රන්ජන් රාමනායක නම් නියම “නළුවා”


මට රන්ජන් රාමනායක කිසිසේත්ම ප්‍රියජනක නළුවෙක්වත්, පුද්ගලයෙක්වත් නොවේ. නමුත් මට දෙවන වරටත් ඔහු ගැන ලියන්නට සිදුවී ඇත. (පළමු වරට ලියූ ලිපිය මෙතනින් කියවන්න.)

බොහෝ උපමහාද්වීපික නළුවන්ට මෙන්ම රන්ජන්ටද වයස යාම නොපෙන්වා සිටීමට සිදුවීම ඔහුගේ වරදක් නොවේ. හොලිවුඩ් නළුවන්ටනම් වයස යාම ආභරණයක් වන්නේ ඔවුන් වයසත් සමග පරිණත වීමත්, රසික රසිකාවියන්ගේ මෙන්ම නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලුම වැඩිවීමත් නිසාය. ඒ නිසාම අවුරුදු 70ක් වයස රිචර්ඩ් ගියර් තවම චිත්‍රපටවල “කොල්ලාගේ” හෙවත් ආදරවන්තයාගේ චරිතය රඟපායි. වයස සඟවන්නට ඔහුට අවශ්‍යතාවයක් නැත. නමුත් 69 හැවිරිදි රජිනිකාන්ත්ටත්, 56 හැවිරිදි රන්ජන් රාමනායකටත් විවිධ වෙස් ගැන්වීම්වලින් සැරසී තවමත් කොල්ලාගේ චරිතය රඟපෑමට “මාර ගේමක්” දීමට සිදුවී තිබේ. එසේ නොවුණොත් ඔවුන්ට චිත්‍රපට නොලැබී යයි. (77 හැවිරිදි අමිතාභ් බච්චන් නම් නියම වයස පෙන්වමින් තවමත් තම පුතාගේ තිරයේ පෙම්වතියත් සමග නටන්නට තරම් වාසනාව ලැබී ඇත්තේ ඔහුගේ දැවැන්ත පෞර්ෂය නිසාමය.)

රජිනිකාන්ත් ඇත්තටම බැලුවොත් තට්ට හිසක් සහිත පුද්ගලයෙකි. (ඔහු එය තිරයේදී සැඟවුවද සාමාන්‍ය ජීවිතයේදී සඟවන්නේ නැත.) රන්ජන් රිමාන්ඩ් බන්ධනාගාර ගතවූ පසුව ඔහුගේ ඇත්තේද තට්ට හිසක් බව පැහැදිලිව පෙනේ. එය බොරු කොණ්ඩයකින් වසාගෙන සෑහෙන කලක් කොල්ලාගේ චරිතය ඔහුට රඟපෑමට හැකිවිය. (මම එහි වරදක් නොදකිමි. මගේද තට්ටය පෑදුනොත් සමහරවිට එය සැඟවීමට මමද උත්සාහ කළ හැක.)

මම මේ කියන්නට යන්නෙ වෙන කතාවකි. කිසිම හැඟීමක් නැති “හිස් මුහුණක් ඇති” නළුවකු වූ රන්ජන් බන්ධනාගාරගතවූ පසු සුදු රවුල වැවී, තට්ටය පෑදී දැන් ඔහුගේ නියම ස්වරූපය පෙනේ. රන්ජන් නම් “නළුවාගේ” නියම රඟපෑම් පෙනෙන්නේ දැන්‍ ය. දැන් රන්ජන්ට ඇත්තටම රඟපාන්නට පුළුවන. ජීවිතයේ කටුක අත්දැකීම්, සිය හිතමිතුරු දේශපාලකයන්, මිතුරන්, රසික රසිකාවියන් විසින් දරුණු ලෙස අතහැර දමනු ලැබීමේ සහ සිය ප්‍රතිරූපය දැඩි ලෙස බිඳ වැටීමේ කනස්සල්ලෙන් සිටින ඔහු තවමත් “වීරයා” වීමට උත්සාහ දරයි. රන්ජන් බන්ධනාගාර බසයෙන් බසින විට සහ නගින විට හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් ඉගෙනගත් “පාට් දමමින්” රඟපායි.

ඔහුගේ අනාගතය කෙසේ වේදැයි කීමට අපට නොහැක. එය ඉතා දීර්ඝ අධිකරණ ක්‍රියාවලියකින් පසුව තීරණය වනු ඇත. ඒ කෙසේ වෙතත්, ඔහු දැන් නියම “නළුවකු” වී ඇත. ඔහුට බොහෝවිට හොඳ චරිතාංග නළුවකු ලෙස ඉදිරි ගමනක් තිබිය හැක. සමහරවිට රන්ජන් දැන් එතරම් කාර්‍යබහුල නොවන ජීවන රටාවක් ගෙවන නිසා රිමාන්ඩ් බන්ධනාගාරයේදී පොතක් දෙකක් කියවීමටද හැකිවනු ඇත.

රන්ජන්, ඔබට සුබ අනාගතයක්.

ජයලත් මනෝරත්න – පිපිණු තලමල


මම සාමාන්‍යයෙන් මා කැමති පුද්ගලයෙක් මරණයට පත්වූ විට එකෙණෙහිම ඒ ගැන නොලියන්නේ හේතු දෙකක් නිසාය. එකක් නම් අනෙක් අය ලියන දේවල් ඉවසීමෙන් කියවා බලා මගේ ලියවිල්ල එම ලේඛක ලේඛිකාවන් නොලියූ දේ ලිවීමට හැකි නිසාය. අනෙක් හේතුවනම් අනෙක් බොහෝ දෙනාත් එකම … Continue reading

සරත් ද අල්විස් – “ලංකාවෙ බප්පි ලහිරි”


A drawing by Mahinda Pathirage. Special thanks for sharing the picture goes to Kumudini Gunawardhana.

මම සංගීතය ඉගෙනගන්න පටන් ගත්තේ රූපවාහිනියෙන් සරත් ද අල්විස්ගේ ඕගන් වාදනය දැකලා. මම සරත්ගේ හැම ඕගන් අනුවාදන කැසට් පටයක්ම මිලදී ගෙන සිය දහස් වර ඇහුවා. ඇත්තටම සරත් ඉපදෙන්න තිබ්බේ ඉන්දියාවේ. ඉන්දියාවෙ බප්පි ලහිරි ඩිස්කෝ සංගීතයෙන් කළ වෙනස ලංකාවෙදි කළේ සරත්.

මම හිතුවේ (සහ අනෙත් අය කිව්වෙත්) මට සංගීතයනම් හරියන්නේ නැති බවයි. ඒත් අපේ සිංහල ගුරුතුමා නැසීගිය ආනන්ද විජය සිරිවර්ධන මහතා මට මුලින්ම මෙලෝඩිකාවකිනුත් දෙවනුව සර්පිනාවකිනුත් සංගීතය ඉගැන්නුවා. ඊට කලින් ලොකු අයියා ඉලෙක්ට්‍රොනික් ඕගන් එකක් ගෙනල්ල තිබුණත් ඒක මම වයනකොට ආවෙ “කතී වෙණ මීයන” සංගීතයක් විතරයි.

කොහොම කොහොම හරි වසර 2000 අගෝස්තුවේ ඉල්ලාගත් ඕගන් දෙකකින් පැය 3ක සජීවී සංදර්ශනයකට සංගීතය සැපයුවා. ගායන, නර්තන ඉදිරිපත් කළේ මහවිලච්චිය හොරයිසන් අකැඩමියේ ළමයින්.

දී මම වසර 2000දී ඇමරිකානු සංචාරයෙන් පස්සේ ඉතුරු කරගත් මුදලින් පිටකොටුවෙන් Yamaha organඑකක් රුපියල් 10,000කට මිලදී ගත්තා. ඊට පස්සේ හැම අවුරුද්දෙම පැය 3ක සජීවී සංදර්ශනයක් මහවිලච්චියේ ළමයින් එක්ක කළා. මේ සඳහා ආශාව ඇතිවුණේ සරත්ගේ ඕගන් වාදන දැකීම සහ ඇසීම. (හැබැයි පහුගිය වසර 14 පුරාම නැවත ඕගන් වාදනය කළේ නැහැ.)

සරත් ට හැකියාව තියෙනවා සම්පූර්ණ සංගීත කණ්ඩායමක කාර්‍යය තනියම කරන්න. ඒක එයා අද තරම් සංගීතයට පරිගණක යොදා නොගන්නා කාලයේ සිටම කළා. ඉතාම සංකීර්ණ හින්දි ගීත ඔහු වාදනය කළේ පුදුම හිතෙන තරම් නිවැරදිව. ඔහු බටහිර සංගීතය ගීතවලට යොදා ගන්න බොහොම දක්ෂයි. මේ නිසාම වෙනත් සංගීත අධ්‍යක්ෂවරුන් සංගීතය සැපයූ කසෙට් පටවල පවා ගීතයක් හෝ කිහිපයකට සරත් දායක වුණේ කසෙට් නිෂ්පාදාකයන් ඔහුගේ මේ විශේෂ හැකියාව දන්න නිසා වෙන්නැති.

