
අපේ මල්ලී විශ්වවිද්‍යාලයට ගිහින් අවුරුදු හතරකට කිට්ටු වුවත් නගරවලට ගොස් නිවාඩුවට ගමට ආපසු පැමිණෙන අනෙක් තරුණ තරුණියන් මෙන් ඉංග්‍රීසි කලවම් කර සිංහල කතා නොකිරීම සම්බන්ධයෙන් අම්මා විස්සෝප වූයේ මෙසේය.
“ළමයි නමයක් හැදුවා. ඔක්කොටම ඉගැන්නුවා. කැම්පස් ගියේ එකයි. ඒත් මේකාට එක ඉංග්‍රීසි කෑල්ලක් දාලා කතා කරන්න බැරි හැටි! … ආමි එකට ගිය කොල්ලෝ, ගාමන්ට් ගිය කෙල්ලෝ ගමට ආවම ඉංග්‍රීසි කෑලි දාන අපූරුව!”
නිහඬවම මේ දෝස්මුරය අසා සිටි මල්ලී ටික වෙලාවකින් දත් බුරුසුවට දත්බෙහෙත් ටිකක් දාගෙන විරිත්තා අම්මාට කිව්වේ,
“අම්මා, මම දත් ටික iron කරගෙන එන්නම්” කියාය.
ඒ ඔහු දත්ටික මැදගෙන (iron) එන්නම් කියා ඉංග්‍රීසි කෑල්ලක් දමා කියූ හැටිය.