පැය හතක් බලා සිට අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ටිකට් එක කපා ගතිමි.


hospital-visitors

මුලින්ම කිවයුත්තේ මේ ලිපිය ලිව්වා කියා කිසිම වැඩක් නොවෙන බවය. මේ ලිපිය ලියනවාට වඩා ඒ වෙනුවට ඒ වෙලාවේ වෙනත් වැඩක් නැත්නම් යු ටියුබ් එකෙන් රාජිත සේනාරත්නගේ කතාවක් ඇසුවානම් හොඳය.

මම ගිය සෙනසුරාදා රෝහල්ගත වූයේ සති පහක් තිස්සේ පැවතුන උණ රෝගය නිසාය. පස් වතාවක්ම රජයේ රෝහල්වල OPD වලින් බෙහෙත් ගත්තත් සුව නොවුන නිසා මහවිලච්චියේ ග්‍රාමීය රෝහලට ඇතුළත් වුණෙමි. එහි සිටි වෛද්‍යවරිය කාරුණිකව පැවසුවේ මහවිලච්චිය රෝහලේ රුධිර පරීක්ෂණ පහසුකම් නැති නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාව යැවීමට සිදුවිය හැකි බවයි. අපෙන්ම  එකතු කරන බදු මුදලින් මෙවැනි සරල පහසුකමක්වත් සැපයීමට ග්‍රාමීය රෝහලකට පහසුකම් ලබා නොදුන්නත් මැති ඇමතිවරුන්ට (xx) අමාරුවටත් සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් සුපිරි පෞද්ගලික රෝහලට යවා ජනාධිපති අරමුදලින් බිල් ගෙවීම ගැන මමනම් මොකුත් නොකියන්නේ එතුමන්ලාට අපිට මෙන් රස්තියාදුවීමට හෝ ජනතා සේවය අනතුරට හෙළා එතුමන්ලාගේ සෞඛ්‍යයය සමග සෙල්ලම් කිරීමට බැරි බවහොඳින්ම දන්නා බැවිනි. (සෙල්ලම් කරනවානම් සෙල්ලම් කල හැක්කේ ජනතාවගේ සෞඛ්‍ය සමග අප තේරුම්ගෙන බොහෝ කල්ය.)

මහවිලච්චිය රෝහලේ වෛද්‍යවරිය පැවසූ පරිදිම තවත් උණ රෝගියකු සමග ගිලන් රථයකින් මාව අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවිණි. අනුරාධපුරයට යෑමට මගේ කිසිම කැමැත්තක් නොතිබුණේ මින් පෙර කිහිපවරක්ම මෙලෙසම අනුරාධපුරයට යැවුණත් එහිදී ලැබුණ නොසැලකිලිමත් ප්‍රතිචාර සහ ප්‍රතිකාර නිසා සිය කැමැත්තෙන්ම රෝහලෙන් ඉවත්ව ගෙදර යාමේ සුන්දර අත්දැකීම් තිබුණ නිසාය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවකට මාව ඇතුල්කල නමුදු මට ඇඳක් හෝ ඉඳගැනීමට පුටුවක් හෝ නොතිබුණි. මටත් වඩා අපහසුවෙන් සිටි දුබල සහ  වයසක රෝගීන් බිම වාඩිවී හෝ වැතිර සිටිද්දී මට ආසනයක් බලාපොරොත්තු වීම වැරදිය. ඇවැසි නම් හඳුනන වෛද්‍යවරයකුගේ, හෙදියකගේ හෝ රෝහල් කාර්යමණ්ඩලයේ කෙනෙකුට ඇමතුමක් දී මට අවශ්‍ය අවම පහසුකම් හෝ ලබා ගැනීමට හැකියාවක් තිබුණත් එවැන්නක් කිරීමට හිත හදාගැනීමට බැරිවීම මගේ පුද්ගලික දුර්වලතාවයක් විය හැක.

සුපුරුදු පරිදි පැයකට වඩා බලාසිටිමුත් රෝහල් කාර්යමණ්ඩලයේ කිසිවකු මා වෙත පැමිණියේ නැත. (හදිසි අනතුරු වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකයන් මෙසේ නොවනු ඇතැයි සිතමි.) පැයකට පමණ පසු වෛද්‍යවරයකු මා කැඳවා මගේ රෝග ස්වභාවය සඳහන් කරගනිමින් ඇවැසි පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහන් කළේය. තවත් කාරුණික රෝගියකු ඔහුත් සමග ඔහුගේ රෝහල් ඇඳ මා හා බෙදාගැනීමට ආරාධනා කළේය. මෙතැන් සිට සිදුවූ කියාවලිය විස්තර කරමින් ඔබගේ මෙන්ම මගේද කාලය නාස්ති කිරීමට නොයන්නෙමි.

සඳුදා පැමිණි විශේෂඥ වෛද්‍යවරයා මගේ පරීක්ෂණ ප්‍රතිඵල බලා මම සුව වූ බව තීරණය කර රෝහලින් බැහැර කළයුතු රෝගියකු ලෙස නම් කර මට ගෙදර යාහැකි බව කීවේය. මම නැවතත් ඔහුගෙන් විමසා එය තහවුරු කරගත්තේ ඔහු මොනවා කීවත් ඔහුගේ කණිෂ්ඨ වෛද්‍යවරුන් පිස්සු කෙළිය හැකි බව මම අත්දැකීමෙන් දන්නා නිසාය. ඔහු මගේ ඇස් පරීක්ෂණය සඳහා අක්ෂි වෛද්‍යවරයකුට යොමුකළ හැකි බව කිව්වත් මම එක හෙළාම එය ප්‍රතික්ෂේප කළේ හැකි ඉක්මනින් රෝහලෙන් පිටවී “මගේ සෞඛ්‍ය මමම බලාගත යුතු බව” මට හොඳින් වැටහී තිබුණ නිසාය.

