානුකරණයෙන් අනෙකුත් පෞද්ගලික FM නාලිකාවන් කොපි කළ නිසාය. ගරා වැටෙන ජනප්‍රියත්වයත් සමග ඔවුන් එයට පෙලඹුණත් දැන් ඔවුන් නැවතත් පැරණි රිද්මයටම පැමිණ ඇත. සමහර වැඩසටහන්වල තේමා සංගීතය පවා පැරණි, හුරුපුරුදු ඒවාමය. නිවේදක නිවේදිකාවන්ගේ සංයමයෙන් යුතු සන්නිවේදනයද ළගන්නා සුළුය. ප්‍රවෘත්ති ව්‍යාකරණානුකූලව ඉදිරිපත් කෙරේ. නිවේදක තෝරයි, චිත්‍රපට ගී, මධු රසාංග, ගී රසාංග වැනි වැඩසටහන් තවමත් පැරණි ආකෘතියෙන්ම ඉදිරිපත් කෙරේ. වෙනසකට ඇත්තේ ඔවුන් විටින් විට “මඳ විරාම” ගැනීම පමණි.

වෙළඳ සේවයේ සංඛ්‍යාතය 94.3 හා 94.5 FMය. වෙළඳ සේවය අන්තර්ජාලයෙන් අහන්න නම් මෙන්න තැන. http://www.slbc.lk/index.php/tech/sinhala-commercial-service වෙළඳ සේවයේ ගීත Remix නොකළ ඒවාය. ඔක්ටපෑඩ් කන්කරච්චලය කොහෙත්ම නැත. ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත පවා “සිහිවටන” කැසට් පෙළට පෙර පටිගත කළ පැරණි සංගීතය සහිත ඒවාය. අළුත් කළ ගීතයක් ප්‍රචාරය වන්නේ ඉතාමත් කලාතුරකිනි. බොහෝ ගීත තේරීම්ද අප ප්‍රිය කළ කන්කලු ගීතමය. නිවේදකයන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් සමග දුරකථනය ඔස්සේ දොඩමළු වුවද නිවේදක-ශ්‍රාවක දෙපක්ෂයම එය කරච්චලයක් නොකොට, සංයමයෙන් යුතුව, කෙටි සාකච්ඡාවන්ට සීමා කරති.

එහෙත් එක පරහක් ඇත. ඔබට ඔබ බෙහෙවින් අප්‍රිය කරන හඩ්සන් සමරසිංහගේ හඬ වෙළඳ සේවය ඔස්සේ උදේට ඇසීම ඉවසාගත යුතුය. ඔහුගේ මතභේදකාරී උදෑසන වැඩසටහන වෙළඳ සේවය ඔස්සෙද ඇසේ. එමෙන්ම ඔහුගේ හඬින් බොහෝ වෙළඳ නිවේදනද ඔබට අසා සිටීමට සිදුවේ. ඔබට මේවා ඉවසිය හැකිනම් අදම ඔබේ ගුවන් විදුලිය වෙළඳ සේවයට සුසර කරගන්න.

ජගත් චමිලට නව නිවසක් ලබාදීම


ජගත් චමිල ජනාධිපතිතුමා හමුවීම

ජගත් චමිල ජනාධිපතිතුමා හමුවීම

ජගත් චමිල ජනාධිපතිතුමා හමුවීම

ජගත් චමිල ජනාධිපතිතුමා හමුවීම

ජගත් චමිල ගැන මේ වන විටත් බොහෝ දේ ලියැවී ඇත. ඒ නිසා මගේ මේ උත්සාහය ඔහුගේ සිනමා දිවියේ සමත්කම් ගැනවත් ඔහු පසුගියදා ලැබූ සම්මානය ගැනවත් ලිවීම නොවේ. මේ ලියන්නේ ඔහුට ජනාධිපතිතුමාගෙන් නව නිවසක් ලැබීම ගැනයි.