H. R. ජෝතිපාල සරත්ට හමුවෙන්නෙ ජෝතිගෙ අවසාන කාලයෙදි. හරියටම බප්පි ලහිරිට කිෂෝර් කුමාර්ව හමුවෙන්නේ කිෂෝර්ගෙ අවසාන කාලෙදි වගේ. ජෝතිපාල-සරත් එකතුවී කරපු අගනාම ගීතයක් තමයි නිදි නැති රෑ යාමේ ගීතය. මෙය හින්දි ගීතයක තනුවට ගැයුනත් සරත්ගේ ඩිස්කෝ සංගීතය ගීතයට කදිමට ගැලපුනා. ජෝති තව ටික කලක් සිටියානම් අපිට ජෝතිගෙ හඬ බටහිර ඩිස්කෝ සංගීතයට මිශ්‍ර වෙන හැටි අපට අහන්න තිබුණා. සරත්-ජෝති සුසං‍යෝගය වැඩිපුර කියවීම සඳහා http://archives.sarasaviya.lk/2013/07/04/?fn=sa13070416 කියවන්න.

සරත්ගෙන් පස්සේ නැවතත් ඕගන් වාදනයට ආශාව අළුත් වුණේ ඇමරිකාවේ සිට Nuwan Samaranayake එවූ යන්නි Yanniගේ ඕගන් වාදන සංගීත සංදර්ශන DVD වලින් දැක්කට පස්සේ. ඊළඟට A. R. Rahumanගේ ඕගන් වාදන සජීවී සංදර්ශන DVD වලින් දැක්කට පස්සේ.

මට සරත් ද අල්විස්ගේ ඕගන් වාදන අහපු/දැකපු දවසේ ඉඳලම ඕනේ වුණේ ඔහු වගේම වෘත්තීය වාදකයකු වෙන්න. දැන් ඒකට මම නාකි වැඩිද දන්නේ නෑ.

බර්ට්‍රම් නිහාල්ගේ “ගම්පෙරළිය”


කයිසාරුවත්තේ පවුල

මම පාසල් සිසුවකුව සිටියදී සිටම බර්ට්‍රම් නිහාල් මට වීරයෙක්. බර්ට්‍රම්ගේ හොඳම නිර්මාණය ලෙස මම අදත් දකින්නේ “ගම්පෙරළිය” ටෙලි නාට්‍යයයි. සිනමාව සහ ටෙලිනාට්‍ය සසඳන්න බැරි වුණත්, මගේ පුද්ගලික මතයනම් ගම්පෙරළිය ටෙලි නාට්‍ය ගම්පෙරළිය සිනමා කෘතියටත් ගව් ගාණක් ඉදිරියෙන් තිබුණා කියලයි. මොරීන් චාරුණි නම් රුපවාහිනියේ පියරු බබාව ගම්පෙරළිය හරහා “නිලියක්” කළේ බර්ට්‍රම්. ටෙලිනාට්‍යයේ මුල්ම කොටසේ නාමාවලිය කියවද්දී මොරීන්ගේ නම දැකපු ගමන්ම මට රුපවාහිනිය ළඟින් නැගිටලා යන්න හිතුණත්, තවදුරටත් රැඳී සිටියේ ඒ වනවිට ගම් ගම්පෙරළිය සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය සඳහා නිර්දිෂ්ට ග්‍රන්ථයක් වූ බැවින්. එහෙත් බර්ට්‍රම් මොරීන්ව නන්දා බවට පරිවර්තනය කළ ආකාරය දුටු විට මම පුදුමයට පත්වුණා. මොරීන් මීට පෙර හෝ පසු එවැනි රංගනයක් නොකළ බැවින් ඇගේ “නන්දාකරණය” සඳහා සියලු ගරුසරු බර්ට්‍රම්ට හිමිවිය යුතු බව කියන්නේ මොරීන්ව අවතක්සේරු කිරීමට නොවේ.

ගම්පෙරළියේ මුහුරත් උළෙල

ගම්පෙරළිය නවකතාව රුපවාහිනියට ගෙන ඒමේදී තිස්ස අබේසේකර වැනි කෘතහස්ත තිරරචකයකු ජීවත්ව සිටීම බර්ට්‍රම්ගේ මෙන්ම අපගේත් වාසනාවක්. සමහරු තිස්ස සහ බර්ට්‍රම්ව එකල දැඩිව විවේචනය කළේ නවකතාවේ නැති දේවල් ටෙලිනාට්‍යට බලෙන් එබ්බුවා කියමින්. එහෙත් මෙය පොතක් තිරයට ගෙන ඒමේදී තිර රචකයකුට සහ අධ්‍යක්ෂවරයකුට තිබිය යුතුම නිදහසක්. Michael Crichtonගේ Jurassic Park විද්‍යා ප්‍රබන්ධය සිනමාවට නැගීමේදී එහි තිර රචනය සඳහා Michael Crichton සහ David Koepp මුල් කෘතියට බොහෝ දේවල් අලුතින් එකතු කළාක් මෙන්ම අධ්‍යක්ෂ Steven Spielberg ඒ වෙනස්කම් සාදරයෙන් පිළිගත්තා. බර්ට්‍රම්ටත් කොන්දක් තිබුණා සම්මතයෙන් එහාට ගිහින් ගම්පෙරළිය අතිශයින්ම සුන්දර නිර්මාණයක් කිරීමට.

එහෙත් බර්ට්‍රම්ව නිසි ඇගයීමට ලක්වුණාද යන්න නම් මට අදත් ඇත්තේ සැකයක්. ඔහුගෙන් වැඩ නොගැනීම අපගේ අවාසනාවක්. මෙලෝ රහක් නැති ගොන් කතා ටෙලිනාට්‍යට සහ සිනමාවට නැගීම සඳහා ඇත දිගහැර වියදම් කිරීමට නිෂ්පාදකයන් සිටියද බර්ට්‍රම් වැන්නන් අඳුරේ තැබීම ගැන රටක් වශයෙන් අප ලජ්ජාවට පත්විය යුතුයි.”

බර්ට්‍රම් නිහාල්

9.20ට පෙන්වූ 9.05 හෙවත් හේම නලින් නොමරා මැරීම


හේම නලින් කරුණාරත්න

මසකට වරක් පමණ කාර් බැටරියෙන් ආරෝපණය කළ යුතුවූ කළු සුදු රූපවාහිනියක් 80 දශකයේදී අපේ ආලින්දයට පැමිණීමට පෙර අපේ ප්‍රධානම දැනුම සහ විනෝදය සපයන්නා වූයේ ටෝච් බැටරිවලින් වැඩකළ ගුවන් විදුලියයි. බොහෝ සෙයින් ගීතවලට සවන්දීම, ප්‍රවෘත්ති වලට සවන්දීම, සහ නාට්‍යවලට සවන්දීම සහ 7.30ට අප්පච්චී නිසාම කවදාවත් අමතක නොකර සවන්දුන් විදෙස් පුවත් වලට සවන්දීම පමණකට සීමාව තිබූ ගුවන් විදුලිය එකල පාසල් සිසුන්වූ අපව අලුත්ම ලොවකට රැගෙන ගියේ ප්‍රේමකීර්ති ද අල්විස් මෙහෙයවූ “සැරිසර” පුවත් සඟරාවයි.”

කාර් බැටරිය ආරෝපණය කරගැනීමට තිබුණ අපහසුව නිසාම – එකල කාර් බැටරිය ගමේ වෑන් කාරයා වූ චුට්ටේ අයියාට නොවඳිනා වැඳුම් වැඳ අනුරාධපුරය නගරයට යැවීමට සහ ගෙන්වා ගැනීමට තිබුණ කරදරකාරී සහ සංකීර්ණ මෙහෙයුම නිසා – සාමාන්‍යයෙන් අපි රූපවාහිනිය නැරඹුවේ දිනකට ඉතාමත්ම සීමිත වෙලාවක් පමණි.

මොකක්දෝ හේතුවකට එදා රෑ 9.00 පහුවෙනකල්ම (පොඩි අයියාට හොරෙන්) රූපවාහිනිය නරඹමින් සිටි අපට ඉතාමත්ම අපූරු තේමා වාදනයක් ඇසුණ නිසා රූපවාහිනියෙන් ඇස ඉවත ගැනීමට නොහැකිවිය.

