සෝවියට් දේශයේ නැගීම – මාර්ටින් වික්‍රමසිංහ


සෝවියට් දේශයේ නැගීම - මාර්ටින් වික්‍රමසිංහ

සෝවියට් දේශයේ නැගීම – මාර්ටින් වික්‍රමසිංහ

සෝවියට් දේශයේ නැගීම - මාර්ටින් වික්‍රමසිංහ

සෝවියට් දේශයේ නැගීම – මාර්ටින් වික්‍රමසිංහ

මාර්ටින් වික්‍රමසිංහ මෙනමින් පොතක් ලියා ඇති බව මම කොහෙවත් අසා හෝ කියවා හෝ නොතිබුණි. එහෙත් මා හිතවත් ඩොනල්ඩ් ගාමිණීතිලක මහතා ඔහුගේ පුද්ගලික පුස්තාකාලය හිස් කරනවිට ඉතා දුර්ලභ පොත් කිහිපයක්ම මා හට ලෝභ නැතුව ලබාදුනි. එම එකතුවේ සෝවියට් දේශයේ නැගීම පොත ලියා ඇත්තේ කවුදැයි බැලූවිට මා පුදුමයට පත්වූයේ එය මාර්ටින් වික්‍රමසිංහ ලියා ඇතිබව දුටු විටයි. ඔහු සාහිත්‍යට අමතරව විද්‍යා කෘති ලියා ඇති බව මා දැන සිටියත් සෝවියට් දේශයේ නැගීම වැනි පොතක් ලියා ඇති බව දුටු විට සෝවියට් දේශය ගැන කුඩා කල ඉමහත් භක්තියක් තිබූ මම අතිශයින්ම සතුටට පත්වීමි.

වික්‍රමසිංහයන් මෙම කෘතිය ලියා ඇත්තේ සෝවියට් දේශයේ දීර්ඝ සංචාරයකින් පසුව ඇතිවූ පහන් සිතෙන් යුතුවය. මේ පොත සඳහා ඔහු ඉතා වෙහෙස මහන්සියෙන් අවශ්‍ය දත්ත ලබා ගැනීම සඳහා බොහෝ සෝවියට් ප්‍රකාශන කියවා ඇති බව පෙනේ. විශේෂයෙන්ම ඉතා නූගත් ගැමියන්ගෙන් පිරි විශාල භූමි ප්‍රදේශයකින් යුතු ජනරජයක් ඉතා කෙටි කලකින් අධ්‍යාපන සහ තාක්ෂණික අංශවලින් ලද දියුණුව පුදුම සහගතය. සෝවියට් ප්‍රචාරාත්මක ව්‍යාපාරයේ බලපෑමට යම්කිසි දුරකට වික්‍රමසිංහ හසු නොවුවායයි කීමට අපහසු වුවත් කෘතියේ අඩංගු දත්ත බොහෝදුරට සත්‍ය බව සෝවියට් දේශයේ සතුරන් පවා එකඟ වූ කරුණකි. අධ්‍යාපන, සෞඛ්‍ය, විද්‍යා, තාක්ෂණ, සාහිත්‍ය සහ ක්‍රීඩා අංශවලින් සෝවියට් දේශය පැන්නේ සෝවියට් රිටි පැනීමේ ශූර සර්ජි බුබ්කාගේ පිමිවලටත් වඩා උස පිමිය.

මේ පොත ඉතාම දුර්ලභ සහ වටිනා පොතක් වුවත් මා එය මා හිතවත් දයා විජේසිංහට ලබා දුන්නේ ඔහු මටත් වඩා හොඳට එය සංරක්ෂණය කරනු ඇති බවට ඔහුගේ පුස්තකාලය දුටුවිට මට සිතුණු බැවිනි. කඩදාසි පොත්වලට වඩා ඉලෙක්ට්‍රොනික පොත්පත් වලට මා බොහෝ වේගයෙන් අනුගත වෙමින් යන නිසා තව දුරටත් කඩදාසි පොත් පත් වලට මගේ සීමිත ඉඩකඩ ප්‍රමාණවත් වේදැයි සැක සහිතය.

සෝවියට් දේශයේ නැගීම - මාර්ටින් වික්‍රමසිංහ

සෝවියට් දේශයේ නැගීම – මාර්ටින් වික්‍රමසිංහ

Advertisements