මහාචාර්ය්ය එතුමා නිකංම නිකං මම
මහාචාර්යය සුනිල් ආරියරත්න සහ මා අතර අඩුම තරමින් එක අසමානකමක් හා එක සමානකමක් හෝ ඇත.
අසමානකමනම් ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබ ශාස්ත්‍රීය පර්යේෂණවල නියැලෙමින් ඉතා විදග්ධ පර්යේෂණ ග්‍රන්ථ රචනාකිරීම සහ මම අවිධිමත් අධ්‍යාපනයක් ලබා ඉතා සුළු පරාසයක කියවමින් එකතුකරගත් සීමිත දැනුමෙන් වැදගැම්මකට නැති විකාර ලියැවිලි ලිවීමයි.
අප දෙදෙනා අතර ඇති සමානකමනම් ඔහු චිත්‍රපට 15කටත් වඩා අධ්‍යක්ෂණය කොටත් ඔහුට චිත්‍රපට හදන්න බැරි බව තෙරුම්ගෙන නැතිවීම සහ මම දෙවරක්ම – 1994දී සහ 2017දී – (සීමිත) නරඹන්නන් පිරිසක් ඉදිරිපිට ගී ගයාත් මට ගී ගයන්නටනොහැකි බව තෙරුම්ගෙන නැතිවීමයි. අන්තිමට මට එය තෙරුණේ මගේ පුතන්ඩියා, අභිලාෂ් කොලුවා “අප්පච්චි සිංදු කියනකොට ගිරිපුර වැසියෝ කාටූන් එකෙ බොරළුගොඩ (Fred Flinstone of The Flinstones cartoon) සිංදු කියනවා වගේ” කිව්වායින් පසුවය. වාසනාවට මට පුතෙක් සිටී.
මහාචාර්යතුමා අරින්නේ නැත. ඔහු දිගින් දිගටම කසිකබල් චිත්‍රපට හදයි. මමත් අරින්නේ නැත්තෙමි. නාන කාමරයේදී හෝ දිගින් දිගටම කසිකබල් ගී ගයන්නෙමි.