ඒ තේමා වාදනයත් සමගම තිරයට පැමිණියේ සුන්දර සිනහවකින් මුව සරසාගත් ඉතාමත්ම ප්‍රියජනක තරුණයකුගේ රුවයි. ඒ වෙනවිට රූපවහිනියේ නිවේදකයන් අනුගමනය කරමින් සිටියේ දැඩි සංයමයකින් සහ ඒකාකාරී බවකින් යුක්තවූ කෘත්‍රිම භාෂා විලාසයකි. ඉන් බැහැරවූ ඉතාමත්ම සිත්ගන්නාසුළු සැහැල්ලු විලාසයකින් කතාකළ මේ තරුණයාගේ නම හේම නලින් කරුණාරත්න බව අප දැනගත් අතර ඔහු එක රැයෙකින් “තරුවක්” බවට පත්වුණි. ඔහු මෙහයවූ වැඩසටහන සඟරාමය වැඩසටහනක් වූ අතර එය නම්කර තිබුණේද ඒ වනවිට අමුතු නමක් වූ “9.05” නමිනි.

9.05 සඳහා තෝරාගෙන තිබුණු තේමා සංගීතය ඉතා මියුරු මෙන්ම අමුතු වූයෙන් මම බොහෝ කලක් එම මුල් සංගීත ඛණ්ඩය සෙවූ අතර පසුව අහම්බයෙන් නැරඹූ Barry Levinson අධ්‍යක්ෂණය කළ, ඔස්කාර් සම්මාන උළෙලේදී, Dustin Hoffman හොඳම නළුවා කළ, Tom Cruiseගේ මුල් යුගයේ චිත්‍රපටයක් වූ “Rain Man” චිත්‍රපටයේ බව සොයාගතිමි.

එක රැයකින් 9.05 කොතරම් ජනප්‍රිය වුණාද කිවහොත් සති දෙක තුනක් යනවිට 9.05 පටන් ගත් වෙලාව 9.05, 9.10, 9.15 සහ 9.20 දක්වාම දික්ගැස්සුණේ වැඩසටහන වටා රොක්වූ අධික රසිකයන් පිරිස නිසා වැඩසටහනට පෙර රූපවාහිනී බලධාරීන් අසීමිත වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් බලෙන් එබ්බවූ නිසාය. හේම නලින් මේ ගැණ සිටියේ නුරුස්සන ස්වාබවයකින් බව අපට දැනුණෙ එක වැඩසටහනක් අතරතුරදී ඔහු “දැන් අපිට වැඩසටහනේ නම 9.05 වෙනුවට 9.20 ලෙස වෙනස් කරන්නට වෙයිද දන්නේ නැහැ” කියා සුපුරුදු සිනාමුසු මුහුණෙන් කියූ බැවිනි. සජීවී නොවූ, පෙර පටිගත කළ වැඩසටහනක් වූ වැඩසටහන එදා පමණක් හරියටම 9.05ට ප්‍රචාරය කරමින් (එකල සාමන්‍යයෙන් නොකළ ආකාරයට ) තිරයේ උඩින්ම 9.05 ලෙස වෙලාව සඳහන් කළේ හේම නලින්ට කෝචොක් එකක් දැමීමටය. එහෙත් කෝචොක් වූයේ රූපවාහිනියම බව අපට පසක් කළේ ඊළඟ සතියේ සිට ඔවුන් නැවතත් 9.05, 9.20ට (රෙදිත් ඇඳගෙනම ) ප්‍රචාරය කළ නිසාය.

දිගින් දිගටම සිදුවූ මෙවැනි සහ වෙනත් කෙනිහිලිවල ප්‍රතිඵලයක් ලෙස හේම නලින්ට රූපවාහිනියට ආයුබෝවන් කියා එතරම් ජනප්‍රිය නොවූ ස්වර්ණවාහිනිය වැනි වැදගැම්මකට නැති නාලිකාවක් ළඟ නැවතීමට සිදුවිය. මේ නිර්මනාත්මක මිනිසාට ස්වර්ණවාහිනියේ කරන්නට ඉටිගෙඩියක් නොවූ නිසා ඔහුගේම චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවක් වූ Heritage TV (HTV) නාලිකාවට සේන්දු වීමට සිදුවිය. මේ වනතුරුත් චන්ද්‍රිකා රූපවාහිනී නැරඹීමට හැකිවී තිබෙන්නේ රූපවාහිනී නරඹන්නන්ගේ ඉතා සීමිත පිරිසකට නිසා හේම නලින් වැන්නකුගේ දක්ෂතා ඉතාමත්ම සුළුපිරිසකට පමණකට සීමා විය.

මම පහත සිද්ධිය කෙටියෙන් සඳහන් කරන්නේ ප්‍රසිද්ධ පුද්ගලයන් හඳුනනවා කියා පෙන්වීමට (namedropping) සඳහා නොවේ. මම ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිනී සේවයේ අධ්‍යාපන නාලිකාවක් වූ “නැණස” රූපවාහිනියේ උපදේශකයකු (consultant) ලෙස සේවය කළ කාලයේ හේම නලින් “නැණසේ” ඓතිහාසික වැදසටහන් නිපදවීම සඳහා යොදාගත හැකිදැයි සොයා බැලීම සඳහා මූලික සාකච්ඡාවක් සඳහා ඔහුට ඩයලොග් ආයතනයට ආරාධනය කළ පසු ඔහුත් සමඟ මිතුරුකමක් ගොඩනගා ගත්තේ ඔහු මගේ පාසල් කාලයේ සිට වීරයකු වූ නිසාය. (කෙසේ හෝ “නැණස” රූපවාහිනිය සමග මගේ සේවා ගිවිසුම හිතුවාටත් කලින් අවසන් වූ නිසා – වඩාත් නිවැරදිව කිවහොත් නැණස නාලිකාවට මම මෙලෝ වැඩකට නැති මිනිහෙකු බව වැඩි කලක් යාමට මත්තෙන් වැටහුණ නිසා – හේම නලින්ගේ වටිනා සේවය නැනසට ලබාගැනීමට නොහැකි වීමටත් වඩා ඔහු වැන්නකු සමග වැඩ කිරීමෙන් අලුතින් යමක් ඉගෙන ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මම අතිශයින්ම කණගාටු වීමි.)

හේම නලින් මියයාමට සති කිහිපයකට පෙර මම ඔහුව දුරකථනයෙන් ඇමතුවේ ඩයලොග් ආසියාටා ආයතනය සහ BOV Capital ආයතනය එකතුවී ආරම්භ කළ ශ්‍රී ලාංකික venture capital ආයතනයක් වන Digital Innovation Fund මගින් නිර්මාණත්මක වැඩක් හේම නලින්ට සැලසුම් කළ හැකි නේදැයි යෝජනා කිරීමටයි. සුපුරුදු සිනහවෙන්ම මට ස්තූති කළ හේම නලින් ඒ සඳහා ව්‍යාපෘති වාර්තාවක් සැකසීමට බලපොරොත්තුවෙන් සිටියේය. එහෙත් ඔහු සමග සමග වැඩකිරීමෙන් අළුත් යමක් ඉගෙන ගැනීමට තිබුණ දෙවන (සහ අවසාන) අවස්ථාවත් අවාසනාවන්ත ලෙස මගෙන් ගිලිහුණි.

ජාතික රූපවාහිනිය පළ නොකියා පලා බෙදුවේ හේම නලින්ට පමණක් නොවේ. මා හිතන ආකාරයට බර්ට්‍රම් නිහාල්, ජයන්ත චන්ද්‍රසිරි, සද්ධා මංගල වැනි නිර්මාණශීලී මිනිසුන්ටද වෙන්නට ඇත්තේ මේ සංගදියම විය හැකිය.

මේ සියල්ලන්ම හිතුවක්කාරයන් බව මම පුද්ගලිකවම දනිමි. ජයන්ත චන්ද්‍රසිරි කිසිම දිනක මට හමු නොවුණත් ඔහුගේ නිර්මාණවලිනුත් ඔහු හිතුවක්කාරයකු බව සිතාගත හැකිය. මොවුන් සමග වැඩකිරීමට රාජ්‍යය ආයතන ප්‍රධානීන්ට පහසු නොවුවාට කිසිම සැකයක් නැත. මමත් රාජ්‍යය සේවයට අවුරුදු දෙකකින් ආයුබෝවන් කීවේ මමත් නහයට අහන්නේ නැති හිතුවක්කාරයකු වූ නිසාය. (මියයනතුරුම කිසිමදාක මගේ හිතුවක්කාරකම් අඩු කිරීමට මගේ බලාපොරොත්තුවක්ද නැත.) නමුත් ඔබ අවබෝධ කරගතයුතු වන්නේ ලෝකය නිතරම වෙනස් කළේ හිතුවක්කාරයන් බවය.

හිතුවක්කාරයන් ජාතික රූපවාහිනිය වැනි රාජ්‍යය ආයතනයන්ට දිරවන්නේ නැත.

ජාතික රූපවාහිනිය දැන් නිර්මාපකයන් වෙනුවට නිර්මා පකයන් බිහිකරන්නේ මේ නිසා විය හැක.