සාමාන්‍යයෙන් “ටිකට් කැපීමේ මහා පින්කමට” රෝහල පැය දෙක තුනක් ගන්නා නිසා මම නැවතත් සුපුරුදු පරිදි පොතක් කියවමින් සිටියෙමි. නමුත් පැය 6ක් ගතවීත් මගේ “ටිකට්” නොකැපූ නිසා මම ප්‍රධාන හෙද නිලධාරියාගෙන් ඒ ගැන විමසීමි. ඔහු කිව්වේ ඒ වන විට සේවයේ නියුතු වෛද්‍යවරියන් දෙදෙනාම අලුත් නිසා වෙනදාට වඩා වැඩි වෙලාවක් යන බැවින් මගේ වාරය පැමිණෙන තෙක් වාඩිවී සිටින ලෙසයි. එහෙත් වෛද්‍යවරියන් දෙදෙනා කොපමණ අළුත් වුවත් ඔවුන් “අකුරු දන්නේනම්” පැය 6ක් යනතුරු මා රස්තියාදු නොකරන බවට මට මඳ හෝ විශ්වාසයක් තිබුණ බැවින්, මම හෙද නිලධාරිවරයාගෙන් කාරුණිකව ඇසුවේ අඩුම තරමින් මගේ “ටිකට් එක” වෛද්‍ය වරියන්ගේ මේසය මත තිබෙනවාද නැද්ද යන්නවත් මට සැකහැර දන්වන ලෙසයි.

මම හිතුවා හරියටම හරිය. වෛද්‍යවරියන් ළඟ මගේ “ටිකට් එක” නොතිබුණි. හෙද නිලධරයා එය ජයග්‍රාහී ලෙස ඔහුගේ මහා පොත් රාජයාගෙන් එළියට ගත්තේ ඔහුගේ අතපසුවීම සම්බන්ධයෙන් නිකමට හෝ සමාව අයදීමක් තියා කනගාටුව පළකිරීමක් හෝ නොකොටය. එය වෛද්යවරියන්ගේ මේසයට යැවිණි. එකිනෙකාට මීටර කිහිපයක් ඉදිරියෙන් සිටින අනෙකාගේ මේසයට “ටිකට් එක” පැය 6ක් නොගියේ ඇයි වැනි මෝඩ ප්‍රශ්න ඔබ නොඇසිය යුතුය. පැය 6ක් තිස්සේ මේසයෙන් මේසයට යන්නට පෙරුම් පුරමින් සිටි මගේ “ටිකට් එක” වෛද්‍යවරිය විසින් තවත් පැයක් පමාකර ජයග්‍රාහී පැය 7ක ප්‍රමාදයකින් පසු අවැසි රාජකාරී කර මට ගෙදර යාමට අවසර ලැබුණි. (ඒ වන විට රාත්‍රී 8.00ටත් ආසන්න වී තිබුණි.)

රජයේ රෝහල්වල ඇති සේවක හිගය අපට අවබෝධ කරගත හැකිය. ඒ නිසා ඔවුන්ට වැඩ අතපසු විය හැක. වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට, තාක්ෂණික හා කාර්මික ශිල්පීන්ට මෙන්ම සුළු සේවකයන්ටත් දරාගත නොහැකි වැඩ ප්‍රමාණයක් ඇති බව බැලූ බැල්මට පෙනේ. එහෙත් මේ කිසිම සේවක වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡාවකදී, උද්ඝෝෂණයකදී, වර්ජනයකදී සේවක හිඟය ගැන මේ කිසිවකු කතා කරනවා මම දැක නැත. (මා වැරදි නම් නිවැරදි කරන්න.) අලුතින් සේවකයන් බඳවා ගැනීමට ඇති විකල්ප ක්‍රම සහ සේවකයින්ගේ වෘත්තීය ශක්‍යතා දියුණු කරන අටියෙන් රජයයන් ගෙන ආ ක්‍රමවලට විරෝධය දක්වන්නේ මොවුන්මය. ඉතින් අපිත් (බදුත් ගෙවා) පැය 7ක් නොව දින 7ක් වුවත් ප්‍රමාදවී “නිදහස් වෛද්‍ය සේවයේ” ස්වර්ණමය පල විඳිමු.

(මේ ලිපියෙන් ඉතා අපහසු තත්ත්ව යටතේ බොහෝ කැපවීමෙන් සේවය කරන කිනම් මට්ටමක හෝ සේවකයකුට හෝ වෘත්තිකයකුට රිදවීම මගේ අරමුණ නොවේ.)

My earlier posts about government hospitals.

  1. Sri Lankan Government Hospitals Online

 

