සුබස අකුරු විනිස පිරික්සුව


subasa logo

සුබස http://subasa.lk කියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයයේ UCSC එකෙන් එළි දක්වපු වෙබ් අඩවියක්. හොඳ සිංහල spellchecker  එකක් හොය හොය ඉන්නකොට මටත් මේ ගැන කිව්වේ උදාර ධර්මසේන. සුබසේ වෙනත් අංග කිහිපයක් තිබුණත් මම නම් පාවිච්චි කරන්නේ spellchecker එක විතරයි. මම දැන් මාස දෙක තුනක් තිස්සෙම ඒක පාවිච්චි කරනවා. 100%ක් නිවැරදි නොවුණත් බොහෝ අවස්ථාවලදී නිවැරදිව අක්ෂර වින්‍යාසය ලබාදෙනවා. සිංහල යුනිකෝඩ්වලට විතරයි හරියන්නේ. විශේෂයෙන්ම අපේ සිංහල බ්ලොග් කරුවෝ මේක පාවිච්චි කළොත් හොඳයි කියලා හිතෙනවා. අපි දැනටමත් බොහෝ සෙයින් අපේ භාෂාව විනාශ කරගෙන තියෙන එකේ ඉතුරු ටිකක් විනාශ වෙන්න ඉස්සර ලියන දෙයක් මේ වෙබ් අඩවියට ගෙනත් අකුරු හරියටම හරිද කියලා බලලා පළ කළොත් තමයි වඩා හොඳ.

ව පිළිතුරු දුන් අවස්ථාවක්

නිවැරදිව පිළිතුරු දුන් අවස්ථාවක්

වැරදි පිළිතුරු දුන් අවස්ථාවක්

වැරදි පිළිතුරු දුන් අවස්ථාවක්