විජය නිවසින් “සතුට” චිත්‍රකතා පත්තරය නැවතත් – සතුටේ “කටු” ගලවමු


"සතුට" මුල් පිටුව

“සතුට” මුල් පිටුව

1970 සහ 80 දශක ශ්‍රී ලාංකික චිත්‍රකතාවේ ස්වර්ණමය යුගයයි. පාසල් සිසුන් සහ තරුණයන් ලෙස අප එයින් උපරිම රසය විඳි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ප්‍රවෘත්ති පත්තර සහ වාර සඟරා කිහිපයක් පළවුණත් ඒවා ගම්වලට ආවේ කලාතුරකින්. නවකථා කොච්චර ජනප්‍රිය වුණත් ඒවා කියවීමට පුස්තකාලයක් හෝ තිබුණේ නැහැ. රේඩියෝ තිබුණෙත් සීමිත පිරිසකට. අඩු මිලකට, ඉතාම පහසුවෙන් සොයාගත හැකි සහ ගම පුරාම අතින් අත යවියහැකි රස ගුලාව වූයේ චිත්‍රකතා පත්තරයයි. එහෙත් 90 දශකයේදී චිත්‍රකතා කලාවේ පිරිහීම සහ බිඳවැටීම සනිටුහන් කළා. මේ ලිපියේ අරමුණ ඊට හේතු විස්තර කිරීම නෙවෙයි.

පසුගිය වසර කිහිපය තුළ චිත්‍රකතා පත්තර කිහිපයක්ම වෙළඳපලට පැමිණියත් ඒ එකකටවත් වැඩි ආයුෂ තිබුණේ නැහැ. මියගිය කලාවකට යළි පණදෙන එක ලෙහෙසි පහසු කාරියක් නෙවෙයි. අනික චිත්‍රකතා කලාව රැකගන්න චිත්‍රකතා පත්තරයක් මිළදීගන්න චිත්‍රකතා කලාව රසවිඳි පැරණි චිත්‍රකතා රසිකයන් කිහිප දෙනෙකු සිටියත් එවැන්නන් පමණකින් චිත්‍රකතා ප්‍රකාශනයක් පවත්වාගෙන යන්න බැහැ. වෙළඳපළ බලවේගයන්ට පිටතින් කලාවක් පවත්වාගෙන යාමටනම් එක්කෝ රාජ්‍ය අනුග්‍රහය හෝ නැත්නම් පෞද්ගලික අංශයේ ආයෝජනය ලැබිය යුතුයි. ඒ දෙකම නැති නිසා සහ වර්තමාන පරපුරට ගැලපෙන ලෙස වෙනස්වීමට චිත්‍රකතා ශිල්පීන්ට නොහැකිවූ නිසාදෝ මෑතදී පටන්ගත් චිත්‍රකතා පත්තර සියල්ලම බිළිඳු වියේදීම මියගියා. අන්තර්ජාලයේ බලපෑම, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ කෙටි පණිවිඩවල ප්‍රවෘත්ති සැපයීමේ වේගවත්කම නිසා සති අන්ත පුවත්පත් සහ වාර සඟරා පවා පවත්වාගෙන යාම අභියෝගයක් වූ විටක මියගිය කලාවක් රැකගැනීම ලෙහෙසි පහසු කාරියක් නෙවෙයි.

විජය නිවසින් “සතුට” චිත්‍රකතා පත්තරය නැවතත් එළිදකිද්දීනම් සතුටු හිතුණේ ඔවුන්ට ලාභ ලබා හෝ නොලබා මෙය පවත්වාගෙන යාමට ආර්ථික ශක්තිය ඇති නිසා. එමෙන්ම ඔවුන් සතුව ඔවුන්ගේ විවිධ ප්‍රකාශන හරහා නොමිලේම ලබාගතහැකි ඉතාම ප්‍රබල ප්‍රාචාරක ජාලයක්ද පවතිනවා. අනික පාඨකයන්ට සතුට පත්තරේ දැනට ලංකාදීප බදාදා පත්තරයත් එක්ක නොමිලේම ලබාදෙනවා. ඒ නිසාම නව පාඨක පිරිසකට මේ නොමිලේ ලැබෙන චිත්‍රකතා පත්තරේ උඩින් පල්ලෙන් හරි කියවන්න හිතෙනවා. ඔවුන්ගේ හිත ඇදී ගියහොත් සමහරවිට “සතුට” වෙනම ප්‍රකාශනයක් විදිහට වෙළඳපලට පැමිණේවි. විජය නිවස “පරිගණක” සඟරාව එළි දැක්වුවෙත් මේ අයුරින්මයි. දැන් එය වෙනම වෙළඳපලක් සහිතව තනි ප්‍රකාශනයක් විදිහට පවත්වාගෙන යන්නේ බොහෝ කලක සිටන්. “සතුට”ටත් එවන් කලක් එනවානම් කදිමයි. ඒත් එය බොහෝ සාධක මත රඳාපවතින්න සිදුවෙනවා.

මුලින්ම චිත්‍රකතා කරුවන් අළුත් පරපුරට ගැලපෙන ලෙස කතා සහ චිත්‍ර ශෛලිය තරමකට හෝ වෙනස් කරගන්න වෙනවා. 70 සහ 80 දශකයේදී තිබුණ චිත්‍රකතා ආකෘතියම නැවතත් එළිදක්වන්න යනවානම් “සතුට”ටත් ළදරු මරණයක් ලැබීම වළක්වන්න බැහැ. තරූ, අරවින්ද, කුමාර වැන්නන් මේ වෙනස අවබෝධ කරගත් දක්ෂයන්. එහෙත් පැරණි චිත්‍රකතාකරුවන් බොහොමයක් ඔවුන්ගේ ආකෘතියෙන් පිට පනින්නට අකමැතියි.

දැන් “සතුට” පළමු කලාපය ගැන කතාකරමු. මුල් පිටුව අතිශයින්ම ප්‍රියජනකයි. ඇන්දේ තරූ වෙන්න ඇති. ඉතාම සුන්දර ගැටිස්සියක්ගේ පින්තූරයක්. ඒත් අනිත් චිත්‍රකතාවල චිත්‍රත් එකතු කර ඇති නිසා මුල් චිත්‍රයට අසාධාරණයක් වෙලා වගෙයි. ඒත් එක්කම අඩුම ගානේ මුල්පිටුවවත් ටිකක් දීප්තිමත් කඩදාසියක මුද්‍රණය කරන්න පුළුවන්නම් හොඳයි. සාමාන්‍යයෙන් විජය ප්‍රකාශන අනිත් පත්තර ඔක්කොටම වඩා හොඳ කඩදාසි භාවිතා කරන ආයතනයක්. “සතුට” පත්තරේටත් එවැනිම කඩදාසියක් භාවිතා කරනවානම් අගෙයි. පත්තරේ නොමිලේ බෙදන නිසා මුලදී ඒක පාඩුවක් වේවි. ඒත් අනාගතය ගැන සුබවාදී විදිහට හිතනවානම් මේක වියදමකට වඩා ආයෝජනයක් වේවි. මම දන්න විදිහට “සතුට” නිසාම දැනටමත් බදාදා ලංකාදීප පත්තරේ වෙනදාට වැඩියෙන් විකිණෙනවා.

අනිත් එක සතුටේ වර්ණ සංයෝජනය පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. පිටු බොහොමයක් අඳුරුයි. මුද්‍රණ ශිල්පය මෙතරම් නොදියුණු ඒ කාලයේ වුණත් චිත්‍රකතා පත්තර බොහොම දීප්තිමත්. ඒ නිසා වර්ණ සංයෝජනය කරන අය මේ ගැනත් ටිකක් හිතුවනම් හොඳයි මම හිතන්නේ.

දෙවෙනි පිටුවේ ප්‍රගීත් අබේධීරගේ Thinකිං හොඳ ආරම්භයක් පෙනවනවා. නමුත් ඔහුගේ චිත්‍ර මීට වඩා හොඳට තිබුණා මුල් කාලේදී.

තලංගම ජයසිංහගේ “යකඩ ගෑනි” විකට කතාවක්. මැද පිටුවේ කාටුන් ඒකට අමතරව තවත් විකට කතාවක් අවශ්‍යද කියන එකනම් ප්‍රශ්නයක්.

ඇන්ටන් බී. පෙරේරා කවදත් බටහිර ගොපලු (cowboy) චිත්‍රකතා අඳින්නෙක්. “අඩියෝස් අල්වාරෙස්” සුපුරුදු ගොපලු කතා ආරම්භයකට සුදුසු අයුරින් පටන් ගන්නවා. වයසට ගියත් ඇන්ටන්ගේ චිත්‍රවල හෝ අකුරුවල ගුණාත්මකභාවය එලෙසින්ම පවත්වාගෙන යන බව පෙනෙනවා. ගොපලු කථාවලට ආගන්තුක වර්තමාන තරුණ තරුණියන්ට මෙය හොඳ පිවිසුමක් වේවි.