Advertisements

සීදේවි හෝටලය – අනුරාධපුර


සීදේවි හෝටලය - අනුරාධපුර

සීදේවි හෝටලය – අනුරාධපුර

පසුගිය වසරේ සැප්තැම්බර් 11 දින මගේ මෝටර්සයිකලය හදිසි අනතුරකට ලක්වූදා සිට අවුරුදු ගණනාවකට පසු නැවතත් බස්වල යාමේ “භාග්‍යය” මට උදාවී තිබේ. අදත් අනුරාධපුරයේ සිට මහවිලච්චියට පැමිණීමට සවස 7.15 අවසාන බසය එනතුරු පැයක් පමණ අනුරාධපුර පරණ බස්නැවතුම්පලේ ගතකිරීමට සිදුවිය. මහවිලච්චිය – අනුරාධපුර පාරේ බස් කාලසටහන් ගැන කිසිදු අවබෝධයක් නැති මම අසරණ වුණේ බස් යන එන වේලාවන් ගැන දැනගැනීමට කෙනෙකුද නොසිටි නිසාය. එහෙත් හදිසියේ මගේ ඇස ගියේ බස් කාලසටහන් ඩිජිටල් තිරයක් මත දිස්වෙන අයුරු දැකීමෙනි. මම මුලින්ම හිතුවේ මෙය රජයේ වැඩපිළිවෙළක් කියාය. කොන්ඩම් ලබාගැනීමේ යන්ත්‍ර ඇති කිරීම වැනි සාධනීය වැඩ (ව්‍යංගාර්ථයෙන් විවේචනය කරනවා නොවේ) කිහිපයක් හෝ කරන ආණ්ඩුවකින් බස් කාලසටහන් දැක්වෙන ඩිජිටල් තිර සවිකිරීම වැන්නක් බලාපොරොත්තු නොවීමට හේතුවක් නැත. නමුත් මම විමසිලිමත්ව බැලූ විට පෙනී ගියේ එම ඩිජිටල් තිරය “සීදේවි හෝටලය” නමැති කුඩා හෝටලයක නාම පුවරුවේ පසෙක සවිකර තිබූ බවයි. (මෙය අනුරාධපුරයේ ප්‍රසිද්ධ සීදේවි සමූහ ව්‍යාපාරයට අයිති හෝටලයක් විය නොහැක.) එම නාමපුවරුවේම අනිත් අන්තයේ තිබුණ අනෙක් ඩිජිටල් තිරයේ සඳහන් වුණේ “ආයුබෝවන්,” “අනුරාධපුරය පූජා නගරයට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු” වැනි වාක්‍ය සහ එම හෝටලයේ විකිණීමට තිබූ කෑම බීම වල නම් වැළකි. මෙම නිර්මාණාත්මක ව්‍යාපාරය ගැන හිත පැහැදුණු නිසා මම හෝටලයට ඇතුල් වී උලුඳු වැඩේ එකක් කා මගේ ප්‍රියතම බීම වන කිරි කෝපි කෝප්පයක් රසවිඳිමි. අවාසනාවට කිරිකෝපි කොප්පයනම් උණුසුම නිවී ගොස් තිබුණි. (කොහොමටත් මට සහ හොරයිසන් ලංකා ආයතනයට බොහෝ සෙයින් උදව් කළ භද්‍රා ගාමිණීතිලක මහත්මිය හදන කිරිකෝපි කෝප්පය තරම් රසවත් කිරිකෝපි කෝප්පයක් ගමේ කෝපි කඩයක සිට තරු පහේ හෝටලය දක්වා පරාසය තුළ වෙන කිසිම අයකුගෙන් මට ලැබී නැත.) මම හෝටලයේ මුදලාලි පසෙකට කැඳවා කිරිකෝපි කෝප්පය ගැන පැමිණිලි කළේ වැරද්දක් හරිගස්සා ගැනීමට උදව් කිරීමේ අරමුණෙනි. ඔහු එම වැරැද්ද නැවත නොවන බවට වග බලාගන්න බවට පොරොන්දු විණි. මම ඉල්ලා සිටියේ මේ නිසා කෝපි හැදූ සේවකයාට බැනනොවැදී සානුකම්පිතව බලා ප්‍රශ්නය නිරාකරණය කරගන්නා ලෙසය.

සීදේවි හෝටලය - අනුරාධපුර

සීදේවි හෝටලය – අනුරාධපුර

සීදේවි හෝටලය - අනුරාධපුර

සීදේවි හෝටලය – අනුරාධපුර

කිරිකෝපි කෝප්පයේ ප්‍රශ්නය හැරුණකොට අනෙක් හැම දෙයක්ම හොඳින් සිදුවෙන බව මට දැනුණේ, හෝටලයේ පිරිසිදුකම, සේවකයන්ගේ නිහතමානිකම සහ අයිතිකරුගේ සුහදශීලීබව නිසාය.

හෝටලයට ඇතුල් වූ පසු ඔබට මේ පෝස්ටරය දැකගත හැකිය. “සිංහල හෝටලය,” “මුස්ලිම් හෝටලය” වැනි ජාතිවාදී හෝටල් ඇති රටක සංහිඳියාව ගැන සීදේවි හෝටලය දෙන මේ පණිවිඩය ඉතා වැදගත්ය.

20180115_185633

සීදේවි හෝටලය – අනුරාධපුර

මගේ හිතගිය අනිත් කරුණ වුයේ ඔවුන් වාදනය කළ ගීතවල තේරීමයි. කන්කරච්චලයක් වන ගීත වෙනුවට මෙහි ඇසුණේ ජෝතිපාල, අමරදේව වැන්නන්ගේ සුමිහිරි ගීතයි. එකම වැරැද්ද වන්නේ හෝටලයට ඇතුළුවූ පසුවත් එම ගීත ඉතා වැඩි ශබ්දයකින් වාදනය වන නිසා කෑමක් ඇණවීම් කිරීමට පවා අපහසු වීමයි. මෙය ලංකාවේ ව්‍යාපාරික ආයතනවල බොහෝ සුලභ දෙයකි. ගීතයක් රසවිඳීමට හැමෝම කැමතිය. නමුත් ව්‍යාපාරික ස්ථානයකට ඇතුළුවූ පසුව ශබ්දය අඩුවෙන් පාවිච්චි කිරීම හෝ සම්පුර්ණයෙන්ම නවත්වා දැමීම හිතකරය. නැතිනම් වන්නේ ගණුදෙනුකරුට ගනුවෙනුව පසෙක තබා වෙනත් ස්ථානයකට යාමයි. (මම ඉඳහිට හෝ සවස් ජාමයක පන්සල් යාම සම්පුර්ණයෙන්ම පාහේ නවත්වා දැමුවේ පන්සල්වල අධික ශබ්දයෙන් යුතු ශබ්ද ව්කාශන යන්ත්‍ර යොදාගෙන කෙරෙන ආගමික වතාවත් නිසාය. අරලිය මලක සුවඳ, හඳුන්කූරු සුවඳ, පොල්තෙල් පහන්වලින් දැනෙන ශාන්තබව, වැලි තලාවේ පාවහන් රහිතව ඇවිදෙමේදී පාදවලට දැනෙන සුමුදු බව වෙනුවට දැන් බොහෝ පන්සල්වලට ඇතුල්වූ විගසම පෙනෙන්නේ අක්‍රමවත්ව ඉදිකරන අනවශ්‍ය කොන්ක්‍රීට් ඉදිකිරීම් සහ අධික ශබ්දය පිටවෙන ශබ්දවාහිනී යන්ත්‍රවල කරච්චලයි.)