ශ්‍රී ලංකාවේ කලාකරුවන්ගෙන් පොහොසත් කලාකරුවන් සිටින්නේ කිහිප දෙනෙක් පමණි. ජිප්සීස් සුනිල්, භාතිය සහ සන්තුෂ්, ඉරාජ්, රූකාන්ත වැන්නන්ට පසුව රිඟිං ටෝන් වැනි නව සංකල්ප නිසා පොහොසත් වූ කලාකරුවන් සිටිති. කලාකරුවන් අතරින් නළුවන්, ලේඛකයන්, ගීත රචකයන්, නාට්‍යකරුවන් වැන්නන් සිටින්නේ අතලොස්සකි. ඒ නිසාම ඔවුන්ට සිදුවන්නේ බොහෝවිට සමාජයට පෙනෙන්නට සුව පහසුව ජීවත් වෙනවා යයි පෙන්නා හැමදාමත් බිරින්දෑවරුන්ගෙන් කුණු බැණුම් අහ අහා ජීවත් වීමටයි. එසේත් නැතහොත් මල්ල අරන් කඩේ යාමටය.

කඩේ යාමද හැමෝටම කරන්නට බැරිය. එයටත් බොහෝ සුදුසුකම් සැපිරිය යුතුය. ජනමතයට බලපෑමක් කළ හැකි කලාකරුවකු විය යුතුය. මහා ප්‍රතිරූපයක් තිබිය යුතුය. එසේත් නැත්නම් කඩවසම් හෝ රූමත් විය යුතුය. තවත් මෙතන සඳහන් කිරීමට බැරි සුදුසුකම්ද තිබේ. කෙසේ හෝ හරි ක්‍රමයට කඩේ ගිය කලාකරුවන් අද කෝටිපතියන් වී සිටිති. ඊට අපේ ඉරිසියාවක්ද නැත. තමුසෙගෙ ඔය මහා ලොකු ප්‍රතිරූපය කන්නටදැයි සෙනෙහෙබර බිරින්දන් අසන විට ඔවුන් නිරුත්තර වන හැටි අපට මැවී පෙනෙන නිසාය.

ප්‍රතිරූපය රැක ගන්නට ගොස් අන්ත දුප්පත්ව මියගිය කලාකරුවන් රාශියකි. ඔවුන් රසිකයන්ගෙ ලොව වීරයන් ලෙස අදත් ජීවත් වුවත් කොපමණනම් වේල් ගණනක් ඔවුන්ගේ දරු මල්ලන් නිරාහාරව සිටියාදැයි දන්නේ ඔවුන් පමණය. සුගතපාල ද සිල්වා මේ අතරින් සිහියට නැඟෙන්නේ නිරායාශයෙන්ය.  වාණිජකරණය වූ කලාකරුවන් වූ මොහිදීන් බෙග්, ප්‍රෙඩී සිල්වා වැන්නන්ද මැරී ගියේ අන්ත දුක් විඳය. සමහර කලාකරුවන් සල්ලි තියෙන කාලේ ඒවා අරක්කුවලට, ගෑනුන්ට වියදම් කර අන්තිමට නාකිවී බංකොලොත් වූ කළ ආණ්ඩුව අපට සැලකුවි නැතැයි දෙස් දෙවල් තියන්නට පටන් ගන්නවාද කොතෙකුත් පෙනෙන්නට තිබේ.

සමහර අය (මතක් වන්නේ ජයලත් මනෝරත්න පමණි) කඩේ යන්නේවත්, වාණිජකරණය වන්නේත් නැතිව කොන්දත් කෙළින් තියාගෙන ජීවත් වෙති. ඒකට නම් සෑහෙන ශක්තියක් තිබිය යුතුය. මනෝරත්න උපාධිධාරියෙකි, උගතෙකි, මා දන්නා තරමට රජයේ සේවකයෙකි. ඒ නිසා ඔහුට හොඳ බුද්ධි මට්ටමකුත් කොන්දකුත් ඇත. හැමෝටම මේවා නැත. ඒ නිසා කලාකරුවන් වෙළඳපොළ ආර්ථිකයටම භාර නොදී ඔවුන්ගේ සුබසාධනය සඳහා රජයද මැදිහත්විය යුතුය.

ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කොපමණ අඩුපාඩු තිබුණත් ඔහු කලාකරුවන් කෙරෙහි අතිශයින්ම සානුකම්පිත විය. රාජපක්ෂ ජනාධිපතිතුමාද එසේමය. කලාකරුවකු සම්මානයක් ලබා රතු පලසක් උඩින් වඩම්මවාගෙන මල් මාලා දමා පිළිගත්තද ඔවුන්ගේ සම්මානය නිකම්ම නිකං ලී කොට කැබැල්ලක් හෝ පිත්තල කැබැල්ලක් වන්නේ ඒත් සමග මුදල් පරිත්‍යාගයක්ද නැතිනම්ය. ගෙදර වාහෙට මල පනින්නේද එතකොටය. ඒ නිසා මේ ගැන ප්‍රායෝගික සිතා ක්‍රියා කළ යුතුය.