ඉන්ද්‍රජිත් රන්ජන්ගේ “මගේම ආදරයක් තිබුණා” ඉන්ද්‍රජිත්ගේ පැරණි කතා ශෛලියෙන් වෙනස් බව පේනවා. හැබැයි මම පෞද්ගලික ආසවනම් ඔහුගේ පැරණි ශෛලියට. විශේෂයෙන්ම ගම්බද සුන්දරත්වය පෙන්වූ “සඳා” වැනි කථාවලට.

තරූගේ චිත්‍රවලට මම කවදත් ආසයි. ජපානයේ “මන්ගා” සම්ප්‍රදායේ චිත්‍ර අඳින අපිට ඉන්න හොඳම චිත්‍රශිල්පියෙක් තමයි තරූ. තරූ නව යොවුන් වියේ ආදර කථාවලට සුදුසුම ශිල්පියෙක්. ඉතාම සුරතල් බොන්ක්කියන් වැනි කෙල්ලන් සහ දඟකාර කොල්ලන් අඳින්න තරූ තරම් හොඳ කෙනෙක් මම තවත් දැකලා නැහැ.

සුසිල් ජයන්තගේ “සකෝ” කාටුනයනම් කැමිලස් වගේ ශිල්පියෙක්ගේ අහලකින්වත් යන්නේ නැහැ. ඒත් ඉතිං අළුත් අයටත් හැදෙන්න කලක් යාවිනේ.

අනුර ශ්‍රීනාත්ගේ නමක් නැති තනි පිටුවෙන් නිමවෙන කතාව ආදර්ශමත්. අනුර මෙවැනි කතා දිගටම වෙනත් පත්තරවලට ඇන්දා. ඒත් ඔහුගේ චිත්‍රවල තත්ත්වය පහළයාමක්නම් පෙනෙනවා.

සරත්මධු කියන්නේ “චිත්‍රකතා ලෝකයේ රජු.” ඒත් දැන් වයස්ගත නිසාදෝ ඔහුගේ චිත්‍ර සහ අකුරුවල පෙර තිබූ ලස්සන දැන් නැහැ. අනික ඔහු තවමත් 70 ගණන්වල ආකෘතියෙන් බැහැරවෙලා නැහැ. ඒ නිසා ඔහුගේ කතා ඒකාකාරී බවක් තමයි පෙනෙන්නේ. චිත්‍රකතා ශිල්පියෙක් ලෙස ඔහුගේ කාලය ඉක්මනින් අවසන් වෙන බවක් පෙනුණත්, නැවත වතාවක් මහන්සි වුණොත් ආපසු පැරණි සුන්දර කාලයට පැමිණෙන්න ඔහුට හැකි වෙන්නත් පුළුවන්.

සිනෙත් බැද්දගේගේ “සිව්මකරුමයාගේ දෝණි” ඔහුට ආවේණික ගමේ කතාවක්. මම පුද්ගලිකවනම් සිනෙත් ප්‍රියකළ කෙනෙක් නෙවෙයි. ඒත් ඔහුට විශාල රසික පිරිසක් හිටියා.

ටිඩී අබේසූරියගේ “සන්නස” අතීත වීරකතාවක්. මෙවැනි කතා එකක් හෝ තිබීම චිත්‍රකතා පත්තරයකට වැදගත්.

අරවින්දගේ “වගුරුබිම” ආරම්භක අංගය නිසා වැඩි යමක් කිව නොහැකි නමුදු ඔහෙගේත් චිත්‍රවල ආකර්ෂණීය ගතිය අඩුවී ඇතිබව පේනවා.

අවසන් පිටුවේ ඇති නමක් නැති කතාව මහජන බැංකුවේ දැන්වීමක් බව පෙනෙනවා. පත්‍රයේ වියදම පියවා ගැනීමට වෙළඳ දැන්වීම් පළකිරීම ගැන විරුද්ධ වීමට අපට නොහැකි වුණත් මේ කතාව අඩංගු පිටුවේ “දැන්වීමකි” යන්නවත් සඳහන් කළානම් සදාචාරවත්. අනිත් එක වෙළඳ දැන්වීම් ඵලකරනවානම් ඒවාට ඉඩ ගැනීමට අනෙක් චිත්‍රකතා පිටු ගණන අඩු නොකොට අඩුම තරමින් පිටු 16ක් චිත්‍රකතා සඳහා පමණක්ම වෙන්කරනවානම් හොඳයි.

නවක චිත්‍රකතා ශිල්පීන් උනන්දු කරවීමට අඩුම තරමින් එක පිටුවක් හෝ වෙන්කර තනි කතාංගයක කථාවන් හෝ ලියන්නට, අඳින්නට ඔවුන්ට ආරාධනා කළානම් වටිනවා.

පැරණි වට්ටෝරුවේ වුණත් වීරයකුගේ කතාවකුත් එකතු කළානම් හොඳයි. යුනිකෝ, ටෝගා නිසාම චිත්‍රකතා පත්තර කියවූ පිරිසකුත් හිටියා.

මේ ලිපිය ලියන අතරතුරදී චිත්‍රකතා ලෝලීන් වන වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මොහාන් සමරනායක සහ ප්‍රධාන ඉංජිනේරු වසන්ත සමරක්කොඩි, චිත්‍රකතා සංරක්ෂණය සහ නැවත ප්‍රචලිත කිරීමේ වර්තමාන පුරෝගාමියකුවන “නිමංසා” ආයතනයේ නිර්මාතෘ වසන්ත පරණවිතාන, චිත්‍රකතා කලාවේ අමතක කළ නොහැකි දායකත්වයක් ලබාදුන් කලාකරුවකු වන ජූඩ් ශ්‍රීමාල් මහත්වරුන්ට කතා කළා. ඔවුන්ගේ අදහස් දක්වීම්වලටත් බොහොම ස්තුතියි. මේ සමග පළකර ඇති චිත්‍ර දෙක ලබාදීම සඳහාත් වසන්ත පරණවිතානට විශේෂ ස්තුතිය හිමිවෙනවා.

අපි සැවොම බලා සිටින්නේ “සතුට” චිත්‍රකතා ලෝලීන්ට දිගින් දිගටම වින්දනය සහ ආනන්දය ලබදෙනතුරු. මේ උත්සාහයත් අතරමග නතරවුණොත් යළිත් ශ්‍රී ලාංකික චිත්‍රකතා දෙපයින් නැගිටවීමට හැකිවේදැයි සිතීමට අපහසුයි.

“සතුට” චිත්‍රකතා පත්‍රයේ සියලුම පිටු ස්ටෙප්ලර් කටු ගසා අමුනලා තමයි එන්නේ. ඒත් ඒ දවස්වල මෙහෙම කළානම් චිත්‍රකතා ලෝලීන් කැරලි ගහන්නත් ඉඩ තිබුණා. හේතුව එක්කෙනෙක් මුළු පත්තරේම කියවල ඉවරවෙනකල් අනිත් අයට ඉවසගෙන ඉන්න බැරි වුණ එක. ඒ නිසා පත්තරේ පිටු බෙදාගන්න පොරකනවා. ඒ තරම් පාඨකයන් චිත්‍රකතා පත්තරයට උනන්දුයි. ඒ නිසා “සතුටේ”ත් ඉක්මනට කටු ගලවන පාඨක පිරිසක් බිහිවේවා කියලා ප්‍රර්ථනා කරමු.

"සතුට" ප්‍රචාරක දැන්වීමක්

“සතුට” ප්‍රචාරක දැන්වීමක්

My Secret Story of Unrequited Love on Valentine’s Day


Unrequited Love

Unrequited Love

I know I am not a professional in any form of arts. I love drawing, music, singing, dancing but never had the luxury of having a proper teacher for any of those fine arts. I did the drawing above when I was 23 years old. The girl in the drawing, I met in my early 20’s whom I admired immensely and also “loved” truly, deeply madly a lot, not because of her amazing beauty, but because of her charming smile and the refined qualities one can never expect from a young girl of her age. But I never let her know my innermost feelings or at least that I was interested in her. I did not want to lose her as a friend in case she happened to reject my love. She still doesn’t know I “loved” her and probably won’t know it till my death I guess. It is too late now anyway!!!  There’s something terribly tragic about unrequited love. Some have even ended their lives over it. Yet in a sense what could be more romantic? An “untried” love is virtually without limits precisely because, never really having begun, there’s been no time for disillusionment to set in. The beloved — frequently distant, uninterested, unavailable, or unapproachable — can remain an object of indefinite idealization. For there are a few subjects as peculiarly subjective, or ambiguous, as love in general — and unrequited love in particular.

As a lover it’s difficult not to project your boundless feelings of fondness onto the beloved. But when it becomes blatant that these feelings aren’t recognized—and if so, certainly aren’t reciprocated — the ensuing disappointment and hurt can be immeasurable. The famous line, “She doesn’t even know I exist,” is so familiar because the experience itself is so common. Which one of us hasn’t at some point of time experienced the pangs of a love that’s not reciprocated?

It’s no wonder that so many poets have written about unrequited love. For when their emotions have become so overwhelming, so agitating, anxiety-laden, or consuming, how could they not be driven to search for just the right words, images, and metaphors to express — or better, release — such intense feelings?