මේ හෝටලයේ හොඳ නරක දෙකම සඳහන් කිරීමට සිත්වූයේ කලක් “යමු” වෙබ් අඩවියේ භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කිරීමෙන් ලැබුණ ආභාසය සහ මෑතකදී ෆේස්බුක්හි දුටු නිර්මාණාත්මක ලෙස සේවය සපයන පුද්ගලික බස් රථයක් ගැන තිබූ විස්තරය කියවීම නිසාය. සමහරුන්ට ඕනෑම නම් මම ඉඳහිට “කඩේ යන්නකු” ලෙස සැලකිය හැකි වුවත් මෙවැනි ආයතනයකට “කඩේ යාමෙන්” මට කිසිදු හානියක් නොවන බව දනිමි.

මේ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ සීදේවි හෝටලය පිහිටා ඇත්තේ අනුරාධපුර පරණ බස් නැවතුමේ මහජන වැසිකිළියේ අල්ලපු වැටේ වීමයි. එහෙත් එය ගනුදෙනුකරුවන්ට ප්‍රශ්නයක් නොවෙන්නේ මෙම හෝටලයේ සේවාවන් උසස් නිසාය.

මහවිලච්චියේ සූරියදමන පාර “රොබින් හුඩ්ගේ පාර”


මහවිලච්චියේ සූරියදමන පාර Suriyadamana Road in Mahawilachchiya

මහවිලච්චියේ සූරියදමන පාර Suriyadamana Road in Mahawilachchiya

මේ දැනට අලුත්වැඩියා කරගෙන යන මහවිලච්චියේ “හරමානිස් හන්දියේ සිට හැලඹෑව” දක්වා දිවෙන පාර. මේ පාරට සූරියදමන පාර කියලත් කියනවා. (හැබැයි අපේ සුමේධා අක්කා – ලොකු අයියාගේ නෝනා – නම් මේ පාරට කිව්වේ “රොබින් හුඩ්ගේ පාර” කියලා. ඒකට හේතුව තමයි කලකට පෙර මේ පාර සර්වුඩ් කැලයේ රොබින් හුඩ්ලා ගිය පාර වගේම කැලෑව මැදින් වැටීතිබුණ පුංචි අඩිපාරක් වීම නිසා.)

මේ පාර නම් ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ හදිසි සංවර්ධන ව්‍යාපෘතියක් නෙවෙයි. ඇත්තෙන්ම කිව්වොත් පසුගිය රජය සැලසුම් කරලා තිබුණේ මේ පාර 2015 පෙබරවාරි මාසයේ වැඩ අරඹන්න. ඒත් එම වසරේ හදිසි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදුනාට පසු මේ පාර අලුත්වැඩියාකිරීම අළුත් ආණ්ඩුව විසින් අතහැර දැමූ බවයි අපි දැනගත්තේ. ඒත් මීට අවුරුද්දකට විතර පෙර නව රජයේ මහාමාර්ග අමාත්‍යවරයා මේ පාර ආරම්භ කිරීමට මුල්ගල තැබුවා. ඒ උත්සවයේදී මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්තුමාගේ කතාවේදී විශේෂයෙන් සඳහන් කළා පාර සංවර්ධනය කිරීම ආරම්භ කිරීමේ ගෞරවයෙන් කොටසක් මහවිලච්චියේ අනුර බණ්ඩාර අයියාටත් යායුතුයි කියලා. කවුරුත් එයාට ආදරේට කියන්නේ “අඹුඩ අනුර අයියා” කියලා. ඒකට හේතුව තමා එයා ගමේ පොදු අවශ්‍යතාවයන් රජයන් මගහරිනවානම් අඹුඩයකින් පමණක් සැරසී අදාළ අකටයුත්ත වෙන තැනට ගිහින් උපවාස කිරීම. පාර හදන්න රජයට බලකරමින් අනුර අයියා කිහිපවතාවක්ම උද්ඝෝෂණය කළා. වරක් හිරේ ලගින්නත් වුණා ඒ නිසාම.

කොහොමහරි අළුත් ආණ්ඩුව ලොකු උත්සවයක් තියලා මුල්ගල තිබ්බත් (නැකත් නැති නිසාදෝ) පාරේ වැඩ ආරම්භ කිරීමට වසරකටත් වඩා කල්ගිහින් මේ මෑතකදී තමයි අලුත්වැඩියාව පටන්ගත්තේ. මේ ඡායාරූප කිහිපය ගත්තේ පසුගිය 14 වැනිදා.

