ගෝඨාටත් බනිමු. ආර්ථිකයත් ගොඩ දාමු.


අපේ රටේ කුඩාම ඒකකය ගම. පරිපාලන වශයෙන් ඒක ග්‍රාමනිළධාරි කොට්ඨාශයකට, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට, ප්‍රාදේශීය සභාවකට සම්බන්ධයි. මේ දවස්වල ජනමාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල පේන විදිහටනම් ගම්වල හරි ප්‍රශ්න. සජිත්ගේ, අනුරගේ විතරක් නෙවෙයි ගූග්ල් චෙක් එකෙන් ජාමෙ ගැටගහගන්න “මහා පරාක්‍රමබාහුගේ” ඉඳලා අනෙකුත් සියළුම YouTube ගොබිලන්ගේ පඬුපුල් ආසන රත්වෙලා. ගමේ ඔය ප්‍රශ්න වැඩි හරියක් ගම ඇතුළතම විසඳන්න පුළුවන් ඒවා.

මමත් ගමක ඉපදුන, අවුරුදු 33ක් වෙනකල් ගමක ජීවත්වුණ, දැනටත් වෙනත් ගමක ජීවත් වෙන කෙනෙක්. ඒ අතරතුරදී කලින් කළ නගරවල කෙටි කාලයන් ජීවත් වුණා. මම ජීවත් වුණේ ඉතාම කටුක, වියළි කලාපීය ගමක. ඒත් මම දන්නා දේ තමයි ගම කියන ඒකකය තුළ ටිකක් මහන්සි වෙලා වැඩ කළොත් ප්‍රශ්නවලින් ගොඩ එන්න පුළුවන්.

උදාහරණයක් විදිහට අපේ ගමට (මහවිලච්චිය) ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙද්දි පොලිසියේ ශක්තිය පුංචියි. එයාලට පොලීසිය ආරක්ෂා කරන්න පුළුවන් වුණාට විශාල ජනපදයක් ආරක්ෂා කරන්න පිරිස් බලයවත්, ආයුධ බලයවත් තිබ්බෙ නෑ. ඒත් එයාලා සුළු ශක්තිය යොදවලා වුණත් උපරිමයටත් එහා දෙයක් කළා. මිනිස්සු පොලීසියට උපරිම සහයෝගය දුන්නා. (පොලීසිය සහ ගම අතර මේ සුහදතාවය 88/89 ජවිපෙ ත්‍රස්තවාදය කාලෙත් නොබිඳී තිබුණා. කිසිම අනවශ්‍ය අතඩංගුවට ගැනීමක් මා දන්න තරමින් පොලීසිය කළේ නෑ. ඒ වෙනකොට ගමේ පොලීසියේ හිටියෙ ඉතාම බුද්ධිමත් ප්‍රධානියෙක්.

‍සිවිල් ආරක්ෂක භටයන් (ග්‍රාමාරක්ෂකයන් යනු මොවුන් හැඳින්වූ මුල් නමයි.)

යුද්ධය පටන්ගත් මුල්ම කාලෙ ගමේ හමුදාව හිටියෙත් නෑ. පස්සෙ කාලෙක පුංචි හමුදා කඳවුරක් ගමේ කෙළවරක තිබුණත් ගම මූලික වශයෙන්ම ආරක්ෂා කළේ ඒ කාලේ “ගම් බට්ටන්” ලෙස අවඥාවෙන් සැලකූ ග්‍රාමාරක්ෂක (දැන් සිවිල් ආරක්ෂක) භටයන්.මුලින්ම ගමට ප්‍රහාර එල්ල වෙද්දි ග්‍රාමාරක්ෂක භටයන් ලෙස සංවිධානය වූ වැටුප් ලබන භටයෝ හිටියේ නෑ. ගමේම පිරිමි අය අතට අහුවුණු කැති, පොරොව, පොලු අරගෙන රෑ එළිවෙනකල් මදුරුවො තල තලා උපක්‍රමික වශයෙන් වැදගත් තැන්වලට කුඩා කණ්ඩායම් ලෙස රැස්වී ගම ආරක්ෂා කළා. අපෙ අයියාත් අප්පච්චිගෙ බෙහෙත් කොටන තුවක්කුවයි කැත්තකුයි අරන් ගියා. ගමේ තරුණ, වැඩිහිටි අය එයාලම මිලීෂියා එකක් හදාගත්තා. පස්සෙ කාලෙක මෙල් ගිබ්සන් රඟන The Patriot චිත්‍රපටය බලද්දියි තේරුණෙ අමෙරිකානු නිදහස් සටනෙදිත් අමෙරිකානු ගැමියන් එවැනිම ආකාරයට සන්නද්ධ වූ බව. (අනෙත් ගම්වලත් එහෙමයි. බයේ ගම් දාලා ආව අය තමයි දශක ගණන් අනාථ කඳවුරුවල ලැග්ගේ.)

The Patriot

ඕනෙ නම් අපේ ගම්වල අයටත් ජේ. ආර්. ජයවර්ධනට බැණ බැණ ඉන්න තිබුණා. ඒත් එහෙම කළේ නෑ. ජේ. ආර්. ටත් බැන්නා. ගමත් රැක්කා. දැන් ඉතිං ගෝඨාට බැණ බැණ ඉඳලා වැඩක් නෑ. මහන්සිවෙලා ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න හැමෝම හිතට ගත්තොත් ඊළඟ පරම්පරාවට රටක් ඉතිරිවෙයි. ආර්ථිකයත් ගොඩ දාමු. ගෝඨාටත් බනිමු.

බොහොමයක් ගම්වල මූළික යටිතල පහසුකම් (මහාමාර්ග, වාරිමාර්ග, විදුලිය, ජලය, දුරකථන, ඉන්ටෙර්නෙට්, සෞඛ්‍ය) දැනටමත් ලැබිලා ඉවරයි. අපවැනි රටක මේ තියෙන දේවලින් වැඩ අරන් ඊළඟ පියවරට යායුතුයි. ලෝකෙට ණය වුණා හොඳටම ඇති.

ආණ්ඩු විසින් කරන්න ඕනෙ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් පමණයි. ඒවා වෙන්නෙ හෙමින් බව ඇත්ත. ඒ වගේම වැරදි ප්‍රතිපත්ති තීරණවලට විරුද්ධ වෙන එකත් ගම ඇතුළෙන්ම වෙන්න ඕන දෙයක්. ඒක දැනටමත් වෙනවා. පොහොර සිද්ධිය හොඳ උදාහරණයක්. හැබැයි ඒවා වෙන්න ඕන ජවිපෙට හරි සජබෙට හරි හයිජැක් කරන්න දෙන්න බලාගෙන නෙවෙයි. ඒත් වෙලා තියෙන්නෙ ඒක. උන්ගෙ වැඩේ කෙරුණට පස්සෙ උන් අයෙත් ගැමියන්ට (සුපුරුදු පරිදි) බූට් එක තියනවා. ඒත් මේව කිව්වට කවුරුවත් අහන්නෙ නෑ.

One thought on “ගෝඨාටත් බනිමු. ආර්ථිකයත් ගොඩ දාමු.

  1. Farmers and villagers are doing their Duty ,well over properly.
    But the Governing Rulers are not doing anything but Looting the people’s Money.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.