යුදෙව්වන්ගේ රජ (ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්) – නීතිඥ සතිස්චන්ද්‍ර ධර්මසිරි


යුදෙව්වන්ගේ රජ (ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්) - නීතිඥ සතිස්චන්ද්‍ර ධර්මසිරි

යුදෙව්වන්ගේ රජ (ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්) – නීතිඥ සතිස්චන්ද්‍ර ධර්මසිරි

 

යුදෙව්වන්ගේ රජපොත මට ලබා දුන්නේ (තරමක් දුරට බුදු දහම උත්කර්ෂයට නංවන්න කැමති) යහළුවෙකි. ජේසුස් වහන්සේ ඉන්දියාවට පැමිණි බව කියවෙන ලිපි කිහිපයක්ම මේ පොතට කලින් මමකියවා තිබුණත් ඒවා කෙටි ලියවිලි විය. එහෙත් මේ පොත සම්පූර්ණයෙන්ම උත්සාහ දරා තිබුණේඋක්ත කරුණ තහවුරු කිරීමටයි. ඇත්තෙන්ම මේ පොත Johan Forsström පාදිලිතුමාගේ “The King of the Jews” නමැති පොතේ සංක්‍ෂිප්ත සිංහල අනුවාදයකි.

පොතේ දිගින් දිගටම ඇත්තේ ජේසුස් වහන්සේ බෞද්ධයකු බව තහවුරු කිරීමට තාර්කික නොවනකරුණුද පදනම් කරගෙන කළ ආන්තික උත්සාහයකි. බුදු දහම හෝ කිතු දහම සම්බන්ධයෙන් ගැඹුරුදැනුමක් මට නොමැත. ඇත්තටම ජේසුස් වහන්සේ බුදු දහම හැදෑරුවා වුවත් මට එහි එතරම් වැදගත්කරුණක් නොවේ. හේතුව අන් ඕනෑම ශාස්තෘවරයකු මෙන්ම සිදුහත් තවුසාද විවිධ ශාස්තෘවරයන්සොයා ඔවුන්ගෙන් දැනුම ලබාගැනීම කළ දෙයකි. එමෙන්ම බුදුන් වහන්සේ හින්දු හා උපනිෂද් දහම්වල අභාසය යම් තරමකට බුදු දහමට එකතු කළ බව කියවා ඇත්තෙමි. එහි කිසිම වරදක්ද නැත. අපිසියල්ලම උපන්දා සිට දැනුම වැඩි කරගන්නේ මේ ආකාරයටයි.

අවශ්‍ය වන්නේ කඩතුරා හැර සත්‍ය දැකීමට මෙන්ම අන් මත ගරු කිරීමට මනස විවෘතව තබා ගැනීමයි. අන් මත ගරු කිරීමේ මුවාවෙන් ආගමික අන්තවාදයට ඉඩදී මානව අයිතිවාසිකම් කඩවෙනඅවස්ථාවලදීත් නිහඬවීම අදහස් නොවේ. ආගම්වල නාමයෙන් දරුවන්ට මෙන්ම කාන්තාවන්ටදකෙරෙන කෙනිහිලිකම් බොහෝය. අප 21 වන සියවසේ සිටින බවට කෙතරම් පාරම් බෑවත් ආගම්ස්වරූපයෙන් එන මානව හිමිකම් කඩවීමට විරුද්ධවීමට ධෛර්ය ඇත්තේ සුළු පිරිසකට පමණි.