මේ පාරෙන් මහවිලච්චියේ සිට අපේ අම්මගේ ගමට (අඹගහවැව) කිලෝමීටර 35කුත් අප්පච්චිගේ ගමට (රනෝරාව) කිලෝමීටර 30කකුත් විතර තියෙනවා. ඔබ විශ්වාස කරනවද අවුරුදු 10කටත් අඩු වයසකදී මම (සහ මගේ සහෝදර සහෝදරියන්) අප්පච්චිත් එක්ක මේ සම්පූර්ණ දුර බොහෝවරක් වරක් පයින් ගිහිල්ලා තියෙනවා කිව්වම? ඒ කාලේ කලාතුරකින් වගේ හමුවුන ගොන් කරත්තයකින් සමහර විට ඉඩ තිබුණොත් පොඩි දුරක් වගේ ගිහිල්ලා දැම්මත් අපි වැඩියෙන්ම ගියේ පයින්. ඒක වෙහෙසකාරී ගමනක් වුවත් පාර දිගට හමුවෙන ලස්සන පුංචි වතුර වළවළුත්, කැලෑවත්, කරඹ, දිවුල්, පලු, වීර වගේ පළතුරුත්, පාර හරහා පනින නරි, මුගටි, වගේ සතුනුත්, සමහර විට වල් අලියෙක් දෙන්නෙකුත් දකින්න තියෙන නිසා ඉස්කෝලේ නිවාඩු දෙනකල් අපි බලන් සිටියේ අම්මාගේ හෝ අප්පච්චිගේ ගමේ ගිහින් කිරි අම්මලා හදන රස කෑම කන්නත්, කිරි අත්තලාගේ කතන්දර අහන්නත් වගේම නෑදෑයින්ගේ ළමයිනුත් එක්ක මාසයක් පුරාම සෙල්ලම් කරන්නත්. දැන් කාලේ වගේ ටුයිෂන් පන්ති නොතිබුණ නිසා නිවාඩුවට පහුවෙනිදා ගමට ගියාම අපහු එන්නේ අළුත් පාසල් වාරය පටන් ගන්නට ඉස්සරලා දවසේ. නිවාඩු මාසය පුරාම පොතක් පතක් අල්ලන්නේවත් නැතුව උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කළත් අපිටවත්, දෙමව්පියන්ටවත්, ගුරුවරුන්ටවත් ඒක කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැහැ.

සුන්දර මතකයන් ගොඩක් තියෙන සූරියදමන පාර හැදෙන එක ගැන සන්තෝෂ වුණත් “රොබින් හුඩ්ගේ පාර” අතුරුදහන් වෙන එක ගැනනම් ටිකක් දුකයි.

ලාභ බියර්, ලාභ වයින් සමග පොහෝ දිනවල මත්පැන් විකිණීම නීතිගත කිරීම


drinking wineමිනිසාගේ සම්භවයේ මුල් අවධියේ සිටම ඔවුන් මත්වීමට කැමති බව සමාජ විද්‍යාඥයන් පෙන්වාදී තිබේ. ආදී මානවයන් මත්වීම සඳහා කුමන හෝ නිර්මාණාත්මක ක්‍රමයක් සොයාගෙන තිබේ. (මුලින්ම කැලෑවේ විල් වල එකතුවූ පල් වතුර බී වෙරි වූ ආදී මානවයා ගිනි තැපීමෙදී ගින්න පත්තු කරන සමහර බටයක් සහිත කෝටුවර්ග වලින් එන දුම බී එයින් සීතල නැතිවන බව සොයාගෙන ඇති බව මා කියවූ සමාජ විද්‍යා ග්‍රන්ථවල ලියවී තිබුණි. මේ උපකල්පනයන් බොහෝවිට සත්‍ය වීමට පුළුවන.)

drinking beer 3

මත්පැන් සම්පූර්ණයෙන්ම තහනම් කළහොත් වඩාත් සැර සහ සෞඛ්‍යට වඩාත් හානිකර කිසිම ප්‍රමිතියකට නොනිපවදන කසිප්පු (moonshine) නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය වේගයෙන් ඉහළ යා හැකිය. 1990 දශකයෙන් එපිට ගම්වල සහ නගරවල එක සේ කසිප්පු නිෂ්පාදනය, බෙදා හැරීම සහ පරිභෝජනය කොතරම් සිදු වුනාදැයි සිහි කරගැනීම වටී. වරක් අපේ ගමේ ගම්වැසියන් 10ක් පමණ කසිප්පු විසවී එකවර මිය ගියේ කිසිම ප්‍රමිතියක් නොමැතිව අතට අසුවන ඕනෑම දෙයක්, එනම් කටු කම්බි, ගැරඬියන්, සීනි, පලතුරු, යූරියා වැනි රසායනික පොහොර, M 50 වැනි එකල භාවිතා කළ කෘමිනාශක යනාදී මෙකී නොකී හොඳ සහ නරක ද්‍රව්‍ය කසිප්පු නිෂ්පාදනයේදී යොදාගන්නා නිසාය.

කසිප්පු නිෂ්පාදනය

කසිප්පු නිෂ්පාදනය

ඒ නිසා බියර්, වයින් හෝ දේශීයව නිපදවන රා මිල අඩුකර සුලභ කිරීම ප්‍රයෝගිකය. පෝයදාට බාර් වැසීම වැනි විසුළු වැඩ නවතා හානිය අඩු මත්පැන් නමැති අවශ්‍ය යක්ෂයා (necessary evil) ලිහා දැමීම අතිශයිම ප්‍රායෝගික හා බුද්ධි ගෝචර ක්‍රමයකි. එසේ නැතහොත් අධික සැර සහිත නීති ව්රොධී කසිප්පු නිපදවා පාරිභෝගිකයන්ද කල් තබා රෝහල් වලට සහ කනත්තට දක්කනවා පමණක් නොව රජය විශාල වශයෙන් බදු ආදායමද නැති කර ගනී.

පොල් රා මැදීම

පොල් රා මැදීම

 

තල් රා  මැදීම

තල් රා මැදීම

කිතුල් රා  මැදීම

කිතුල් රා මැදීම

එමෙන්ම රා නිෂ්පාදනය දිරිමත් කිරීමට කටයුතු නොකර රජයෙන් බලපත්‍ර ලබාගෙන සීමිත ප්‍රමාණයක් (පොල්, තල්, කිතුල් ගස් කිහිපයක පමණක්) රා පෙරීමට බලකිරීම ඉතා අසාධාරණ ක්‍රියාවකි. රා අතිශයින්ම අහිංසක පානයකි. එය දේශීය නිෂ්පාදනක් නිසා විදේශ විනිමය වැය වීමක්ද නොමැත. ඒ නිසා රජය කළයුත්තේ රා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම දිරිමත් කිරීමයි. බලපත්‍ර ලබාගැනීමේ විහිළුව සම්පූර්ණයෙන්ම සහ වහාම නතර කළයුතුය. යම් වයස සීමාවක් (අවුරුදු 18) දක්වා අයට මේ කිසිම මත්ද්‍රව්‍යක් භාවිතා කිරීම තහනම් කිරීම වැනි නීතියක් පමණක් ප්‍රමාණවත් වේ. ඒ සමගම රා නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රමිතිගත කිරීම සුදුසු වන්නේ රා වලට ඩිස්ප්‍රින් දැමීම වැනි දේ සිදුවන නිසාය.

