උසාවිය නිහඬයි (Silence in the Courts)


ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයී (Silence in the Courts) වාර්තා චිත්‍රපටය ඊයෙ YouTube වලින් බැලුවා. (අනිත් බොහෝ තැන් වගේම) ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියද කොතරම් දූෂිතද යන්න මෙයින් පැහැදිලි වෙනවා. ඒ වගේම වික්ටර් අයිවන්​ නැවත වරක් මගේ වීරයෙක් වෙන්නේ මේ දූෂිත අධිකරණ ක්‍රමය ගැන දිගින් දිගටම ඔහු නොබියව සටන කළ/කරන ආකාරය නිසා. කළු ගලේ ඔළුව ගහගන්නවාටත් වඩා භයානක කටයුත්තක් වන මෙය විකටර්ට විනා වෙන කිසිම ශ්‍රී ලාංකික මාධ්‍යවේදියකුට (ශ්‍රී ලංකාව තුළම රැඳෙමින්) කරන්නට පුළුවන්ද යන්න සැකයක්.

මේ චිත්‍රපටයට අනුව ලෙනින් රත්නායක නමැති මෙම අසංවර නඩුකාරයා තමන්ගේ නොසන්ඩාල ජීවිතය පවත්වාගෙන යාම සඳහා තමන්ම අසන නඩුවල වග උත්තරකාරයන්ගේ බිරිඳක් දූෂණය කරන අයුරුත්, අධිකරණ පද්ධතිය, පොලිසිය සහ (විශේෂයෙන්ම) The Sunday Times වැනි අප ආදරය කරන මාධ්‍ය ආයතනත් ඔහුව රැකගැනීම සඳහා පෙළ ගැසෙන අයුරුත් ජුජුප්සාකාර ජනකයි. (මේ අදාළ නඩුකාරයාගේ එළියට පැමිණි අපරාධය එකක් පමණයි. තව කී දෙනෙක් ලජ්ජාව හෝ බිය නිසා නිහඩව සිටියාදැයි අප දන්නේ නෑ. මේ නඩු දෙකේ වින්දිතයින්ටත් සාධාරණය ඔප්පු වූ බවක් පෙනෙන්නට නෑ.)

නඩුකාරයා සම්බන්ධයෙන් ඉතාම සංවේදී කාරණයක්ද චිත්‍රපටයට ඇතුල්වීතිබෙනවා. එනම් ඔහුගේ බිරිඳගේ ආදරය හෝ ගෞරවය ඔහුට නොලැබෙන බවයි. මෙය බොහෝ විවාහකයන්ට උරුම දෙයක් වුවත් එයට තවත් අසරණ ගැහැනියක් පළි නැහැ.

ප්‍රසන්න විතානගේ මම ප්‍රිය කරන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. වාර්තා චිත්‍රපටයක් ලෙස උසාවිය නිහඬයී කොච්චර සාර්ථකද කියන එකත් ඔබම තීරණය කරන්න. හැබැයි මේ චිත්‍රපටය කරපු එක ගැන මම ප්‍රසන්නට ස්තුතිවන්ත වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන අවස්තා
සම්පූර්ණ චිත්‍රපටය