The song I have copied on the attached page is a Hindi song I fell in love when I first heard and sung by the legendary singer Kishore Kumar in the film “Kalakar” which was released in 1982 – 10 years after I was born. The song is “Neele Neele Ambar Par” and it is still popular and there are some new remixed versions too. But I feel the original sung by Kishore is the best and the guitar music in this song was amazingly creative and beautiful. I tried to learn to play guitar, just to be able to play the long guitar music in this song, but had to give it up as I discovered that I have no aptitude for stringed musical instruments. Earlier I have tried the sitar, esraj and violin with not much success, so I gave up all and stayed with electronic organ.

I found the Hindi lyrics of this song in a Sri Lankan youth’s weekly and it had a Sinhalese translation too. All I did was translating the Sinhala version into English with the limited English knowledge I had when I was 23 years old. I would have done very much better if I did the translation today, but I will stay with what I wrote at first. It won’t make any sense by upgrading it with the newly found language skills I possess now. Although with flaws, I prefer the first translation as it came from deep within my soul.

(Like it happens with most of the nostalgic songs such as this, the original video from the movie does not do the justice to your imagination.)

This will not be of much importance to my readers, but to me it’s of great consequence and importance. The scanned page is now old, torn, disfigured and discolored. But can’t help it. I found it recently in a heap of old documents that were still intact in an old box.

In fact, I drew this picture to present it to the girl that I have mentioned in this article but, I could not muster the courage to give it to her. I am not certain that I regret for not doing so or just be content that it kept in an old box without giving her as unreciprocated love is always sweeter till death. Maybe even after death for that matter.

Anyhow, here are the best quotations I could find about unrequited love. I think you’ll find them not only suggestive, but evocative as well.

  • “To burn with desire and keep quiet about it is the greatest punishment we can bring on ourselves.” ~ Federico García Lorca, Blood Wedding
  • “Unrequited love does not die; it’s only beaten down to a secret place where it hides, curled and wounded. For some unfortunates, it turns bitter and mean, and those who come after pay the price for the hurt done by the one who came before.” ~ Elle Newmark, The Book of Unholy Michi
  • “Every broken heart has screamed at one time or another: “Why can’t you see who I truly am?” ~ Shannon L. Alder
  • “Unrequited love is the infinite curse of a lonely heart.” ~ Christina Westover
  • “When unrequited love is the most expensive thing on the menu, sometimes you settle for the daily special.” ~ Miranda Kenneally, Catching Jordan
  • “Unrequited love is a ridiculous state, and it makes those in it behave ridiculously.” ~ Cassandra Clare
  • “He could remember all about it now: the pitiful figure he must have cut; the absurd way in which he had gone and done the very thing he had so often agreed with himself in thinking would be the most foolish thing in the world; and had met with exactly the consequences which, in these wise moods, he had always foretold were certain to follow, if he ever did make such a fool of himself. ~ Elizabeth Gaskell, North and South
  • “If music be the food of love, play on, give me excess of it; that surfeiting, the appetite may sicken, and so die.” ― William Shakespeare, Twelfth Night
  • “I have to admit; an unrequited love is so much better than a real one. I mean, it’s perfect… As long as something is never even started, you never have to worry about it ending. It has endless potential.” ― Sarah Dessen, The Truth About Forever
  • “One is never too old to yearn.” ~ Italian Proverb

(The blurred picture on the top right side is me on the railway bridge just opposite “Madol Doowa” in Koggala. My friend Amal Bopage captured this and I don’t have any of those pictures with me now.)

I never knew today was Valentine’s Day when I got the editing support for the above write up from my  friend, Mr. Lionel Balasuriya, California, the USA last night. It was he who reminded me of the importance of the day hence it would be ideal to post this today.

Nile Nile Ambar Par Chand Jab Aaye – Hindi Lyrics in Romanized English

Song: Nile Nile Ambar Par Chand Jab Aaye
Movie: Kalakaar
Singer: Kishore Kumar
Lyricist: Indeevar

Nile nile ambar par chand jab aaye, pyar barsaye hamko tarsaye
Aisa koyee sathee ho aisa koyee premee ho, pyas dil kee bujha jaye

Nile nile ambar par chand jab aaye, pyar barsaye hamko tarsaye
Aisa koyee sathee ho aisa koyee premee ho, pyas dil kee bujha jaye
Nile nile ambar par chand jab aaye, pyar barsaye hamko tarsaye

Oh… unche unche parvat jab chumate hain ambar ko
Pyasa pyasa ambar jab chumata hai sagar ko
unche unche parvat jab chumate hain ambar ko
Pyasa pyasa ambar jab chumata hai sagar ko

Pyar se kasne ko baaho me basne ko
Dil meraa lalchaye koyee toh aa jaye
Aisa koyee sathee ho aisa koyee premee ho
pyas dil kee bujha jaye

Nile nile ambar par chand jab aaye,
pyar barsaye hamko tarsaye

Oh… thande thande jhonke jab baalo ko sehlaye
Tapatee tapatee kirane jab gaalo ko chhu jaye
thande thande jhonke jab baalo ko sehlaye
Tapatee tapatee kirane jab gaalo ko chhu jaye

Saanso kee garmee ko hatho kee narmee ko
Meraa mann tarsaye koyee toh chhu jhaye
Aisa koyee sathee ho aisa koyee premee ho
Pyas dil kee bujha jaye

Nile nile ambar par chand jab aaye,
pyar barsaye hamko tarsaye

Hey… chham chham karta sawan bundo ke ban chalaye
Satrangee barsato me jab tan man bhiga jaye
chham chham karta sawan bundo ke ban chalaye
Satrangee barsato me jab tan man bhiga jaye

Pyar me nahane ko dub hee jane ko
Dil meraa tadpaye khwab jaga jaye
Aisa koyee sathee ho aisa koyee premee ho,
pyas dil kee bujha jaye

Nile nile ambar par chand jab aaye,
pyar barsaye hamko tarsaye
La la la…………

සිංහල පරිවර්තනය
(මෙය කවරකු විසින් පරිවර්තනය කළාදැයි නොදනිමි.)

ආදරයේ කිමිදීමට මා සිත ආශා කරයි

මේ නිල්වන් අම්බරයේ සඳ නැග එනවිට,
ආදරයේ වැසි වසීවී – මා සිත කැළඹේවි.
හදෙහි ආදර ගිනිදැල් නිවිය හැකි,
කිසියම් සහකාරියක් සිටීද?
පෙම්වතියක් සිටීද?

මේ උස්වූ කඳුවැටිය අම්බරය සිපගන්නාවිට,
පිපාසිත අම්බරය සාගරය සිපගනීවී.
ආදරයේ කිමිදීමට – දෑතේ වෙලීමට,
මා හද ආශා කරයි.
එවන්නියක සිටීනම් පැමිණේවා.

සිසිල් සුළං රොදක් කෙස්කළඹ පිරිමදිනවිට;
උණුසුම් හිරුකිරණ කොපුල් පිරිමදිනවිට;
උණුසුම්වූ සුසුම්, සුසුම් හෙළනවිට;
සියුමැලි දෑතක පහස විඳීමට මා සිත ආශාකරයි.
එවන්නියක සිටීනම් මා වැළඳගන්න.

ගී ගයන වලාවෝ වැහිබිඳු හීසර එවාවි,
දේදුනු තුළින් පතිතවන වැහිබිඳුවලින්,
ගතසිත පුබුදු කරාවි.
ඒ මල් වැස්සේ තෙමීමට – ආදරයේ කිමිදීමට,
මාසිත ආශා කරයි.
මෙවන් සිහින මාසිත තුළ බිහිවේවි.

My Feeble English Translation

My Heart Long for Dive in Love

When the moon is rising in this azure sky,
It’ll rain the rain of love – my mind will panic.
Is there a partner – or a lover,
To put out the flames of love in my heart?

When the high mountain range kisses the sky,
The thirsty sky will kiss the sea.
My heart long for,
To dive in love – to touch the hand,
If there is one such, let her come.

When a cool breeze touches my hair,
When the warm sun-rays kiss my cheeks,
When the warm sighs sigh,
My mind will like to feel the pleasure of a soft hand.
If there is one such, embrace me.

The singing clouds will send the arrows of raindrops.
I’ll be freshened,
By the raindrops that fall from the rainbows.
My mind will like,
To get wet in that drizzle – to dive in love.
Such dreams will be born in my mind.
(August 23, 1995)

This is a much better translation from https://lyricstranslate.com

In the Blue Sky


When the moon comes in the blue sky
It showers love and makes me desperate
That I have a companion, I have a lover
that quenches the thirst of my heart

When the moon comes in the blue sky
It showers love and makes me desperate

When the tall peaks kiss the sky
When the thirsty sky kisses the sea
To hold lovingly, and sit in snug arms
My heart desires, wish someone comes to me!