පොහෝ දිනයක පහන් පූජා කරන බැතිමතුන්

පොහෝ දිනයක පහන් දල්වන බැතිමතුන්

පොහෝ දිනවල නීත්‍යානුකූල මත්පැන් විකිණීම තහනම් කිරීමද මෙවැනිම ගොංපාට් එකකි. සැබවින්ම සිදුවන්නේ කළුකඩ මිලකට රහසිගතව මත්පැන් (සමහරවිට නිවාඩු දවසක් නිසා වෙනදාටත් වඩා) විකිණීමයි. අනික විදේශ සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ බුදුන් වැඳීමටවත්, සිල් ගැනීමටවත්, භාවනා කිරීමටවත් නොවේ. (එසේ පැමිණෙන අය සිටියත් එය නොසැලකිය හැකි තරම් කුඩා සංඛ්‍යාවකි.) අනික බුදුදහම කියන්නේ මෙවැනි ෂාරියා නීති සහිත දර්ශනයක් නොවේ. බුදුදහම කියා දෙන්නේ තමන් පාලනය කරගන්නේ තමන් විසින්ම විනා විවෘත කර ඇති මත්පැන් හලකින් නොවන බවයි. මත්පැන් බීම හෝ නොබීම තනිකර තමන්ගේ පුද්ගලික තීරණයකි. මෙය කියවූ විගස “ගරුතර” මහා සංඝරත්නය සහ ඊනියා සුචරිතවාදීන් මට යුද ප්‍රකාශ කරනු ඇත. එහෙත් මම මගේ මතය වෙනස් නොකරන අතර ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙමි.

මා මත්ද්‍රව්‍ය භාවිතය අනුමත කරන්නේ හෝ දිරිමත් කරන්නේ හෝ ප්‍රචාරණය කරන්නේ නැත. මා මේ සඳහන් කළේ සම්පූර්ණ මත්පැන් තහනම ( a blanket ban of liquor) නිසා ඇතිවිය හැකි ප්‍රායෝගික තත්වයයි. ඒ නිසා මේ කාරණයේදී මම මංගල සමරවීර ඇමතිවරයා සමග එකඟ වෙමි.

A Close Encounter with a Wild Elephant at Minneriya Today


20171105_104057.jpg

Melissa Schmitt and I at Gnanikkulama, Anuradhapura at the beginning of the tour to Dambana

Melissa Schmitt, a girl from France and I were on course on rusty old Bajaj Boxer motorcycle to Anuradhapura by the evening today. It was around 6.00 pm but it was pitch-dark due to rainy weather. All vehicles were moving with lights on. We were close to Minneriya National Park and our speed was around 50 kmph as the road was not clear enough due to weak headlights of our bike. I was riding close to the middle of the road as it was dangerous to ride close to the edge of the road for fear that wild animals could cross the road and I wouldn’t have enough reaction time to control the bike. Alas! It was then we saw we were riding parallel to a huge wild elephant who was walking majestically towards the same direction we were on. He was less than five feet away from us. I had no time to stop the bike or turn it back and the only option wide open was to continue riding ahead. And we did exactly that. We couldn’t even speed up as the bike’s engine was not good enough to speed up all of a sudden. So, we just managed to pass the majestically walking jumbo without hitting him or getting hit by him. Luckily, Melissa is a brave girl did not panic and just kept her cool. Any other girl would have panicked and screamed but not Melissa. In fact, it was that factor saved both of us from being crushed by the jumbo.

If we panicked and made any sound, the big beast would have reacted and it would have been curtains for both of us. I have no intention of dying, at least not till I reach 55. I am 45 now and I need at least 10 more years to live to complete my mission on this planet. I don’t want to go old and bald and annoy people pretending I am deaf. 55 is a good age to kick the bucket. If Achilles, Hector or Robin Hood lived through their old ages they wouldn’t have been legends today.

A majestic grey elephant

 

Koradekumbura, the first and only Karate Village in Sri Lanka


Jayaweera Jayasundara with the villages of Koradekumbura

Jayaweera Jayasundara with the villages of Koradekumbura

Having learnt from my good friend Mr. Daya Wijesinghe from Kandana, that there is a small rural mountainous hamlet in Badulla district, which runs a very successful program of a whole village getting together to do physical exercises and karate practices,  I decided to go and see for myself  this village. It was night when I reached the village of Koradekumbura. I stayed at the house of Mr. Jayaweera Jayasundara, the founder of the karate program. I was woken up by Jayaweera early in the morning of May 17, 2017.  I had asked him to do so to see how his “students” practice physical exercises in the early hours of the day in the village playground.  Mr. Jayaweera arranged a three wheeler for me and I felt uncomfortable, as to why I could not walk to the venue, while all others in the village just walked, jogged or ran to the playground. I suppose he wanted his guest to be comfortable.

It was about 5.20 am when we reached the village playground; already there were more than 50 children, adults and seniors assembled in the playground. They had already started doing physical exercises. There were more adults and seniors than the young.  I was surprised to see the range of ages of the villagers who came for the karate and physical exercises. Kids as young as 5 to seniors as old as 80+!!!

