වික්ටර් අයිවන්ගේ “චෞර රැජින” ලැබුණ දවසේ එක හුස්මටම කියවා ඉවර කළෙමි. එහි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගැන පළවී ඇති කරුණු විශ්වාස කරන්නත් අපහසුය. එහෙත් ඇය මේ පොතට විරුද්ධව කිසිම අභියෝගයක් නොකළ නිසා මෙහි තිබෙන කරුණු බොහෝසෙයින් නිවැරදි විය හැකිය. ඇරත් අයිවන් චන්ද්‍රිකා මැතිනිය කලක් සමීපව ආශ්‍රය කළ අයෙකි. මේ නිසා ඔහු මේ කරුණු හෙළි කරන්නේ යම්කිසි පදනමක් ඇතුව විය හැක.
මෙම පොතේ කිසිම සාහිත්‍යමය වැදගත්කමක් මට නොපෙනේ. මෙය අයිවන් විසින් ලියන ලද පුවත්පත් වාර්තා කිහිපයක එකතුවක් පමණි. එහෙත් නිර්භයව මෙවන් කරුණු හෙළිකිරීමට අයිවන්ට තිබූ ශක්තිය අගය කළ යුතුය. රාජ්‍ය නායකයින් වගකීම් රහිතව ක්‍රියා කරන විට ඒවා රටට හෙළි කිරීම ජනමාධ්‍ය වේදීන්ගේ වගකීමයි. චන්ද්‍රිකා වැනි 62% ක ජනාධිපතිවරණ ජනප්‍රසාදයක් සමග බලයට පැමිණි නායිකාවක් මේ මට්ටමට ඇදවැටීම ඇගේ පමණක් නොව ජාතියේද අවාසනාවකි.