That I have a companion, I have a lover
that quenches the thirst of my heart
When the moon comes in the blue sky
It showers love and makes me desperate

When the cool breezes ruffle the hair
And the sweltering sunrays caress the cheeks
For the heat of breath and the softness of palms
My heart longs, wish someone touches me!

That I have a companion, I have a lover
that quenches the thirst of my heart
When the moon comes in the blue sky
It showers love and makes me desperate

The splattering monsoon shoots arrows of raindrops
My heart and body get drenched in these colourful rains
To douse in love, and to finally get drowned
My heart yearns and generates dreams

That I have a companion, I have a lover
that quenches the thirst of my heart
When the moon comes in the blue sky
It showers love and makes me desperate

කූජනය නිමකළ කෝකිලයා – අමරදේව


අමරදේව

අමරදේව

මුලින්ම සඳහන් කළ යුතු දෙයක් වෙයි. එනම් මේ ලිපියට ශීර්ෂය ලෙස යොදාගත් “කූජනය නිමකළ කෝකිලයා” යන්න ණයට ගත් යෙදුමක් බවයි. මේ ශීර්ෂය මා දුටුවේ මොහොමඩ් රෆී 1980 දී මියගිය පසු එවකට ජනප්‍රිය “මනහර” සඟරාවේ ඔහු ගැන පළවූ ලිපියකිනි. එය හෙළයේ මහා ගාන්ධර්ව අමරදේවටද එලෙසින්ම අදාළ වන්නේ රෆී මෙන්ම අමරදේවද තම ජීවිතවල අවසානය දක්වාම කූජනය නොනැවත්වූ කෝකිලයන් නිසාය. රෆී ජීවත්වූයේ අවුරුදු 55ක් තරම් කෙටි කාලයකි. එහෙත් අමරදේව අවුරුදු 88ක්ම අපව රසවත් කිරීම ඔහුගේ වාසනාවට වඩා අපගේ වාසනාවයි.

මුලින්ම අමරදේව පිළිබඳ මතකයට එන්නේ මා පාසල් සිසුවකු වූ කාලයේ ඔහු ගුවන්විදුලියෙන් ගී ගැයූ අයුරුය. එයිනුත් (මට මතක හැටියට ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කළ) “ආරාධනා ස්වර දැහැන” විශේෂයෙන් මතකයට නැගේ. එකල අමරදේවගේ ගී රසවිඳීමට තරම් නොමේරු කොලු ගැටයකු වූ මම සමහරවිට අමරදේවගේ සමහර ගී පමණක් – තනුව සහ සංගීතයේ රසවත් බව නිසාම – ප්‍රිය කළෙමි. “රන් දහදිය බිංදු බිංදු” වැනි කර්ණ රසායන ගී උදේ “අරුණ කිරණ” ගී එකතුවෙන් අප අසා සිටියේ පාසල් යාමට සූදානම් වෙමින් සිටියදීය. එකල උදේ අපට ඇසුණේ උත්සාහය වඩවන, ජාත්‍යාලය වර්ධනය වන ගීත මිස අද මෙන් ප්‍රේම විලාප නොවේ.

1980 දශකයේ (ලොකු අයියාට පිං සිද්ධවෙන්නට) කාර් බැටරියෙන් නැරඹිය හැකි කළුසුදු රූපවාහිනියක් ගෙදරට පැමිණි පසු අමරදේව සමග තිබූ මගේ ඇයි හොඳයිය නරක අතට ගියේ ඔහු ගී ගයනවිට කළ අංග චලනයන් නොමේරු අප විසින් විහිළුවකට ගත් නිසාය. ඒ නිසාම ඔහු රූපවාහිනී තිරයට සම්ප්‍රාප්ත වන විට (මාරු කිරීමට වෙන නාලිකාවක් එකල නොවූ නිසා) රූපවාහිනිය වසා දැමීමට තරම් මම දරුණු වූවෙමි. ඒ මන්ද ඒ වන විට මම ප්‍රිය කළේ ක්ලැරන්ස්, ජෝතිපාල, ඉන්ද්‍රානි පෙරේරා, මරියසෙල් වැනි තරු නිසාය. (ගී ගැයීමේදී අමරදේවගේ අංග චලනයන් භාව ප්‍රකාශනයේ කොටසක් බව දැනගත්තේ බොහෝ කලකට පසුය.)

අමරදේවගේ ගීතවල රසය දැනෙන්නට පටන් ගත්තේ මුල් වරට අවුරුදු 17දී ප්‍රථම ප්‍රේමයෙන් පරාජය වූ පසුවය. (තේරෙන සිංහලෙන් කීවොත් පළමු බූට් එක කෑවාට පසුවය.) නින්ද නොයන දීර්ඝ රාත්‍රිවල අමරදේවගේ හඬ, සංගීතය සමග ඔහුගේ ගීවල අරුත තේරුම් යන්නට පටන් ගති. සඳ තරු නිහඬයි, මල හිරු බසිනා, නිම් හිම් සෙව්වා, පෙර දිනයක මා පෙම්කළ යුවතිය, කොළොම්තොට, හන්තානේ කඳු මුදුන සිසාරා, මේ ගුරු පාරේ, මහ වැස්සක පෙර නිමිති වැනි ගීතවල අරුත නව අයුරකින් විඳින්නට හැකි විය. මටත් නොදැන මම අමරදේව ප්‍රේමියකු වූවෙමි. ඔහුගේ ගීත සොය සොයා ඒ දිනවල ගීත බෙදා හදා ගැනීමට තිබූ ප්‍රධානම ක්‍රමය වූ කැසට් පට යාළුවන් සමග හුවමාරු කර ගන්නට පටන් ගතිමි. මම ඉන් පෙර කිසිදු දිනක ගීතවල පදමාලා ගැන කිසිම අවධානයක් නොයෙදුවෙමි. මට අවශ්‍ය වූයේ ගීතවල තනුව, සංගීතය සහ මිහිරි හඬ පමණි. මේ නිසාම මගේ සංගීත ලෝකයේ ඒ වනවිට (මෙන්ම අදටත්) වීරයන් වුයේ කිශෝර් කුමාර්, මොහොමඩ් රෆී, නසියා හසන්, ආශා බෝශ්ලේ, මයිකල් ජැක්සන්, ග්ලෝරියා එස්ටෙෆාන්, ක්ලැරන්ස් විජේවර්ධන, මරියසෙල් ගුණතිලක වැන්නන්ය. නමුත් ප්‍රථම ප්‍රේමය පරාජය වීම අමරදේවයන්ගේ ගීත රසවිඳීම සඳහාම සිදුවූ වෙස්වලාගත් ආශීර්වාදයක් විණි.

නව යොවුන් විය පසු කළ පසු අමරදේවයන්ගේ අනෙකුත් අගනා නිර්මාණයන් වන කුමරියක පා සළඹ සැලුනා, ජගන් මෝහිනී, වැලි තල අතරේ, මාල පබළු වැල්, වැලි තල අතරේ, ශාන්ත මේ රෑ යාමේ, ඉර හඳ පායන ලෝකේ වැනි අරුත්බර ගීතවලට පෙම් බඳින්නට පටන් ගතිමි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “වලේ” සංවිධානය කළ ඉතාම දුලබ වර්ගයේ සංගීත ප්‍රසංගයක් වූ අමරදේව – රූකාන්ත සංදර්ශනයේදී අමරදේවයන් කිසිම ලෝබකමක් ඉරිසියාවක් නොමැතිව රූකාන්තගේ සංගීත හැකියාවන් ඉතා ඉහළින් වර්ණනා කිරීම මේ අගනා කළා කරුවාගේ තිබූ නිහතමානිත්වය මොනවට පෙන්වූ අවස්ථාවකි. මොවුන් දෙදෙනාම යුගයන්නි යෝජනය කළ දක්ෂ සංගීතවේදීන් වුවත් බොහෝ අය රූකාන්ත, ක්ලැරන්ස්, ජෝතිපාල වැන්නන්ට ඉතිහාසයේ හිමි තැන දෙන්නට තවමත් මැලිකමක් දක්වන්නේ හුදෙක් කුහක කම නිසාම මිස අන් කිසිවක් නිසා නොවේ.

අමරදේවයන් තබා ගිය හිස්තැන වැසීමට හැකි වෙනත් කලාකරුවෙකු දැනට හෝ ඉදිරියට බිහිවේ යයි සිතීම උගහටය. එවන් කලාකරුවන් බිහිවන්නේ ජාතියේ පිනටය. අවාසනාවකට මෙවන් අනභිභවනීය කලාකරුවන් පෞද්ගලික වශයෙන් බොහෝ දුඃඛිත ජීවිත ගත කර වියෝ වෙති. අමරදෙවටත් මෙය පොදුවූ බව මම අසා තිබේ. මියගිය පසු කලාභවනේ අවමඟුල් උත්සවය පැවැත්වීම, අලංකාර සොහොන්කොත් නිමැවීම හෝ පාරක්, කලාගාරයක් ඔවුන් නමින් නම් කිරීමට වඩා මෙවන් විශේෂිත කලාකරුවන් ජීවත්ව සිටියදී රැකගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතු වන්නේ මෙවැන්නන් “රිඟිං ටෝන්” සංස්කෘතියෙන් එහාට ගිය දුලබ පිරිසක් නිසාය. වෙනත් අයුරකින් කිවහොත් ඔවුන්ගේ ගීත “මාකට්” කරගැනීමට නොදන්නා හෝ අකමැති නිසාය.