The practice had begun last year and it gathers momentum every day. All of the 82 students in Medainna Primary School in Koradekumbura start karate practices from 6.30 am to 7.00 am. Altogether, around 130 children and 100 adults do both physical exercises at dawn and karate practices in the evenings. Around 25 young girls and women do stick fighting. With such numbers in a small village like this, it may be the village with fittest people in Sri Lanka. One could observe at the very first instance that the inhabitants of this village are all in a very fit physical state.

The program and the structure Mr. Jayaweera has formed seem very strong that even without his presence, the program will continue. He formed a Parents Association to run the project. Each member contributes 200/- LKR per month towards the expenses for attending tournaments etc. But the Founder of the Program Mr. Jayaweera does all his training totally free of charge. Though money can be counterproductive for a genuine initiative like this, I am still of the view that Mr. Jayaweera’s great service has to be recognized and rewarded in some way. Aligning a whole village for karate practice and physical exercise is no easy task anywhere in the world.

Mr. Jayaweera wanted to have a building to carry out the karate practices during rainy days, which is a regular occurrence   in this mountainous village. Having understood the importance of the program by being an active member of the trainees, one of the members of the sports program and also the treasurer of the Parents Association Mr. B. N. P. Somarathna donated a quarter acres of his land situated in a strategic location in the village.  Mr. Somarathna also works as Mr. Jayaweera’s deputy in the sports program in the latter’s absence. Their dream is to build a 90×35 feet building (auditorium), to house the training program. The estimated cost is around 3.5 million LKR. I feel it is your duty to help complete this project and make this a good example for the rest of the country that usually waits for the government to do everything.

Non communicable diseases such as; cardiovascular disease, chronic respiratory problems, diabetes and cancer are the main problems in Sri Lanka, claiming 103,500 lives each year. (http://www.searo.who.int/srilanka/areas/noncommunicable_diseases/en/) It was this reason that Mr. Jayaweera, being a retired Physical Health Instructor, was instrumental in starting the sports program.

Should not both the State and Private Sector take this physically fit village as an example and replicate it across all over Sri Lanka?

If the current Minister of Sports, Hon. Dayasiri Jayasekara is as interested as he shows in physical fitness of the people, I suggest that he visit this village in person and spend a day and then take this golden example and replicate it throughout the island by using Mr. Jayaweera as the national consultant to the program. Appointing an official from an air-conditioned office from Colombo will not be as effective as Mr. Jayaweera, who is a son of the soil.

 

 

Kularathna Rajapaksha – A School Principal Who Uses Facebook for Community Development


Kularathna Rajapaksha

Kularathna Rajapaksha

Many adults in Sri Lanka are against the use of social media, especially Facebook, as they see only the negative sides of it. Public school principals and teachers are the most vociferous among them. But today I am going to talk about a public school principal who does a yeoman service for the students and the community in Mahawilachchiya.

He is none other than Mr. Kularathna Rajapaksha, a social servant in Mahawilachchiya. He started his career as a science teacher since he was still a high school boy. I was one of his students while I was in Grade 11. We had no science teachers during that time as most of the teachers in my alma mater, Thakshila Public School in the village got transferred to their villages. So, we had no science teachers to prepare us for the Ordinary Level (OL) exam which is held to identify which students can go for high schools. Kularathna came to our rescue by teaching us every weekend. The best thing about his teaching was that he had this special talent to teach most complicated areas in science like physics and chemistry in a very interesting way. Usually experienced and trained regular science teachers dreaded to teach those parts in science and only taught biology parts of the subject while this schoolboy-teacher showed us how easy those subject areas were. Thanks to him, a lot of students in our classes got good results for Ordinary Level (OL) national level exams.

Kularathna Rajapaksha

Kularathna Rajapaksha

Kularathna is 50 now and recently was promoted to the post of principal in Seevali Primary School in Mahawilachchiya. I am not too sure if the promotion as a principal will hamper his talents as a teacher. Too much administrative work has affected many good teachers.

Kularathna started his Facebook account in 2014, much later than I did but mastered the craft in no time. I can still remember his first Facebook post which he posted about the need of library books for Thakshila Public School where he then taught. The post brought a lot of donors donating books to the school and today the school library boasts of having 4,000 odd books. He did not stop there and constructed a separate building to store and read the books with the help of his donors and the members of the Civil Defense Force who volunteered with their labor.

School Library at Thakshila Public School

School Library at Thakshila Public School

Kularathna spends about 3-4 hours with Facebook on a daily basis. He does all his work through his old desktop computer, recently acquired laptop and the smart phone while taveling. He spends around 3,000 LKR (20 USD) monthly with his own funding. But he works for the others in the village. This is a good example for most of the ICT teaches in the country who do not do much with government sponsored 24X7 internet facilities at their computer labs with 30-40 PCs connected to internet.

Kularathna does not stop his duty by just donating money or resources. He ensures that the money and the resources he collects and disseminates are properly used. He visits the people whom he helps and monitors if the money is spent on the intended purposes. He has to spend a lot for traveling too. (I think it is the high time his donors work on reimbursing his internet, phone and fuel expenses. Otherwise he will end up broke just like I did.)

RO filter installed in Thakshila Public School

RO filter installed in Thakshila Public School

Kularathna’s biggest achievements are building a school library, building houses for those who cannot afford them, providing scholarships for the needy students, and providing RO water filters to the village. He does all these through the funds donated by both local and overseas Sri Lankans whom he befriends through Facebook. He has won the trust and the respect from those donors as he spends the money frugally and monitors the result of these interventions.

house

A house being constructed

When asked how the teenagers and the youth should use Facebook, his answer was “Use Facebook in such a way you educate you and work for the social good.” This is easier said than done though. Teenagers and the youth tend to use Facebook mostly for time and money consuming fun and have romantic relationships.

Groceries donated by some donors

Groceries donated by some donors

Kularathna also says that the other teachers who use Facebook should use it in such a way that they improve their knowledge by subscribing to educational Facebook feeds and also changing the negative attitudes towards the social media.