කලකට පෙර මටද එක්තරා විදියක සම්මානයක් ඇමරිකාවෙන් ලැබිණි. ඒත් සමග මට පුරා අවුරුදු තුනක් දක්වා මගේ මාසික වියදම් ආවරණය වන ලෙස දීමනාවක්ද ලැබිණි. ඒ සම්මානය මට වගේම ගෙදර උන්දෑටද වටින්නට වූයේ ඒ නිසාය.

ජගත් චමිලට ජනාධිපතිතුමාගෙන් ලැබුණ රුපියල් ලක්ෂ 5ත්, නව නිවසත් මම අගයන්නේ ඉහළ කී සන්දර්භයන් තුළය. ජගත්ට ඒ උපහාරය ලැබිය යුතුමය. ඔහුගේ ජයග්‍රහණය සුළුපටු එකක් නොවේ. එය ජාතියම සතුටු කළ අවස්ථාවකි. ඒ නිසා ඔහුගේ ජයග්‍රහණය පිත්තල කැබැල්ලකින් නතර නොවිය යුතුමය.

මේ සියල්ල සමග ජගත් චමිලටත් මනෝරත්න මෙන්ම සුපිරි හැකියාවන් තවදුරටත් විහිදුවමින්, කඩේද නොයමින්, කොන්දද කෙළින් තියාගන්නට හැකියාව ලැබේවායි යන්න අපේ පැතුමයි.

Should We Let Ravaya Die a Natural Death?


Image

There is a lot of talk about the present situation of Ravaya newspaper and its continuation with the financial difficulties it faces. There are stories saying that the paper would be bought by Milinda Moragoda in the same way the Sunday Leader was acquired by Asanga Seneviratne last year. Few weeks ago, Ravaya’s founding editor published an article explaining the situation of Ravaya from his perspective.

Whatever said and done, I don’t believe that Ravaya should die a natural death as some bloggers anticipate. Ravaya must be the only remaining alternative newspaper of the country and it is already doing a good job by targeting a special spectrum of readers. There are questions about its founding editor’s political biases but even with that, Ravaya is much better than other Sunday Newspapers that promote gossip, myth and fake patriotism.

I have enjoyed Ravaya since I was a schoolboy (when it was a magazine) since my Marxist eldest brother bought it on a regular basis. While educating us about the local and international politics, Ravaya also enhanced our knowledge in literature and current affairs too.

There will be not much use in Ravaya as a “news” paper anymore as we have already read around 90% of the Ravaya’s news items in the first page before Friday from other websites. But its columns and features are very valuable for us. Imagine the value of the paper for those folks who don’t read English and have no Internet.

I also don’t agree with some who say that market forces should decide of the existence of Ravaya. If that is the case, most of the libraries throughout the world would have been closed by now. Good things need support and subsidies to exist.

‘The Buddhist’ Radio Station


thebuddhist

A friend of mine recommended me The Buddhist radio station. I have watched The Buddhist TV both on satellite and terrestrial TV but was fed up with repetition of programs that appear former Chief Justice. I never liked the channel and did not recommend it to anyone either. When my friend recommended me the radio station, I didn’t expect much.

But I listened to The Buddhist radio for few days since January 01st. It turned out to be a good station. It broadcasts songs that are related to Buddhism. I like them because the songs sound pretty good since they had been recorded before octopads came into the scene. Male voices of the announcers are deep while the female voices are sweet. Announcers sound intelligent and don’t chatter like in other FM stations.

As for the sermons, they have selected not-so-famous Buddhist monks most of the times. The monks who dominate the TV channels on Poya days are hardly heard on The Buddhist. Sermons sound good and on different topics. They repeat the same sermon thrice within three days. Station runs on 24/7 basis.

The Buddhist radio is broadcasted from Sambodhi Viharaya, Gregory’s Road, Colombo 7. The frequencies of the broadcast are 101.3 MHz FM (Colombo & Kandy) and 101.5 MHz FM (Down South.) They also have a webcast through https://thebuddhistradio.myl2mr.com/ The programs are broadcast on Sinhala, Tamil and English.