මම අමරදෙවගේ ගීතවලින් වැඩිම වශයෙන් ප්‍රිය කරන්නේ “පාවෙනා නිල් වලාවේ” ගීතයයි. එයටද විශේෂ හේතුවක් තිබේ. ඒ 80 දශකයේ ගුවන් විදුලියේ සමහර සවස් කාලවල මේ ගීතයේ ඉතාම මිහිරි අනුවාදනයක් සැක්සෆෝනයකින් වයනු ප්‍රචාරය වූ නිසාය. මම ඒ අනුවාදනයට පුදුම ආශාවකින් සවන් දුනිමි. එහි මුල් ගීතය “පාවෙනා නිල්වලාවේ” බව දැනගත්තේ පසු කලෙක ඒ ගීතය මුල්ම වරට ඇසුණ දිනය. මම තවමත් මේ මිහිරි අනුවාදනය අන්තර්ජාලය පීරා සහ ගුවන් විදුලියේ මගේ මිතුරන් හරහා සොයා ගැනීමට උත්සහ කළත් එම උතසාහය තවමත් සාර්ථක නොවුණි. හොයා ගත හැකි වූයේ එම ගීතයේ ස්ටැන්ලි පීරිස්ගේ සැක්සෆෝන් අනුවාදනයක් පමණි. එයද ඉතා කදීම වුවත් මා සොයන්නේ මුල් අනුවාදනයයි. (මා අදටත් වැඩිම ආශාවක් ඇති සංගීත භාණ්ඩය සැක්සෆෝනයයි. නමුත් එහි මිල මට දරාගත නොහැකිය. මසකට පෙරත් කොළඹ YAMAHA MUSIC CENTER වෙත ගොස් මිල පරීක්ෂා කිරීමේදී සුදු පැහැති සැක්සෆෝනයක් රුපියල් ලක්ෂයකටත්, රන් පැහැ සැක්සෆෝනයක් රුපියල් එක් ලක්ෂ පනස්දහසකටත් විකිණීමට තිබිණි. අද වෙන තුරුත් සැක්සෆෝනයක් අතගා බැලීමටවත් මට වාසනාවක් ලැබී නැත. කවදා හෝ සැක්සෆෝනයක් මිලදීගෙන වාදනය කිරීමේ සිහිනය මම මියයාමට පෙර සැබෑකරගත හැකිවේනම් කදිමය.)

එක්තරා යුගයක (1990 ගණන්වල මුල් කාලයේ ආසිරි පෞද්ගලික රෝහලේ සේවය කරන කල) මම සිටියේ නුගේගොඩ ඉන්දික මල්ලීගේ බෝඩිමේය. මේ වන විට මම ආසිරි රෝහලේම සේවය කළ සහෝදර හෙදියක් (උද්‍යානි සෙනෙවිරත්න) සමග රෝහලේ සමහර උත්සවවලදී හින්දි ගීත ගායනා කිරීමට පටන් ගත් කාලයයි. ඒ නිසා මටත් තරමක් හෝ ගීත ගායනා කිරීමට හැකියැයි මම සිතා සිටියෙමි. (ඒවා අනෙත් අයට අසාගෙන සිටීමට හැකිද යනු වෙනම කතාවකි.) අමරදේවගේ ඉහත ගීතයට තිබුණ අසීමිත ආශාව නිසාම යහළුවකුගෙන් ඉල්ලාගත් විදුලි ඕගනයක් වයමින් මේ ගීතය ගැයීමට උත්සාහ කළෙමි. ඉතා අසීරුවෙන් එම ගීතයේ “පාවෙනා” කොටස ගායනා කළ පසු මේ ඉන්දිකයා කිසිම අනුකම්පාවකින් තොරව එහි පහසු කොටස වූ “නිල්වලාවේ” කොටස ගයයි. ඔහු ඉතාමත් අනුකම්පා විරහිත ලෙස මම අසීරුවෙන් ගයන ලද ගීතයේ පහසු කොටස ගයන එක කිසිදාක නැවැත්වූයේ නැත. බැරිම තැන මම අමරදේවගේ ගීත ගායනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමි. (එයද ජාතියේ පිනට සිදුවූ දෙයක් බව මම විශ්වාස කරමි.)

මේ අලංකාර චිත්‍ර ඇඳි සිත්තරුන්ට මගේ ප්‍රණාමය.

If


Read below Rudyard Kipling‘s great poem “If.” This is the only thing that keeps me going during worst times I pass. If not for this, I would have given up long time ago.

You can listen to the audio version of this poem if you click this link. http://www.poetryfoundation.org/poem/175772

Rudyard Kipling

Rudyard Kipling

If— BY RUDYARD KIPLING

If you can keep your head when all about you
Are losing theirs and blaming it on you,
If you can trust yourself when all men doubt you,
But make allowance for their doubting too;
If you can wait and not be tired by waiting,
Or being lied about, don’t deal in lies,
Or being hated, don’t give way to hating,
And yet don’t look too good, nor talk too wise:

If you can dream—and not make dreams your master;
If you can think—and not make thoughts your aim;
If you can meet with Triumph and Disaster
And treat those two impostors just the same;
If you can bear to hear the truth you’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things you gave your life to, broken,
And stoop and build ’em up with worn-out tools:

If you can make one heap of all your winnings
And risk it on one turn of pitch-and-toss,
And lose, and start again at your beginnings
And never breathe a word about your loss;
If you can force your heart and nerve and sinew
To serve your turn long after they are gone,
And so hold on when there is nothing in you
Except the Will which says to them: ‘Hold on!’

If you can talk with crowds and keep your virtue,
Or walk with Kings—nor lose the common touch,
If neither foes nor loving friends can hurt you,
If all men count with you, but none too much;
If you can fill the unforgiving minute
With sixty seconds’ worth of distance run,
Yours is the Earth and everything that’s in it,
And—which is more—you’ll be a Man, my son!

Nilminimala – A Hazel-Eyed Budding Young Artist


Nilminimala Smile

Nilminimala Ariyarathna

This was written by me in March, 2000

Having seen some extraordinarily beautiful paintings that were done by a young village lass, I was desperate to meet the artist. She lived in a very remote typically traditional village on the outskirts of Mihinthale, Anuradhapura. I visited the artist personally with a teacher of mine on Sunday the 24 of March 2002. The road to her village was through some beautiful rice fields and a lush jungle. Most fascinating sight was the ancient Maha Kanadarawa reservoir.

nilminimala painting1

Nilminimala with one of her paintings.

We were warmly welcomed by the artist herself, a 20 year old, clad in a traditional dress called ‘cheeththa’. The whole appearance of Nilminimala, the artist, looked more like one of her own paintings. This typically shy village lass had something that most Sri Lankan girls do not possess – hazel eyes. One cannot accept the fact that she is an amateur in painting. The colors she uses, though very cheap ordinary water colors, are amazingly matching. The painting which caught my eyes was the ‘blue lady’s painting done only with different blue shades of the color blue.

Nilminimala Painting2

Nilminimala with one of her paintings.

She draws oil paintings as well. Most of her paintings depict rural village scenes with shepherds, beautiful damsels, people working in rice fields, girls bathing in rivers, etc. Having asked why she paints village scenes she said, “That’s all I see in and around the village. I’m fascinated by the surroundings. I wonder why the city people mock at these villages for the simple fact that the villages are rural. Yes we don’t have the facilities the city folks have, but we have the freedom and the calmness which you’ll never have in a city.”

I too understood that it is the environment that produced this budding artist. She must be the luckiest person to have a mother who teaches in the village school, and a parent who encouraged the child to choose a field like painting in spite of the fact that such proficiency do not have a demand in the job market.

nilminimala painting3

Nilminimala with one of her paintings.

To my question about her future aspects as a professional painter, her reply was;

“I love painting and I do it for fun. I can spend hours on a painting. It takes a long time to finish a good painting”.

Unfortunately she doesn’t know the real value of her own paintings. She says that her paintings have never been appreciated except by her mother and other teachers who taught her art of drawing.

Nilminimala

I showed some pictures that I had edited with a computer and she was greatly impressed and was keen to learn it. Her deep interest indicated that she has the potential of becoming a most talented computer graphic artist too. Buying a computer with the necessary software is far above reach for her.

Nilminimala will be a part of Horizon and Horizon website would be decorated with her artwork with the next update.

P. S.

Unfortunately this plan did not work. Had the plans went the exact way we expected, things would have been very different by now. She could have been the next Picasso. Such a talent going into the waste ………. Life is like that.