Ongoing drought in and around Mahawilachchiya disturbs the villagers’ lives as they either do not have or cannot afford drinking water. Kularathna shared this with his Facebook contacts and they promptly collected funds and sent to Kularathna so that he could hire a small tractor with a plastic barrel and distribute drinking water totally free of charge to the villagers. Such is the trust he has gained from his donors.

Distributing drinking water in Mahawilachchiya

Distributing drinking water in Mahawilachchiya

When asked what were his biggest challenges with FB and his community work, his answer was, “Not yet.” That is the spirit.

Tracking Down My (Possible) Ancestry in Kalinga, India by a Motorbike


 

Sinhabahu4

Isn’t it ironic that within 24 hours of me deciding to travel in Kalinga (present day Odissa) extensively for a month on a motorbike in November this year that this article http://scroll.in/article/814562/are-the-sinhalese-people-descendants-of-bengali-and-odiya-sea-merchants appeared out of the blue? I have a great friend from Kalinga and he will find me a bike for my tour. He is Prakash Nayak and the only reason for me to be a friends with   him , was that we both share similar surnames. Me, Wanni Nayaka and him, Praksh Nayak. He says there are a lot of Nayakas in Kalinga.

I am not a historian nor  a social anthropologist. But ever since I heard this story of us, the Sinhalese, are descendants of a lion and a princess (see more here http://mahavamsa.org/2008/05/princess-vanga-sinhabahu/), I was both intrigued and ashamed (to find we are also descendants of incestuous sex between a brother and sister (Sinhabahu and Sinhaseevali) to dig into this within my limited capacity. I won’t be able to compose a scholarly work after my travel but at least I will chronicle what I see and hear on a daily updating my blog throughout the tour. This will be my fourth trip to India.

I don’t look for luxuries during my trip as I can digest anything edible and sleep even under a tree for that matter. I am quite used to rough roads as I keep riding my bike almost anywhere in Sri Lanka without much hassle. So, hardships will not dampen my spirits at all. Traveling with Meer Ali from India throughout Sri Lanka for 5 consecutive days was fun and hope I can find someone like that who can also sing Bollywood songs with me. Well, since I was an 11 year old boy, I could sing more than 500 Hindi songs. So I would love to add some more to the list.

Back to the incest story, the legend is that no royal family in Sinhapur, Kalinga was happy to let their daughter or son to marry a lion’s son or the daughter and the only option the lion’s son and daughter had was to marry each other and produce a notorious prince called Wijaya who had to end up in Sri Lanka and my friends, the rest, is both history and legend. (The more sensible take in this lion’s story would be to take the lion as a leader of a lion tribe or a very strong and powerful and unruly man I guess.)

I will not have the luxury of taking a high quality still or video camera for this tour and would appreciate if someone can lend me one. If something happens to it, I will buy a brand new one of the same make and model. Since I have to pay for airfare and other sundry expenses, the last thing I can afford is a professional camera.

Odisha Map

Sinhabahu0

Sinhabahu1

Sinhabahu2

Sinhabahu3

lion

 

Motorcycle Journeys – From Anuradhapura to Padaviya


Nanda Wanninayaka with Gamini Akmeemana

Nanda Wanninayaka with Gamini Akmeemana

I am a motorbike lover. I like to ride long distances. The longest distance I have ridden is from Mahawilachchiya to Kahathuduwa, Piliyandala via Colombo. I have ridden between Colombo and Mahawilachchiya many a time. Road is very good via Puttalam and it is fun to speed up along the road. The other long trip I made was to Gomarankadawala, Trincomalee with my nephew and it was unforgettable because we were drenched in the torrential rain on our way back. Most exciting tour was the one I went to Talawakele from Badulla with my newly married wife in 2006. My most recent long trip was to Padavi – Sri Pura from Anuradhapura for a meeting. I often ride to Kanagarayankulam in Vavunia too. The bike trip I went to Welioya with the journalist Gamini AKmeemana was memorable because he rode a very old Honda CB 200 (6 Sri 7517) and I rode a brand new Bajaj Pulsar 180 and still Gamini was way ahead of me with his old machine. I think more than the bike model, he knows right techniques in bike riding. That night we stayed in a hut in a small farm just below the Padaviya wewa with a farmer friend of Gamini. That was in 2005. It was fun riding with Gamini but I never got a second chance with him.

If


Read below Rudyard Kipling‘s great poem “If.” This is the only thing that keeps me going during worst times I pass. If not for this, I would have given up long time ago.

You can listen to the audio version of this poem if you click this link. http://www.poetryfoundation.org/poem/175772

Rudyard Kipling

Rudyard Kipling

If— BY RUDYARD KIPLING

If you can keep your head when all about you
Are losing theirs and blaming it on you,
If you can trust yourself when all men doubt you,
But make allowance for their doubting too;
If you can wait and not be tired by waiting,
Or being lied about, don’t deal in lies,
Or being hated, don’t give way to hating,
And yet don’t look too good, nor talk too wise:

If you can dream—and not make dreams your master;
If you can think—and not make thoughts your aim;
If you can meet with Triumph and Disaster
And treat those two impostors just the same;
If you can bear to hear the truth you’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things you gave your life to, broken,
And stoop and build ’em up with worn-out tools:

If you can make one heap of all your winnings
And risk it on one turn of pitch-and-toss,
And lose, and start again at your beginnings
And never breathe a word about your loss;
If you can force your heart and nerve and sinew
To serve your turn long after they are gone,
And so hold on when there is nothing in you
Except the Will which says to them: ‘Hold on!’

If you can talk with crowds and keep your virtue,
Or walk with Kings—nor lose the common touch,
If neither foes nor loving friends can hurt you,
If all men count with you, but none too much;
If you can fill the unforgiving minute
With sixty seconds’ worth of distance run,
Yours is the Earth and everything that’s in it,
And—which is more—you’ll be a Man, my son!